page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්! සිසුන් 8ක් රෝහලේ..

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්! සිසුන් 8ක් රෝහලේ..

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 8 දෙනකු අද ( 18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

ඩෙංගු මර්දන වැඩසටහන අතර පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට කම්පන තත්වයක් ඇතිවී තිබේ.

මුලතිව් පොලීසිය කියා සිටියේ පිපීරීමෙන් කිසිවකුට හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවත් කිසියම් වූ පුපුරණ ද්‍රව්‍යයක් තිබී කසල ගොඩ පුපුරා යන්නට ඇති බවට සැක කරන බවත්ය.

-දිවයින

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!