page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / “උමාලිව හම්බෙන්න ගියෙත් නැහැ…” ධනුක, සිද්ධිය ගැන කට අරියි

“උමාලිව හම්බෙන්න ගියෙත් නැහැ…” ධනුක, සිද්ධිය ගැන කට අරියි

ධනුක නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඒ වගේම පුංචි තිරය ආක්‍රමණය කරගත් නළුවෙක් කිව්වොත් හරි. ඔහු නොමැති රූප රචනාත් නැති තරම්. මේ හැමදෙයක් එක්කම ධනුක වඩාත් කතා බහට ලක් වෙනවා. ඒ සාරංග උමාලිගේ පුංචි පවුල දෙකඩ කරන්න ඔහු හේතුවක් වුණා කියලත් කට කතා පැතිරුනා

පසුගිය දවසක උමාලිගේත් සාරංගගේග් ජීවිත අතරට තුන්වැන්නෙක් වුණා කියලා ධනුකට බොහෝ දෙනා චෝදනා කළා. දැන් මොකද ඔයා ඒ ගැන කියන්නේ..?
මිනිස්සුම ඒ ගැන කතා කළා. මිනිස්සුම මට ඇඟිල්ල දික් කළා.මම දන්නේ නෑ ඇයි එහෙම කළේ කියලා. දැන් ඒ ගැන කතා කරන්නෙත් නෑ.මට තේරෙන්නේ නෑ මොකක්ද ඒ වුණේ කියලා.ඒ දෙන්නගේ ප්‍රශ්නයකට මාව ගාවලා තිබුණා.ඒගොල්ලොම දැන් මාව අයින් කරලා.කට්ටියක් එකතුවෙලා කතා හැදුවා.. ඒ කට්ටියම ඒ කතාව අවසන් කළා. එච්චරයි.

පසුගිය කාලේ උමාලි ලංකාවට ආව වෙලාවේ ධනුක උමාලිට මුණගැහුණද..?
නෑ.. එහෙම හමුවුණේ නෑ. ඇයි එහෙම මම මුණගැහෙන්නේ. ඒ සම්මාන උළෙලකටවත් මම ගියේ නෑ.

සාරංග එක්ක ධනුක කතාබහ කරන්නේ නැද්ද..?
එහෙම තරහ වෙන්න අපි අතරේ මුකුත් වුණේ නැහැනේ..
කට්ටිය ඔක්කොම හිතින් හදාගෙන එහෙම කතා හැදුවට මට කරන්න දෙයක් නෑ. මාවත් එතනට අදාල කරගෙන ඒ දෙන්නත් එක්කම මගේ තරහක් නෑ. ඇයි අපි එහෙම වෙන්නේ නේද..?

මේ වෙනකොට ධනුක පෙම්වතෙක්ද..?
නෑ.. මේ වෙනකොටනම් මම පෙම්වතෙක් නෙවෙයි.. මම ආදරේ නම් කරලා තියෙනවා.
මගේ ප්‍රථම ප්‍රේමය මම ඒලෙවල් ක්ලාස් එකේදි ඇතිවුණේ. එයා අපේ ගෙවල් පැත්තෙම හිටපු ගෑණු ළමයෙක්.
අන්තිමට ගෙවල්වලින් කැමති නැතිවෙලා එයාලා ගෙවලුත් අතහැරලා ගියා.

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!