page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ‘SLT speed up’ පාපැදි සවාරියේ පළමු දිනයේ රණවිරුවෝ ඉදිරියෙන්

‘SLT speed up’ පාපැදි සවාරියේ පළමු දිනයේ රණවිරුවෝ ඉදිරියෙන්

මෙරට පාපැදි ධාවකයන්ට සුවිශේෂී අවස්ථාවක් හිමිකර දෙමින් අපේ රට ජාත්‍යන්තරයට ගෙන යෑම සඳහා SLT සංවිධානයෙන් සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් පැවැත්වෙන මෙරට පාපැදි ඉතිහාසයේ සුවිශේෂීම තරග ඉසව්ව හෙවත් මෙරට දීර්ඝතම පාපැදි සවාරිය වන ‘SLT ස්පීඩ් – අප්’ පාපැදි සවාරිය අරඹමින් අද පැවැති පළමු අදියරේ ජයග්‍රාහකයා බවට පත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් සමත් විය.

මෙරට දීර්ඝතම පාපැදි සවාරිය වන ‘SLT ස්පීඩ් – අප්’ පාපැදි සවාරිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිසිය, වරාය අධිකාරිය, ‘සුපර් වීලර්ස්,’ දෙහිවල – ගල්කිස්ස නගර සභාව, ද ෆ්‍රෙන්ඩ්ස්, සිවිල් ආරක්‍ෂක බළකාය, වින් වීල් සුපර් සෙරු, ෆ්ලයින් වීල්, ටීම් කැලණි, පහන් සිළු, ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව, හරින්ද්‍රා, මෙරිඩියන්, ටීම් අනුරාධුර ලෙසින් නියෝජනය කරමින් කණ්ඩායම් සහ තවත් මිශ්‍ර කණ්ඩායම් මේ සඳහා ඉදිරිපත් විය.

මෙරට දීර්ඝතම පාපැදි සවාරිය වන ‘SLT ස්පීඩ් – අප්’ පාපැදි සවාරිය කොළඹ, පුත්තලම, වවුනියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, බදුල්ල නගර සියල්ලම පසු කොට ඇඹිලිපිටියට පැමිණීමට නියමිතය.

මෙරට දීර්ඝතම පාපැදි සවාරිය වන ‘SLT ස්පීඩ් – අප්’ පාපැදි සවාරියට දිරි දෙන්න දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් පිරිසක්ද එකතු වී සිටීම විශේෂත්වයක්

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!