page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මරණයෙන් ගැලවුණු යාපනයේ විනිසුරු තමන් වෙනුවෙන් දිවි පිදූ නිලධාරියාගේ බිරිඳට වැඳ දුක පළ කළ සංවේදී වීඩියෝව

මරණයෙන් ගැලවුණු යාපනයේ විනිසුරු තමන් වෙනුවෙන් දිවි පිදූ නිලධාරියාගේ බිරිඳට වැඳ දුක පළ කළ සංවේදී වීඩියෝව

ඊයේ සවස 5.30ට පමණ යාපනයේ නල්ලූර් කෝවිල අද්දරදී මහධිකරණ විනිසුරු මානිකර්වාසගර් ඉලංචේලියන් මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් සැරයන් වරයා අද අළුයම 2.30ට පමණ යාපනය මහ රෝහලේදී ජීවිතක්ෂයට පත්වී ඇත.

උදරයේ පහළ කොටසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතු වන්නට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

2015 වසරේ මැයි 13 දා දූෂණය කොට ඝාතනය කරන ලද ෂිවලෝගනාතන් විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝජනය කරන ඉලංචේලියන් විනිසුරු වරයා තම නිවස බලා යමින් සිටියදී ඊයේ (22) පස්වරු 5.30ට පමණ මෙම සිදුවීමට මුහුණ පා තිබේ.

එම වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට අනතුරක් සිදුවී නොමැති අතර ඔහුට ආරක්ෂාව සැලසූ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව යාපනය මහ රෝහලට ඇතුලත් කරන ලදී.

අද අළුයම මිය ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනා අතරෙන් පොලිස් සැරයන් වරයාය. එම වෙඩි තැබීම පළපුුරුදු තුවක්කු කරුවෙකු විසින් සිදුකරන ලද්දක් බවත් ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ද තුවක්කු කරුට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර ඔහුද වෙඩි වැදී දිව ගිය අයුරක් තමන්ට හැගුණු බවත් කී විනිසුරු වරයා මෙලෙස නීතිය අවනීතිය බවට පත්වීමට එරෙහිව ගත යුතු සැම ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි ඊයේ සවස යාපනය මහරෝහලේදී මාධ්‍යයට ප්‍රකාශකර තිබුණි.

තමන් වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි කොට ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියා මරණයට පත්වූ බව ආරංචි වීමෙන් පසු යාපනය මහධිකරණ විනිසුරු දැඩි සංවේගයට පත් වුණා

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

One comment

  1. he was a great..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!