page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / සුව අරණ / සල්ලී වියදම් නොකර පට්ට පිට්නස් තියේන පොරක් වේන්න ඔනේ නම් මෙන්න ක්‍රමේ

සල්ලී වියදම් නොකර පට්ට පිට්නස් තියේන පොරක් වේන්න ඔනේ නම් මෙන්න ක්‍රමේ

ඕනෑම කෙනකුට ශරීරයේ බරට සමාන උසක් තිබීම අත්‍යවශ්‍යයි. එහෙත්, වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙක්, තමන්ගේ බරට සරිලන උසක් නැතිව දුක් වෙන‍වා. බයිසිකල් පැදීම මඟින් ශරීරයේ උස වර්ධනය කර ගත හැකි බව පසුගිය දිනක බටහිර විශ්ලේශකයන් සොයා ගැනීම, මෙසේ තැවෙන අයට කදිම විසැඳුමක්.

ශරීරයේ සමබර බව නිසි ලෙස පවත්වා ගැනීම සඳහාත්, නිරෝගිමත් දිවියක් පවත්වා ගැනීම සඳහාත් බයිසිකල් පැදීම ඉතාමත් ම සුදුසු බව අමෙරිකානු වෛද්‍යවරුන් සොයා ගෙන තිබෙනවා. එමඟින්, සිරුරේ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය වර්ධනය වන බවත්, පාදවල මාංශපේශී යම් කිසි ඇදීමක‍ට භාජනය වන බවත් ඔවුන්ගේ අදහසයි.

ඒ නිසා, දිනකට සැතැපුම් 04 ක් පමණ බයිසිකල් පැදීම වඩාත් යෝග්‍යයි. ආහාර ගැනීමෙන් සිරුරේ උස වර්ධනය කර ගන්නවාට වඩා, බයිසිකල් පැදීමෙන් සිරුරට ජවසම්පන්න බවක් ද උරුම කර ගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

පුද්ගලයකු නව යෞවන වියේදීම බයිසිකල් පැදීම ආරම්භ කළ යුතු බව මේ විශේෂඥයන්ගේ අදහසයි. එවිට එම පුද්ගලයා වයසින් පරිණත වන විට, ඔහුගේ ශරීරයට අවශ්‍ය උසක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ ආකාරයට කටයුතු කිරීම මඟින්, කාන්තාවකට සිහින් සිරුරක් ද, පුරුෂයකුට කඩවසම් සිරුරක් ද හිමි කර ගැනීමට හැකි වන බව මොවුන්ගේ අදහසයි. බටහිර වෛද්‍යවරුන් සිදු කරන ලද සමීක්ෂණවලට අනුව, දවසකට පැයක් බයිසිකල් පැදීමෙන්, ශරීරයේ කැලරි 400 ක් පමණ අඩු කර ගත හැකියි.

එමෙන් ම, දවසකට සැතැපුම් 10 ක් පමණ බයිසිකල් පැදිම කළ හොත්, ශරීරයේ ඇති කැලරි 700ක් පමණ අඩු කර ගැනීමට පුළුවන්. එසේ නම්, ඔබ අද සිට ම බයිසිකල් පැදීම විනෝදාංශයක් වශයෙන් කිරීම, සිරුරට ඉතාමත් ම යෝග්‍යයි නේද?

ඔබට බාහිර පරිසරයේ බයිසිකල් පැදීමට අවශ්‍ය නම්, තැනිතලා පාරක්, බයිසිකල් සඳහා වෙන්කල මංපෙතක්, හෝ කඳුකර මාවතක් තෝරාගැනීම සිදුකල හැක. ඔබට අවශ්‍ය වන්නේ ගෘහස්ථව බයිසිකල් පැදීමට නම්, එකතැන පැදිය හැකි ව්‍යායාම බයිසිකලයක් භාවිතාකල හැක.

බයිසිකල් පැදීමෙන් ව්‍යායාම ලබෙන්නේ ශරීරයේ කුමන ප්‍රදේශ වලටද?

♣බඳ: ශක්තිමත් වේ.

♣බාහු: බයිසිකල් පැදීමෙන් බාහු වලට විශේෂයෙන් ව්‍යායාමයක් සිදු නොවේ.

♣පාද: මෙය පාද වලට විශේෂිත වූ ව්‍යායාමයක් වන අතර, පාද වල චතුර්මුර්ධක (Quadriceps) සහ හැම්ස්ට්‍රින් (Hamstrings) මාංශ පේශි
ශක්තිමත් කරයි.

♣තට්ටම්: තට්ටමේ මාංශ පේශි සහ උකුළ වඩාත් ශක්තිමත් කරයි.

♣කොන්ද: බයිසිකල් පැදීමෙන් කොන්දට විශේෂ ව්‍යායාමයක් නොලැබේ. නමුත්, ඔබේ කොන්දට සහ ශරීරයේ ඉහළ කොටසට ව්‍යායාම කිරීමට අවශ්‍ය
නම්, කඳුකර

♣බයිසිකල් පැදීම තෝරාගන්න. එහිදී, කඳු නැගීම සහ පල්ලම් බැසීම සිදුකරන විට කොන්දට සහ ශරීරයේ ඉහළ කොටස් වලට ව්‍යායාම ලැබේ.

බයිසිකල් පැදීම මගින් ශරීරයේ නම්‍යශීලීතාවය (Flexibility) වැඩිදියුණු නොවන බව මතක තබාගන්න. ව්‍යායාමයක් ලෙස බයිසිකල් පැදීම තෝරාගැනීමේ තවත් වාසියක් වන්නේ, ඔබ වසර ගණනාවකින් බයිසිකලයක් පැද නොමැති වුවද, නැවත බයිසිකල් පැදීමට එකවරම පිවිසිය හැකිවීමයි.

ඔබේ ශරීරයේ බර වැඩි වුවද, බයිසිකල් පැදීමට එය ගැටළුවක් නොවේ. මක්නිසාද, එය ඔබේ සන්දි මත වැඩි ආතතියක් ඇති නොකරයි. කෙසේ වුවත්, බයිසිකල් පැදීමේදී, ආරක්ෂිත හිස්වැසුම්, අත් ආවරණ, බයිසිකල් පැදීමේදී භාවිතා කරන කලිසම් ආදිය ඇඳීමට කටයුතු කිරීම ඔබේ ආරක්ෂාවට සහ පහසුවට හේතුවන බව අමතක කරන්න එපා.

 

Check Also

“චව් චව්” කෑවොත් ගොඩම තමයි මෙහි ඇති විශ්මිත ගුණ මෙන්න

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!