page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / ISIS / මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් දෙනකු සමග සෘජු සබඳතා පවත්වන පුද්ගලයන් හැත්තෑපස්‌ දෙනකු පමණ දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බව ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්‌ ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකදී මේ බව හෙළිවී ඇත.

ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකිකයා ඒ ලෙස හඳුන්වමින් ඔවුන් මෙම විමර්ශනය කරගෙන ගොස්‌ තිබේ.

පසුගිය කාලයේ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වීම සඳහා ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සිරියාවට ගොස්‌ ඇති අතර ඔවුන් අබුදුජාන් තජුඩීන්, නිලාම්, ඉෂාන්, නිලාම්, නස්‌තීර් තජුඩීන්, රෝස්‌ සහ අමීන් නමැත්තන් බවද මෙහිදී හෙළිවී ඇත.

මෙම හය දෙනා සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැත්තෑ දෙනකු පමණද සිරියාවට ගොස්‌ තිබෙන බව හෙළිවී තිබේ.

එසේ සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වී සිටින හය දෙනා අතරින් අබුදුජාන් තජුඩීන් සහ නිලාම් යන දෙදෙනා ප්‍රහාරවලට ගොදුරු වීමෙන් මේ වන විට මියගොස්‌ ඇත.

Check Also

“අයි.එස් ප්‍රහාරයක් ගැන මම දන්නෑ” – ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට ඇමෙරිකානු බුද්ධි අංශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!