page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / තරු හුට පට / ඉරාජ් මට හොඳට ගෙව්වා – පියුමි කියයි

ඉරාජ් මට හොඳට ගෙව්වා – පියුමි කියයි

වෘත්තියෙන් මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන පියුමි සිරිනායක කියන්නේ මේ දිනවල කතාබහට ජනප්‍රිය චරිතයක්. ඒ ඇය රංගනයෙන් දායක වන ප්‍රේම සටන හා ක්ලියෝපැට්රා යන ගීත රූප රචනා නිසයි. ඒ නිසාම මෙවර කතාබහට ඇයව එකතු කර ගත්තා.

* පියුමිට මේ දවස්වල ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නේ ඇත්තද?
චමු ශ්‍රී කරපු ප්‍රේම සටන මියුසික් වීඩියෝවට වගේම ඉරාජ් කරපු ක්ලියෝපැට්රා මියුසික් වීඩියෝව නිසා තමයි මට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන්නේ.

* මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නෙ?
හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. අපි කරන්නේ ඇක්ෂන් කට් කියන දෙක අතරේ රංගනයක් විතරයි. පුද්ගලික ජීවිතේ චරිත නෙමේ. අපි රංගනයෙන් ඉදිරිපත් කරන්නේ. කලාත්මක ඇහැකින් බලන අය හොඳ කියනවා. වල්කමෙන් බලන අය තමයි නරක කියන්නේ.

* ක්ලියෝපැට්රා මියුසික් වීඩියෝවේ රංගනය ගැන මොකද හිතෙන්නෙ?
මේ මියුසික් වීඩියෝවෙන් සමාජයට ලොකු පණිවුඩයක් දෙනවා. මේ සිංදුවටත් හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබෙනවා. සමාජයේ සිද්ධ වෙන දේවල් තමයි මේ මියුසික් වීඩියෝවේ තියෙන්නේ. මේ සිංදුවෙන් දෙන පණිවුඩය තමන්ගේ ජීවිතේට අරගන්න
පුළුවන්. විවේචනය නමෛයි කලා රසය බලන්න ඕන කියලයි මම හිතන්නේ.

* මෙවැනි මියුසික් වීඩියෝවල අඩ නිරුවත් ලෙස රංගනයේ යෙදෙන්නේ හිට් වෙන්නද?
එහෙම නැහැ. මම මීට කලින් මියුසික් වීඩියෝවල රංගනයෙන් දායක වෙලා තියෙනවා. අඩ නිරුවත් හෝ නිරුවත් වුණා කියලා හැම නිර්මාණයක්ම ජනප්‍රිය වෙන්නෙ නැහැ. නිර්මාණය ජනප්‍රිය වෙන්න නම් ඒ නිර්මාණය වගේම රංගනයට දායක වෙන නළුවා හෝ නිළියට හොඳ රංගන හැකියාවක් තියෙන්න ඕන. ඒ දේවල් මත තමයි නිර්මාණයේ ජනප්‍රියත්වය රඳා පවතින්නේ. මම හිතන්නේ මගේ නිර්මාණයන් මිනිසුන් අතරට යන්නේ ගොසිප් හැදෙන්නේ මගේ රංගනය මගේ ෆිගර් එක වගේම මගේ ලස්සන නිසා කියලා මම හිතනවා. මිනිස්සු කොච්චර බැන්නත් ඒකයි ඇත්ත.

* පියුමි හිතනවද මේ ක්ෂේත්‍රයේ ඔබ ජනප්‍රියයි කියලා?
මම මේ දේවල් කළා කියලා නෙමේ ජනප්‍රිය. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහකටත් වැඩියි. නිරූපණ ශිල්පියෙක් ලෙස තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එක්ක මම වැඩ කරලා තියෙනවා. එදා ඉඳලම මම ජනප්‍රියයි. මම හිතුවා අඩ නිරුවත්, නිරුවත් රංගනයට දායක වෙන්න ඕන කියලා. නමුත් ඒ ජනප්‍රිය වෙන්න හිතාගෙන නමෛයි.

* මෙවැනි දර්ශන සඳහා රංගනයෙන් දායක වෙන්න පියුමි කීයක් අය කරනවාද?
රංගනය කියන්නේ අසීරු දෙයක්. මේක මගේ වෘත්තිය. රංගනය කියන්නේ අධ්‍යයන කරන්න ඕන දෙයක්. ඒක අමාරු කාර්යයක්. ඕනම චරිතයක් භාර ගනිද්දී මම මගේ ගෙවීම් ගැන කතා කර ගන්නවා. සාධාරණ අය කිරීමක් මගේ කැප කිරීමට ලබා ගන්නවා.

