page hit counter
Friday , September 22 2017
Breaking News
Home / facebook / facebook Account හැක් වෙන Friend Request එකේ සත්‍ය කතාව

facebook Account හැක් වෙන Friend Request එකේ සත්‍ය කතාව

“Jayden K Smith” නමැති ෆේස්බුක් ගිණුමකින් ඔබ වෙත Friend Request එකක් හෝ Message එකක් ලැබුනහොත් එයට ප්‍රතිචාර නොදක්වන ලෙස දන්වමින් ෆේස්බුක් පුරා පැතිරයන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැත.. එසේ Friend Request එකක් Confirm කළ පමණින් හෝ Message එකකට Reply කළ පමණින් වෙනකෙකුගේ ෆේස්බුක් ගිනුමක ඇති පෞද්ගලික දත්ත ලබාගැනීමට හෝ “HACK” කිරීමට තරම් සුවිශේෂී හැකියාවක් කිසිවෙකු සතුව නැත.. එමෙන්ම ලොව පුරා සිටින සියලුම පුද්ගලයන්ට එකවර Friend Request යැවීමේ හෝ Message යැවීමට පුළුවන්කමක් ද මෙහි නැත..

අදට දින 3කට පමණ පෙර “Anwar Fitou” නමැති ෆේස්බුක් ගිණුමෙන් Request ලැබුනහොත් ඒවා Delete කරන ලෙස දන්වා ලොව පුරා ප්‍රචාරය වූ ව්‍යාජ පුවතේ නවතම මුහුණුවර ලෙස මෙය හැදින්විය හැකිය.. Jayden K Smith නමැති පුද්ගලයාද තමන්ගේ ෆේස්බුක් ගිණුම තුල “Why are people persecuting me?” ලෙස ෆේස්බුක් සටහනක් තබමින් තමා මේ කිසිදු ක්‍රියාකාරකමට සම්බන්ද නැති බවත්, තමාගේ නම යොදාගනිමින් පැතිරී යන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් තමා කනගාටුවන බවත් දන්වා තිබුනා..

Facebook සමාජ ජාලය තුල පළවන පුවත්වල විශ්වාසනීයත්වය ආරක්ෂා කරගැනීම සඳහා ෆේස්බුක් පාලන මඩුල්ල විසින් සතියකට විවිධ පුද්ගලයන් විසින් පල කරන ව්‍යාජ තොරතුරු අඩංගු පොස්ට් 66,000 කට අධික සංඛ්‍යාවක් තමන්ගේ වෙබ් අඩවියෙන් Delete කරන බව ද anti-hate speech campaign දී ඔවුන් පෙන්වා දී තිබුනා..

එම නිසා කිසිදු සොයා බැලීමකින් තොරව මෙවැනි ව්‍යාජ තොරතුරු මිතුරන් අතරේ Share කිරීමෙන් වලකින්න!!!

-Rashan Hasaranga ✍️

මෙය හැකිතාක් share කර මිතුරන් දැනුවත් කරන්න

Check Also

ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි – ඊ-මනි හොරුන්ට හසුවෙන්න එපා

වර්තමානයේ විවිධ වෙබ් අඩවි වලින් පළ කරන විවිධ දැන්වීම් අතරින් වැඩි අවධානයට ලක් වෙන දැන්වීමක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!