page hit counter
Friday , September 22 2017
Breaking News
Home / Education / sri lanka history / අභිමානවත් වාසනා හස්තියා සිය පිංවත් රාජකාරි කටයුතු අරඹයි|Photo

අභිමානවත් වාසනා හස්තියා සිය පිංවත් රාජකාරි කටයුතු අරඹයි|Photo

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යට සුදනම් වන මේ අවස්ථාවේ දී දේවාලයේ ඇත් ගාලේ ද අපුරු චාරිත්‍රයක් ඊයේ දින (13 ) දින සිදූ වුනා.

අලින්ට වැළදෙන කම්බුල් තේමීම හේවත් මද කිපීමේ රෝගය සෑම අලි ඇතකුටම වසරකට වරක් සිදූවෙනවා. මේ අනුව කතරගම දේවාලයේ වාසනා හස්තියාටත් මෙම මද කිපිම වැළදූනු පසුව මාස 05 ක් වැනි කාල සිමාවක් වාසනා හස්තියා ගස් බැද සිටියා. පසුව කන් තේමීමේ රෝගය අවසන් වු පසු නැවත දෙවියන්ගේ රාජකාරි කටයුතු සදහා සුභ මොහොතින් ඊයේ දින (13 ) බැද තිබු යකඩ දම් වැල් වලින් ලිහා පෝරෝද්ද කඹේ දැමීම නම් ලනුවක් දමා ඇතා බැද සිටි ගසින් ලිහා දැමීම සිදූකරනු ලැබිීය.

මෙම ඇතා ගසින් ලිහිමට පෙර මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනාවක් කරනු ලැබීය. පසුව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා විසින් ඇත් ගොව්වාන් සදහා හේණ්ඩුව බාර දූන් අතර පසුව සුභ මොහොතින් ඇතා මාස 05 ක් බැද සිටි ගසින් ලීහා දැමීම සිදූ කරනු ලැබීය. අනතුරුව කැවුම් කිරිබත් ඇතුලු රස කැවීලී වලින් හා සිසිල් බිම වලින් ඇතාට සංග්‍රහයන් ලබා දූන් බස්නායක නිළමේ හා කපු මහතුන් ඇතා බලා ගන්නා ලද ඇත් ගොව්වන් සදහා සුභ පැතිමක් ද සිදූ කරනු ලැබීය.

මෙම ඇතා ලිහිම අපුරු මගුල් ගෙදරක් මෙන් සිදූ විය. ඇත් ගොව්වන් විසින් රස කැවිළි වලින් ද කිරිබත් පළතුරු වලින්ද පැමිණ සිටි සැමට සංග්‍රහ කිරීමට කටයුතු කලේය. කැවුම් කිරිබත් අනුභව කල කපුමහතුන් ඇතුලු පැමිණ සිටි අය ඇත් ගොව්වන්ට තැගි මුදල් ලබා දීම ද සිදූවිය. කතරගම දේවාලයේ වාසනා හස්තියා දෙවියන් පෙරහරේ වැඩම්මා ගෙන යනු ලබන හාස්තියා වීම මත මේ වැනි ගරු සාත්කර සිදූකිරීම සැම වසරක දීම සිදූවේ.

මෙම අවස්ථාව සදහා කිරිවෙහෙර රජමහ විහාරයේ පුජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදූ කල අතර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාර ගේ මහතා පැමිණ චාරිත්‍ර ඉටු කරනු කලහ. මෙම අවස්ථාවට කතරගම දේවාලයේ කාර්ය මණ්ඩලය හා දේවාලයේ කපු මහතුන් වන සනත් ටී. රත්නායක කපු මහතා (පොඩි රාලහාමි මහතා) , අනුර ටී. රත්නායක , ඇත් ගාල පාරිපාලන නිළධාරි ටී. අාර්. ලලිත් රත්නායක යන මහතුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

ඡායරූප සියල්ල පහතින් බලන්න

-පින්බර කතරගම
-pix by Buddhi pramoda

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි “මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ”

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!