page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / කහිනකොට, හයියෙන් සිනාසෙන විට මුත්‍රා පිට වෙනවානම් මේ ගැන අනිවා දැනන්න

කහිනකොට, හයියෙන් සිනාසෙන විට මුත්‍රා පිට වෙනවානම් මේ ගැන අනිවා දැනන්න

මුත්‍රා යනු සිරුරෙන් බැහැර කළ යුතු අපද්‍රව්‍යයකි. මුත්‍රා අප සිරුරෙන් බැහැර වනුයේ එක්තරා චක්‍රයක් අනුකූලවය. මෙම ක්‍රමවේදය නිසියාකාරව සිරුර තුළ ක්‍රියාත්මක වී බහිස්ස්‍රාවය මඟින් පිටවන මේ මුත්‍රා පාලනයකින් යුක්තව පිටවන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි.

පළමුවෙන් මුත්‍රාශය පිළිබඳ දැනුවත් වීම අතිශයින් වැදගත් වන්නේ මුත්‍රාශය අපේ ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයක් වන නිසයි. මුත්‍රාශය මාංශ පේශීන්ගෙන් සැදුම්ලත් පැසක් ලෙස හැඳින්විය හැක. මුත්‍රාශයට මි.ලි. 300 – 350ක් දක්වා මුත්‍රා ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමේ අවකාශ තිබේ. මෙම ප්‍රමාණය පිරෙන තෙක් මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් අපට දැනෙන්නේ නැත. මුත්‍රා නිසි ප්‍රමාණයට මුත්‍රාශය තුළ පිරීමත් සමඟම මොළයට සංඥාවක් ලබා දෙමින් හඟවන්නේ මුත්‍රා කිරීමට කාලය එළැඹී ඇති බවය. මුත්‍රා කිරීමට අවශ්‍ය බවක් අපට දැනෙන්නේ ස්වභාව ධර්මයා විසින් මෙලෙස සකස් වී ඇති චක්‍රය මතය. සාමාන්‍යයෙන් පැය 2 -3ක් යන තෙක් මුත්‍රාශයට මුත්‍රා පිරීමක් සිදුවන හෙයින් ඒ කාලසීමාව තුළ මුත්‍රාශයට පීඩනයක් ඇති නොවන අකාරයට මුත්‍රාශය සැකසී ඇත. එම නිසා ඒ කාලසීමාව තුළ මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් අපට දැනෙන්නේ ද නැත.

මුත්‍රා පිට කරන ස්ථානයේ මුත්‍රා මාර්ගය මාංශ පේශි වලල්ලකින් වට වී ඇති අතර මුත්‍රා පිරුණු පසු මොළේට සංඥාවක් ලබා දේ. එවිට කපාටය විවර වී මුත්‍රා මාර්ගයෙන් මුත්‍රා පිට වේ. සාමාන්‍යයෙන් මි.ලි. 150ක් පමණ මුත්‍රා පිරුණු පසු මොලේට සුළු සංඥාවක දැනෙන අතර වටපිටාව නුසුදුසු වේ නම් මි.ලි. 300 – 350 දක්වා මුත්‍රා නවතාගෙන සිටිය හැක.

මුත්‍රා පහවීමේදී බිත්ති සංකෝචනය වන අතර මොළයට යවන ලද පණිවිඩය මඟින් කපාට විවර වී මුත්‍රා පොම්ප කිරීම සිදු වේ. මුත්‍රා ඉවත් වූ පසු කපාට තද වී වකුගඩුවලින් මුත්‍රා පෙරී මුත්‍රා පැස තුළට නැවත එකතු වීමට පටන් ගනී. මෙලෙස මෙම ක්‍රියාවලිය චක්‍රාකාරව සිදුවීම මිනිස් සිරුරේ ව්‍යුහය තුළ නොකඩවා සිදු කෙරෙන්නෙකි.

නමුත් ගැටලුව වන්නේ ඇතැම් අයෙකුට නොදැනීම පාලනයකින් තොරව මුත්‍රා පිටවීම හෝ කහින විටකදී මුත්‍රා හදිස්සියේම පිටවීමයි. මෙය රෝගී තත්ත්වයකි. බොහෝදෙනා එය සැලකිල්ලට නොගත්තද නොසලකා හැරීමෙන් එම තත්ත්වය වර්ධනය විය හැකි බව පවසන්නේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා මහතායි.

