page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / සුව අරණ / දවසම වායුසමනය කරන ලද කාමරවල ඉන්න අය මේ ගැන අනිවා දැනගන්න

දවසම වායුසමනය කරන ලද කාමරවල ඉන්න අය මේ ගැන අනිවා දැනගන්න

වායු සමනය කළ පරිසරයේ සිටින ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළොත් කටහඬට බාධා පැමිණිය හැකියි. දවස් ගණනක ඉදලා ඉරෝමිට හෙම්බිරිස්සාව හැදිලා තිබුණත් එයා අසනීප තත්ත්වේ එතරම් ගණන් ගත්තේ නැහැ. ළඟ ළඟම එන සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටින්නට ඕන නිසා දිවා රෑ නොබලා එයා පුහුණුවීම්වල යෙදුණා. ඉතාම ලස්සන කටහඬක් තිබුණු ඉරොමි කැමතිම විෂය වුණේ සංගීතයයි. ඒත් දෛවයේ සරදමකට වගේ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය ළං වන විට එයාට වචනයක් වත් කථා කරගන්නට බැරි වුණා.

මුලදී අම්මා කොච්චර බෙහෙත් ගන්න යන්න කියලා කථා කළත් වෙලාවක් නෑ පාඩම් කරන්න තියෙනවා කිය කියා බෙහෙත් ගන්න එක පරක්කු කළා. ඒ නිසා අම්මා වෙනිවැල්ගැට, කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නත් ඒවා බොන්නත් එයා එතරම් උනන්දු වුණේ නැහැ.

පරීක්ෂණයට නියමිත දිනය ටිකෙන් ටික ළං වුණා. උගුරේ ඇති වුණු අපහසුතාව නිසා යටපත් වෙලා තිබුණු එයාගේ සුමිහිරි කටහඬින් පරීක්ෂණයට පෙනී සිටින්නට නොහැකි වීම ගැන එයාට ඇති වුණේ ලොකු දුකක්. බැරිම තැන දොස්තර මහත්තයා ළඟට ගිහින් එයාට බෙහෙත් ගන්න සිද්ධ වුණා.

“මම එපා කියද්දීත් ඩොක්ටර් මෙයාගේ වැඩේ උගුර කඩාගෙන රෑ දෙගොඩ හරියේත් පුහුණු වෙනවා. ඒත් මම කළින්ම කිව්ව බෙහෙත් ටිකක් අරගෙන ඉන්න කියලා….” අන්තිමේදී තිබුණු කටහඬත් එයාට තාවකාලිකව නැති වෙලා ගියා.

කොහොම හරි. ඒ බෙහෙත් නිසා විිභාගෙට මුහුණ දෙන්නට තරම් පෙර තිබූ කටහඬ හදා ගන්න එයාට පුළුවන් වුණත් ප්‍රතිකාර ලබා ගන්නවා වගේම උගුර විවේකීව තබා ගැනීම ඉතා වැදගත් බවයි, දොස්තර මහත්තයා පැවසුවේ.

ඇත්තෙන්ම මෙවැනි අත්දැකීම් නිසා ජීවිතයේදී අපි විිවිධ පාඩම් ඉගෙන ගන්නවා වගේම නොදන්නා බොහෝ තොරතුරු පිළිබඳ දැනුමක් ද ලබා ඇත්තෙමු.

ඇත්තෙන්ම ශරීරයට විවිධ ආකාරයේ රෝගාබාධ ඇති වූවත් ඒවාට මේ වනවිට තාක්ෂණයෙන් ලබාදී ඇත්තේ පුදුමය දනවන ආකාරයේ පිළිතුරු වේ. මේ නිර්මාණ ඇතැම්විට කෙතරම් අගනා ආකාරයට නිපදවා තිබෙන්නේ ද යත් සැබෑ ඉන්ද්‍රියයන් මඟින් ඉටුවන කාර්යයන් හා බොහෝදුරට සමාන වේ. කෙසේ වෙතත් මේ සඳහා ඕනෑ තරම් උදාහරණ දැක්විය හැකි වුවත් මෙවර අප තේමා කරගත් මාතෘකාවට අනුකූලව එවැනි උපකරණයක් ලෙස ඉනඥචජඩ ඍඪඡපචබධප පිළිබඳ හඳුන්වා දිය හැකියි. යම් හේතුවක් නිසා කථනය අහිමි වූවොත් එසේත් නොමැති නම් ස්වර තන්ත්‍ර වැඩ නොකරන මට්ටමට පත් වූවොත් හෝ සැත්කමක් මඟින් උගුරු දණ්ඩ ඉවත් කළ අයෙකුට මෙන්ම ස්වර තන්ත්‍ර ක්‍රියා නොකරන අයෙකුට වුවත් මෙම උපකරණය භාවිතා කළ හැකියි. මීට අමතරව ශබ්දය ඉක්මවා කථා කිරීමට උත්සාහ කිරීම, නිතර වායු සමනය කළ පරිසරවල සිටීම, දූවිලි සහිත පරිසරවල සිටීම, විදුලි පංකා ආශි‍්‍රතව සිටීම, අධික සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්ව නිසා ඔබගේ කටහඬට බාධා ඇතිවිය හැකි වේ.

විශේෂයෙන් වායුසමනය කළ පරිසරවලදී උගුර හා මුඛය ආශි‍්‍රත ප්‍රදේශ නිතරම වියළීමට ලක් වේ. ඒ නිසා වැඩිපුර ජලය පානය කිරීම හා විදුලිපංකා ආශි‍්‍රතව සිටින විට පරිසරයේ තෙතමනය ආරක්ෂා කරගත යුතුයි.

ප්‍රතිශ්‍යා ආශි‍්‍රත තත්ත්ව වලදී සති 2ක් 4කට වඩා මේ තත්ත්වය පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම හා ජලය පානය මෙන්ම හුමාල ආග්‍රහණයද කළ යුතුයි.

මේ ගැන හැමෝම දැනුවත් කරන්න පහතින් share කරන්න

නුවන්ති කුලරත්න
මිහිර වික්‍රමාරච්චි
අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයතනය

Check Also

“චව් චව්” කෑවොත් ගොඩම තමයි මෙහි ඇති විශ්මිත ගුණ මෙන්න

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!