page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / මැදිරිගිරියේ සිසු සිසුවියන් 41ක් සූරිවී අත් කපාගෙන – සිසුවිියෝ 7ක් ඒ අතර

මැදිරිගිරියේ සිසු සිසුවියන් 41ක් සූරිවී අත් කපාගෙන – සිසුවිියෝ 7ක් ඒ අතර

පොළොන්නරුව – මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක අත් කපාගත් සිසුන් 41 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ එම පාසලේ ගුරුවරුන් විසින් මෙම සිසුන් පිරිස පොලීසිය වෙත භාරදුන් බවයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන මෙම සිසුන්ගෙන් කිහිපදෙනෙකු මුලින්ම අත් කපාගෙන තුවාල සිදුකරගෙන ඇති බවයි.

පසුව සෙසු පිරිසද ඔවුන් අනුගමනය කරමින් බ්ලේඞ් සහ කවකටු උපයෝගී කරගනිමින් සිය අත් කපාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස සිසුවියන්ද 7ක් ද සිරුර කපාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිස් භාරයට ගත් සිසුන් දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව දෙමව්පියන් වෙත භාරදී තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සඳහා පොලිස් කණ්ඩායමක් අද දිනයේ එම පාසලට පිටත්ව යාමට නියමිතයි.

Check Also

පෙරහරේ මොනර නැටුම නැටූ අක්ක නගෝ බොර කකුල් අයියා එක්ක අමුතු නැටුමකුත් නටලා

රුහුණු මාගම් පත්තුවේ ගමක ජීවත් වූ අක්ක නගෝ දෙදෙනෙකි. අක්කාගේ වයස අවුරුදු පහළොවකි. නංගිගේ වයස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!