page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන් පරිස්සමින්..

අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන් පරිස්සමින්..

පිළිකා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන දරුණුතම රෝගයක්.ශ්‍රී ලංකාවේ කාන්තාවනට සෑදෙන පිලිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්‌ථානය ගන්නා අතර පූර්ව පිළිකා අවධියේ දී එම තත්ත්වය හඳුනාගතහොත් දරුණු තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක් ලැබෙනවා.ගැබ්ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ්ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇති වන්නක්. මේ ඒ ගැනයි.

ගැබ්ගෙලපිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිලිකා අවධියක්‌ තිබෙනවා.පූර්ව පිළිකා අවධියේදී රෝග ලක්‍ෂණ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් පැප් පරීක්‍ෂණයක්‌ මගින් හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා පිළිකාවක්‌ බවට පත්වීම වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

ගැබ්ගෙල පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවාද?
යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය,ලිංගික සංසර්නයට පසු රුධිර වහනය,යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයක්‌ පිටවීම,මාස්‌ ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම.

ගැබ්ගෙල පිළිකාවක අවදානම වැඩි කාටද?
හියුමන් පැපිලෝමා (HPV) නමැති වෛරසය ආසාදිත කාන්තාවන්ට,අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට,බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට,බහුස්‌ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයින් සමග ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට,අක්‍රියව හෝ සක්‍රියව දුම්පානයේ යෙදෙන කාන්තාවන්ට,විවිධ රෝග සඳහා ප්‍රතිශක්‌තීකරණය හීනකරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට,ලිංගිකව බෝවන රෝග සෑදි ඇති කාන්තාවන්ට

ගැබ්ගෙල පිළිකාවන් සෑදීමේ අවදානමක සිටින බව කලින් දැනගත හැකිද?
ගැබ්ගෙල පිළිකාව සෑදීමට පෙර (පූර්ව පිළිකා අවධිය) පැප් පරීක්‍ෂාවකින් හඳුනාගත හැකියි.පැප් පරීක්‍ෂාවක්‌ යනු ගැබ්ගෙල ආශ්‍රිතව සිදු කරන සරල පරීක්‍ෂණයක්.මේ සඳහා ඔබ පැමිණිය යුතු වන්නේ මාසික ශුද්ධ වීම නොමැති දිනයකයි.මෙහිදී ඔබට වේදනාවක්‌ හෝ අපහසුවක්‌ ඇති වන්නේ නැහැ. මෙමගින් ගැබ්ගෙලෙහි පූර්ව පිළිකා සෛල හඳුනාගන්න පුළුවන් වෙනවා.

පැප් පරීක්‍ෂණයට යොමු විය යුත්තේ කවුද?
පැප් පරීක්‍ෂණය නිරෝගී කාන්තාවන් වෙනුවෙන් තිබෙන එකක් වගේම මෙම පරීක්‍ෂණය අවුරුදු 35 හෝ ඊට වැඩි ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට සුවනාරී සායනවලදී සිදු කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

ජාතික පිළිකා මර්දන වැඩසටහන

මිතුරන්ටත් දැගන්න පහතින් share කරන්න

Check Also

ගිරිබාවේ මධුෂාණි දූෂණය කර මරා දැමූ සැකකරුගේ මව පොලිසියට එවු ලිපියේ දිබු දේ………..

ගල්ගමුව ගිරිබාව සාලිය අසෝකපුර ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!