page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / සුව අරණ / මේ පැල වර්ග 12 ගෙදර හැදුවොත් ඩෙංගු වලට පොඩ්ඩක්වත් බිය වෙන්න එපා

මේ පැල වර්ග 12 ගෙදර හැදුවොත් ඩෙංගු වලට පොඩ්ඩක්වත් බිය වෙන්න එපා

ඩෙංගු, මැලේරියා ඇතුළු සියලු මදුරු වර්ග පැමිණීම වළක්‌වන ගෙවත්තෙහි වගා කළ හැකි පැළ වර්ග 12 ක්‌ බටහිර පර්යේෂකයින් විසින් මේ වන විට හඳුන්වා තිබේ.

මදුරුවන් පැමිණීම වළක්‌වන මෙම පැළ වර්ග වනුයේ පැඟිරි (සිටුනෙල්ලා), දාස්‌පෙතියා (මැරගෝල්ඩ්), සේර (ලෙමන්ග්‍රාස්‌), මදුරුතලා, ලැවැන්ඩර්, පෙපර්මින්ට්‌, රෝස්‌ මරා, බැසිල්, පෙති රෝයල්, ගෙරනියම්, හෝස්‌මින්ට්‌ හා අඟරාටම් යං. මෙම පැළ වර්ග ගෙවත්තෙහි තැබීමෙන් මදුරුවන් පැමිණීම වළක්‌වන බව පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මදුරු විකර්ශක පැළ අතුරින් පැඟිරි, දාස්‌පෙතියා, සේර හා මදුරුතලා ශ්‍රී ලංකාවට ආවේණික වූ පැළ වීම නිසා ඒවා ස්‌වාභාවික මදුරු විකර්ශක වශයෙන් භාවිත කළ හැකි බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රෙෂීලා සමරවීර මහත්මිය අප කළ විමසීමකදී පැවැසුවාය.මෙම පැළ වර්ග ගෙවතුවල තබා ගැනීම මෙන්ම ඩෙංගු මදුරුවන් දෂ්ට කරන උදැසන 6-9 හා සවස 4-6 අතර කාලයන් තුළ පැඟිරි තෙල් සම මත ආලේප කිරීම නින්දට යැමේදී මදුරු දැල් භාවිත කිරීම, අත්දිග ලා පැහැති ඇඳුම් පැළඳීම (ඩෙංගු මදුරුවන් තද පැහැති ඇඳුම්වලට ආකර්ෂණය වන බව හෙළි වීම නිසා) මදුරුවන් දෂ්ට කළ ස්‌ථානය කැසීමෙන් වැළැකීම (ආසාදනයක්‌ බවට පත්විය හැකි නිසා) වැනි පියවර ඩෙංගු පැතිරෙන මෙම සමයේ අනුගමනය කිරීම වැදගත් බවද ඇය කීවාය.

හැමෝටම දැනගන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා | වෛද්‍යවරු පවා පුදුමයට පත් වූ සාක්ෂි මෙන්න

රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!