* ඉරාජ්ගේ ක්ලියෝපැට්රා චරිතයට පියුමි කීයක් අය කළාද?
මට සාධාරණ ගෙවීමක් ලැබුණා කියලා මම හිතනවා. ඒ ගෙවීමට උපරිම සාධාරණයක් මම කළා කියන විශ්වාසය මට තියෙනවා.

* සැමියාගෙන් මොන ප්‍රතිචාරයක්ද ලැබෙන්නෙ?
හොඳයි. මගේ සැමියත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. මේ මියුසික් වීඩියෝ දෙකේම මගේ සැමියත් රංගනයෙන් දායක වෙනවා.

* සැමියගෙන් විරුද්ධත්වයක් නැද්ද මෙවැනි දර්ශනවලට රංගනයේ නියැළෙනවට?
නෑ. ඔහුත් එක්ක තමයි මම මේ දර්ශනවලට රංගනයෙන් දායක වෙන්නේ. එයා මේ දර්ශනවලට තෝර ගත්තේ රංගනය උපරිමයෙන් කරන්න. එයත් රංගනයෙන් උපරිම සහයෝගයක් දුන්නා. එයා තමයි මාව උනන්දු කළේ මේක කරන්න පුළුවන් කියලා. මගේ රංගනය සිද්ධ වුණේ සැමියා ඉස්සරහ. ඉතින් වැරදි දේවල් වෙන්නෙ නැහැ. මෙතන කුණුහරුපයක් වෙන්නෙ නැහැ. රංගනයක් විතරයි සිද්ධ වෙන්නේ.

* මෙවැනි අඩ නිරුවත් නිරුවත් ජවනිකාවලට සැමියාව සහභාගි කරගන්න විශේෂ හේතුවක් තියෙනවාද?
ඒක මට පහසුවක්. මෙවැනි දර්ශනවලට රංගනය ඔහුත් එක්ක කරන එක මට ශක්තියක්. මොකද වෙන අයත් එක්ක එවැනි දර්ශනවලට රංගනයෙන් දායක වෙද්දී සුදුසු මානසිකත්වයක් ඇති වෙන්නෙ නැහැ. මම ඒක අත්දැකීමෙන් දන්නවා. මගේ රංගනය උපරිමයෙන් කරන්න තමයි සැමියාව යොදා ගන්නේ.

* ඉදිරියේදීත් සැමියත් එක්ක මෙවැනි දර්ශනවලට රංගනයෙන් දායක වෙන්න බලා‍පොරොත්තුවක් තියෙනවාද?
අධ්‍යක්ෂවරයා ඔහු සහභාගි කර ගන්න කැමැති නම් සහභාගි කර ගන්නවා. හැම නිර්මාණයකටම හැම මුහුණක්ම ගැළපෙන්නෙ නැහැ. මගේ සැමියව ගැළපෙන නිර්මාණවලට යොදා ගන්න උත්සාහ කරනවා.

* කැමරාව ඉදිරිපිට නිරුවත් වෙද්දී චකිතයක් දැනුණේ නැද්ද?
දැනුණා. ෂූට් එක කරන තැන බලන් ඉන්න ඕන අපි නිරුවත් වෙනවද නැද්ද කියලා. කොහොමද මේ දර්ශන කරන්නේ කියලා මිනිස්සු දන්නේ නෑ. නිරුවත් වෙනවා කියලා මිනිස්සු හිතන්නේ හැමදේම පෙන්වනවා කියලයි.

* ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවාද?
ඒ ලැබෙන චරිතය අනුව තමයි චිත්‍රපටය භාර ගන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ.

* දිගටම මෙවැනි නිර්මාණවලට රංගනයෙන් දායක වෙනවද?
නැහැ. එහෙම හැම නිර්මාණයකටම සහභාගි වෙන්න කැමැත්තක් නැහැ. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ තමයි මම වැඩ කරන්න කැමැති වෙන්නේ.

* ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම්?
‍පොඩි කා‍ලේ ඉඳන්ම හීන දැක්කේ නිළියක් වෙන්න. අද ඒ හීනේ සැබෑ වෙලා. මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. මම නිළියක් නොවුණා නම් පශු වෛද්‍යවරියක් වේවි.

* අනාගත බලා‍පොරොත්තු මොන වගේද?
හොඳ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්න තමයි මගේ එකම බලා‍පොරොත්තුව.

– රිවිර

 

Check Also

නිරුවත් දර්ශන දැම්මේ සමාජයට පණිවිඩයක් දෙන්නයි.. කවුරුත් ඉදිරිපත් නොවුනු නිසා මමම සම්පූර්ණයෙන් නිරුවත් උනා

අනෝමා ජනාදරී චරිතාංගෙ නිළියක්‌ ලෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනාදරයට පත්ව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!