page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානක මුවාවෙන් “කාමාශා රෝගයට” ප්‍රතිකාර කරලා මාට්ටු

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානක මුවාවෙන් “කාමාශා රෝගයට” ප්‍රතිකාර කරලා මාට්ටු

එය තලංගම මාලඹේ පාරේ ප්‍රධාන පෙළේ පූජා භූමියක් ආසන්නයේම පිහිටි තෙමහල් ගොඩනැගිල්ලකි. එහි තෙවන මහ‍ලේ කාලයක් තිස්සේ විවිධ රෝග සඳහා සම්බාහන ප්‍රතිකාර දෙන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත.

නමුත් එහි ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන්ට එක්වරම එහි පිවිසීමට නොපුලුවන. ඒ සඳහා කලින් ජංගම දුරකතනයක් මගින් ඇමතුමක් දී තම අනන්‍යතාව තහවුරු කර ගත යුතුය. එසේ අනන්‍යතාව තහවුරු කර ගත් තැනැත්තා එහි තුන්වෙනි මහළට ගිය පසුද ඔහු එම චිකිස්සාගාරයට ඇතුල් කර ගන්නේ ඔහු පිළිබඳ එහි හිමිකරුවන්ට සැකයක් ඇති නොවුණහොත් පමණි.

සාමාන්‍යයෙන් මෙබඳු චිකිත්සක ක්‍රම සිදුරෙන ස්ථාන වල එහි වගකීම දරණ වෛද්‍යවරයෙකු සිටිය යුතුමය. එහෙත් මෙම ආයතනයේ එම ප්‍රතිකාර කරන ආයුර්වේද හෝ වෙනත් වෛද්‍ය වෘත්තිකයෙක් නැත. ඒ වෙනුවට එම චිකිත්සක කටයුතු සිදුකරන රූමත් කාන්තාවෝ කිහිප දෙනෙක් පමණක් මෙහි රැඳී සිටිති. ඒ අනුව මෙය ‘කාමාශාව නම් රෝගයට’ නොවිධිමත් චිකිත්සාවක් දෙන තැනක් බව පැහැදිළිය.

පසුගිය දිනයක බස්නාහිර පළාත් බුද්ධි අංශ ‍පොලිස් කොස්තාපල් 67081 ලියනගේ මහතාට මෙම ආයතනය පිළිබඳ තොරතුරක් ලැබුණි. ඉන් පැවසුණේ මෙහි සම්බාහනය මුවාවෙන් ‘වෙනත් කටයුත්තක්’ සිදුවන බවයි.

එබැවින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව උපාය දූතයකු මගින් මේ පිළිබඳ විමසීමට පොලිසියට සිදුවිය.

ගැණුම්කරුවන්ට පමණක් මෙම ආයතනයේ දොර විවෘත වන බැවින් මෙම උපාය දූතයාට එම ආයතනය සමඟ දුරකතන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට සිදු විණි.

ඒ අනුව පසුගිය දිනයක එහි ගිය ඔහුට ද එම ආයතනයේ එම තුන්වන මහලේ දොර විවෘත විය. ඒ ඔහු සම්භාහනය මුවාවෙන් කාන්තාවක් රුපියල් 5000කට ‘කුලියට ගැනීමට’ කැමති වූ බැවිනි.

එහි රු 5000 කට වඩා මිලට අලෙවිවන කාන්තාවෝ ද සිටියහ.

මෙම උපාය දූතයාත් සමඟ ‍පොලිස් සැරයන් 56771 සුමනදාස, ‍පොලිස් කොස්තාපල්වරුන් වන 12155 ආරියසිංහ 67081 ලියනගේ, 32694 අනුරාධ, කාන්තා ‍පොලිස් කොස්තාපල් 9358 හේරත් යන නිලධාරීන් විසින් එහි මුදලට ශරීරය අලෙවි කරමින් සිටි කාන්තාවන් තිදෙනකු සමඟ එහි කළමනාකරු ද අත්අඩංගුවට ගත්හ.

ඒ තලංගම ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතාගේ අධීක්ෂණයෙන් එහි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක විජේසිංහ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මතය.

මෙසේ අත්අඩංගුවට පත් කාන්තාවන් හඳපාන්ගොඩ සහ මහියංගනය ප්‍රදේශයන්හි පදිංචි 30-44-49 වයස්වල පසුවන්නෝ වෙති.

මෙසේ අත්අඩංගුවට පත් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට පත්කොට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ අනුව මේ වන විට එම ආයතනයේ ‘චිකිත්සාව’ දැනට තාවකාලිකව නතර වී ඇත.

වාර්තාව – අමා ද සිල්වා කඩුවෙල(මව්බිම)

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!