යම්කිසි පුද්ගලයකු කහින විට තදින් සිනාසෙන විට, කිවිසුම් යාමේදී මුත්‍රාශයට යම්කිසි පීඩනයක් ඇති වේ. ස්වාභාවිකව මෙම තත්ත්වය කපාටවලට ඔරොත්තු දෙන අතර පීඩනය නිසා යම්කිසි තෙරපුමක් ඇති වුවත් මුත්‍රා පිටවීමක් ඉබේම සිදු වන්නේ නැත. නමුත් මෙම කපාට විවිර වීමක් සිදුවන අවස්ථා තිබේ. එම අවස්ථාවලදී මෙලෙස පීඩනයක් ඇති වූවොත් ඉබේම පාලනයකින් තොරව මුත්‍රා පිටවේ.

මෙයට හේතුව කපාට දුර්වල වීමයි. කපාටවල දුර්වලකම් ඇතිවිය හැකි අවස්ථා කිහිපයක් ඇත.

ඒවා වනුයේ ,

ශ්‍රෝණියේ මංශපේශිවල දුර්වලතා,දරු ප්‍රසූතියේදී දරුවන් වැඩි වශයෙන් ලැබීම,වයස්ගත වීම

මේ හේතූන් නිසා ශ්‍රෝණියේ මාංශ පේශිවල දුර්වලතාවයක් හට ගැනීම ස්වභාවිකය. එවිට කිවිසුමකදී, කැස්සකදී කපාට විවර වීමක් සිදු වී (Stress incontinen) තත්ත්වයක් උදාවේ.

කැස්සකදී මුත්‍රා පිටවීමක් ස්වල්ප වශයෙන් ඇති වූ විට එය නොසලකා හැරිමෙන් තත්ත්වය වර්ධනය විය හැක. එබැවින් මෙවැනි අසහනකාරී තත්ත්වය මඟහරවා ගැනීමට නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසි ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය. ඇතැම් කාන්තාවන් තමාට ඇති වී තිබෙන මේ තත්ත්වය වෛද්‍යවරයෙකුට පැවසීම ලැජ්ජා සහගත දෙයක් ලෙස සලකයි. විශේෂයෙන් මේ තත්ත්වය පවතින්නේ කාන්තාවන්ට බැවින් ඇතැම් කාන්තාවන් නොදැනුවත්කම නිසා ප්‍රතිකාර වෙත නොපැමිණෙති. මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම මේ අවස්ථාවේදී වැදගත් වේ. මේ සඳහා පරීක්ෂණ කිහිපයක් ඇති අතර Ultra Sound Scan පරික්ෂණය විශේෂිතයි. මෙම පරික්ෂණය මඟින් මුත්‍රාශය හිස් වන ආකාරය පිළිබඳ දත්තයන් ලබාගත හැක. එසේම මුත්‍රා පහ කිරීමේ වේගය, මුත්‍රාශයේ කපාට නිසියාකාරව ක්‍රියාකරන්නේ දැයි යන්න මෙම පරීක්ෂණවලින් ලැබෙන දත්ත අනුව වෛද්‍යවරයාට තීරණය කොට නිගමනයකට එළැඹිය හැක.

පරික්ෂණවලින් ලබාගත් දත්තයන් අනුව ඖෂධ ප්‍රතිකාර ආරම්භ කරන අතර මේ ඖෂධවලින් ගුණයක් නොමැතිව නොනවත්වාම මෙම තත්ත්වය පවතී නම් සුළු ශල්‍යකර්මයක් මඟින් යථා තත්ත්වයට පත් කළ හැක. මෙම සැත්කම සිදු කෙරෙනුයේ හිරිවැටීමකිනි. පිටතින් කැපුමක් නොපෙනෙන අතර යෝනි මාර්ගයේ අභ්‍යන්තරයෙන් මේ කැපුම සිදු කෙරේ. මුත්‍රා මාර්ගය අසල දැලක් වැනි දෙයක් තැබීමක් සිදු කරයි. Sling Operation මෙම සැත්කම 90% 95%ක්ම සාර්ථක සැත්කමකි. මෙම ශල්‍යකර්මයට ගත වන්නේ පැය 1/2 විනාඩි 45 ක් අතර කාලයකි.

සාමාන්‍යයෙන් විවාහ වී දරුවන් වැඩි වශයෙන් ලැබුණු මව්වරුන්ට මෙවැනි තත්ත්වයක් උදා වීමට ඉඩ ඇත. එසේම ශ්‍රෝණියේ මාංශ පේශිවල දුර්වලතාවය නිසාද මේ තත්ත්වය ඇතිවිය හැක.

මෙවැනි තත්ත්වයන්ට තවත් එක් ප්‍රතිකර්මයක් වනුයේ මාංශපේශි ශක්තිමත් කරන ශ්‍රෝණි ව්‍යයාමයේ යෙදීමයි. මෙම ව්‍යායාම සිදු කළ යුත්තේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහ මඟපෙන්වීම මතය. නමුත් ප්‍රතිඵල එතරම් සෑහීමකට පත්විය නොහැක.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!