page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Ranjan Ramanayake / නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ආණ්‌ඩුවෙන් එළියට..?

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ආණ්‌ඩුවෙන් එළියට..?

රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට “යන්න වෙනවා” යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධ පුවත් පතකට පවසා තිබෙනවා

රන්ජන් රාමනායක මහතා රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දොස්‌ පැවරූ බවට පළවන වාර්තා පිළිබඳව ඊයේ අප කළ විමසීමකදී හෙතෙම එසේ කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පසුගිය රජයේ අල්ලස්‌ සහ දූෂිත ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව මම පැමිණිලි රාශියක්‌ කළා. ඒ හොරුන් අල්ලන බවට මම ජනතාවට පොරොන්දු වුණා. ගමේ යද්දී මිනිස්‌සු අහනවා කෝ හොරු ඇල්ලුවාද කියලා. මම කතා කළේ හදවතින්මයි. මට අවස්‌ථාවක්‌ දෙනවා නම් ඔය පුද්ගලයන්ව සාක්‍ෂි ඇතිව අල්ලන්න පුළුවන්. අද මට වුණේ වඳින්න ගියම දේවාලය ඉහට කඩාවැටුණු වැඩක්‌ වගේ එකක්‌.

1956 දී බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ කාලේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ වාර්තා අනුව එදා කැබිනට්‌ මණ්‌ඩලයේ පස්‌දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා නඩු ගියේ නැහැ.

රජයෙන් ඔබ ඉවත් වුණොත් සැබෑ වීරයෙක්‌ වෙන්න පුළුවන් නේදැයි අප ප්‍රශ්න කළ විට රාමනායක මහතා මෙසේ පැවසීය.

ඉවත් වෙලා මට හඬ නගන්න බැහැ. ඒක පාර්ලිමේන්තුවේ ඉඳලාම කරන්න ඕනෑ. අනික මනාප දෙලක්‍ෂ දහසය දහසක්‌ අරගෙන මා පාර්ලිමේන්තුවට ආවේ.

හැබැයි මට යන්න කියමින් පලා බෙදුවොත් මගේ ආත්ම ගෞරවය රැකගන්න යන්න වෙනවා.

අගමැතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා. එතුමාට බලතල තිබෙනවා. එතුමා මට යමක්‌ කිව්වොත් එය ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. මට යන්න වෙනවා.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!