page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / murder / සංගීත ප‍්‍රසංගයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කරලා

සංගීත ප‍්‍රසංගයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කරලා

වීරකැටිය, පස් මංහංදිය ප‍්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී මියගොස් සිටි තරුණයෙකුගේ සිරුරක් ඊයේ උදෑසන සොයා ගැණුනා. මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල, පහළගොඩ ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

වීරකැටිය නගරයේ පැවති සංගීත ප‍්‍රසංගයක් නැරඹීම සඳහා මෙම තරුණයා තවත් තරුණයන් කිහිප දෙනෙකු සමග පැමිණ ඇති අතර සංගීත ප‍්‍රසංගය අතරතුර දෙපිරිසක් අතර යම් වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා. පසුව අද අලූයම් කාලයේ වීරකැටිය පස් මංහංදිය අසලට පැමිණ ඇති දෙපිරිස අතර සිදුවූ වචන හුවමාරුව ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

එහිදී අදාල තරුණයා තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ. ගැටුම සිදුවූ ගොඩනැගිල්ල ආසන්නයේ තිබී තරුණයාගේ සිරුර සොයා ගැණුනා. මෙලෙස සොයා ගෙන ඇත්තේ තංගල්ල පහළගොඩ ප‍්‍රදේශයේ පදිංචි රවිඳු නිම්සර නම් 21 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියෙන් විමර්ශන සිදුවනවා.

Check Also

පොලිස්පති පූජිත මීට පෙරත් පොලිස් නිලධාරීන් 70 ක් වද හිංසනයට ලක්කරලා

පොලිස්පති පූජිත ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි අවධියේ දී ද පහල පොලිස් නිලධාරීන් වද හිංසනයට සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!