page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / cancer / හම සුදු කරන්න ගාන ආලේපන නිසා පිළිකා ඇතිවීමේ අවදානම් – තිත්ත ඇත්ත මෙන්න

හම සුදු කරන්න ගාන ආලේපන නිසා පිළිකා ඇතිවීමේ අවදානම් – තිත්ත ඇත්ත මෙන්න

බොහොම පැහැපත්ව ඉන්න ඉතිං කවුද අකමැති. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය, හැම වෙලාවකම උත්සාහ කරන්නෙම සුදු පාටට තමන්ගේ සම හැඩගස්වා ගන්නනේ. ජීවත්වෙලා ඉන්නකම් සුදු පාටට ලස්සනට ඉන්න කැමතියි වගේම සුදු වෙන්න ගිහින් ලෙඩ දාගන්නේ නැතිව ඉන්නත් උත්සහ කරන්න ඕන. මේ විදිහට කියන්න හේතුව තමයි සම සුදු කරන ඇතැම් ආලේපන නිසා පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙනවා කියලා සමාජයේ අය අතර තිබෙන මතය.

කථාව කොහොම වුණත් මෙච්චර දවසක් පාවිච්චි කරපු ක්‍රීම් එක වීසිකරන්න කියලා නම් කියන්න එපා කියලා හිතාගෙන ඇත්තටම මේ කථාවේ සත්‍ය අසත්‍ය මොකක්ද කියලා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලිකර ගනිමු.

මේ පිළිබඳ ඔව් හෝ නැහැ යනුවෙන් පැහැදිලි උත්තරයක් ලබාදීමට හැකියාවක් නැහැ. නමුත් පර්යේෂණ මඟින් පිළිගෙන තිබෙන ආකාරයට “හයිඩ්‍රොෆිනෝන්” නමැති සංඝටකය අඩංගු ක්‍රීම් වර්ග භාවිතයෙන් නම් දිගුකාලීනව පිළිකා ඇතිවීමේ යම් අවධානමක් තිබෙන බව සත්‍යයි. නමුත් අනෙක් අතට ශ්‍රී ලාංකිකයන්ගේ ස්වභාවික වර්ණය තරමක් අඳුරු පැහැයට හුරු නිසා සමේ අඩංගු වන වැඩි මෙලනින් ප්‍රමාණය, හිරු එළියෙන් ආරක්ෂා වීමට ද ඉතා හොඳ උපකාරයක්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් හිරු එළියේ ගමන් බිමන් ගියත් සමේ අඩංගු මෙලනීන් ප්‍රමාණය නිසා සමේ පිළිකා ඇතිවීමේ ඉඩකඩ අඩුවේ. නමුත් අපේ සමේ තිබෙන වර්ණය වඩා සුදු පැහැ කර ගැනීමට සිතා අපි ආලේපන භාවිතා කරනවා නම් පොදුවේ අපට යම් පිළිකා අවදානමක් ඇතිවේ. සාමාන්‍යයෙන් සුදු හමක් තිබෙන අය නම් හිරු එළියෙන් ආරක්ෂාවීමේ ක්‍රමවේද භාවිතා කරනු ලැබේ.

නමුත් අපට එවැනි විශේෂ අවශ්‍යතාවක් නොමැති අතර දුඹුරු පැහැ සමට ස්වභාවිකව ආරක්ෂාවක් හිමිවේ. නමුත් අප සම සුදු කර ගැනීමට ආලේපන භාවිතා කර සම සුදු කර ගන්නවා නම් හා එවැනි අය හිරු එළියට නිරාවරණය වෙනවා නම් පිළිකා ඇතිවීමේ යම් ඉඩකඩක් පැවතිය හැකියි.

කෙසේ වෙතත් මේ වන විට ලංකාව තුළ භාවිතා කරනු ලබන ආලේපනවල නම් එවැනි පිළිකා අවදානමක් තිබෙන බව සොයාගෙන නොමැති නිසා ඒ පිළිබඳ නිශ්චිතව පැවසිය නොහැකියි.

හොමාගම මූලික රෝහලේ චර්ම රෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට

හැමෝම දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

පත්තර පිටුවේ ඔතපු කෑම කැවොත් පිළිකා තිත්ත උනත් මේ ඇත්ත හැමෝම දැනගන්න

අප කී දෙනෙකු මොනතරම් කලබලයකින් උදෑසනට බත් මුල් ඔතනවාද? කලබලය කොපමණදයත් බත් මුලේ ඇති දේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!