page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / සුව අරණ / ඔබගේ නියපොත්තෙන් හෙළිවන භයානක රෝග ලක්ෂණ හදුනාගන්නේ මෙහෙමයි

ඔබගේ නියපොත්තෙන් හෙළිවන භයානක රෝග ලක්ෂණ හදුනාගන්නේ මෙහෙමයි

නියපොතු යනු සෞඛ්‍යයේ කැඩපතයි. නියපොතුවල වර්ණය, හැඩය, පෙනුම අපගේ ශරීරයේ යම්කිසි තැනක තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳ ඉඟි ලබා දේ.

දිගු දෑතට දිගු නියපොතු ආභරණයක් යැයි කීම වරදක් නොවේ. දිගු නියපොතු කාන්තා ලාලිත්‍ය තව තවත් වර්ධනය කරයි. නියපොතු අස්ථි ධාතුවට සම්බන්ධය. මෙයින් අදහස් කරන්නේ නියපොතුවලින් ඔබේ මුළු සිරුරේම සෛලවල ශක්තිය පෙන්නුම කරන බවය.

තිරස් හැඩය ඇති නියපොතුවලින් අජීර්ණ තත්ත්වයන් පෙන්නුම් කෙරේ.

ලම්බාකාර නියපොතුවලින් විටමින් හා ඛනිජ ලවන ඌනතා පෙන්නුම් කරයි.

නියපොතු විකීමෙන් තැති ගැනීම, ඛනිජ ඌනතාවය හා ආමාශයේ පරපෝෂිතයන් ඇති බව පෙන්නුම් කරයි.

විකෘති නියපොතු ප්‍රෝටීන් ඌනතාවය, විටමින් ඌනතාවය හා සමබල ආහාරයේ පවතින පෝෂ්‍යදායි කොටස් සිරුරට අවශෝෂනය වීමේ දුර්වලතා පෙන්නුම් කරයි.

කැඩෙන සුළු නියපොතු යකඩ හා විටමින් ඒ ඌනතාවය පෙන්නුම් කරයි. තවද තයිරොයිඩ් ග්‍රන්ථියේ, වකුගඩුවල හා රුධිර සංසරණයේ දුර්වලතා පෙන්නුම් කරයි.

තැනින් තැන කෑලි කැඩෙන නියපොතු ආහාර ජීර්ණයේ දුර්වලතා පෙන්නුම් කරයි.

රතු පැහැති, දම් පැහැති නිය ශරීරයේ දුර්වලතා හා වෙහෙස පෙන්නුම් කරයි.

තද රතු පැහැති නියපොතු මේද අධික ආහාර ගැනීමෙන් ලේ අපිරිසිදු වී ඇති බව පෙන්නුම් කරයි.

කහ පැහැති නියපොතුවලින් අක්මාවේ රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි.

සුදුමැලි නියපොතු පාණ්ඩුව, වකුගඩු සහ අක්මාවේ දුර්වලතා පෙන්නුම් කරයි.

නිල් පැහැති නියපොතු හදවතේ හා පෙනහළුවල රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි.

එක් නියපොත්තක පමණක් ඇති විකෘතිතාවය ශාරීරික අවයවයක දුර්වලතාවක් පෙන්නුම් කරයි

මහපට ඇඟිල්ලේ වෙනසක් ඇත්නම් මොළයේ දුර්වලතා පෙන්නුම් කරයි.

දබර ඇඟිල්ලේ වෙනසක් ඇත්නම් පෙනහළුවල හා මහ බඩවැලේ දුර්වලතා පෙන්නුම් කරයි.

මැදඇඟිල්ලේ වෙනසක් ඇත්නම් කුඩා බඩවැලේ දුර්වලතා පෙන්නුම් කරයි.

වෙද ඇඟිල්ලේ වෙනසක් ඇත්නම් වකුගඩුවල දුර්වලතා පෙන්නුම් කරයි.

කුඩා ඇඟිල්ලේ වෙනස්ක ඇත්නම් හදවතේ හා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ දුර්වලතා පෙන්නුම් කරයි.

නීරෝගී නියපොතු රෝස පැහැතිය. සුමුදුය. එක ප්‍රමාණයකට මනාව වැඩී ඇත. පුද්ගලයාගේ ප්‍රකෘතිය අනුව ද නියපොතුවල තත්ත්වය වෙනස් වේ.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

“චව් චව්” කෑවොත් ගොඩම තමයි මෙහි ඇති විශ්මිත ගුණ මෙන්න

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!