page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / සුව අරණ / කවුරුවත් දියවැඩියාවට බයවෙන්න එපා ! දියවැඩියාව පාලනයට ගතයුතු ආහාර මෙන්න

කවුරුවත් දියවැඩියාවට බයවෙන්න එපා ! දියවැඩියාව පාලනයට ගතයුතු ආහාර මෙන්න

ජීවන පැවැත්මේ විවිධ වෙනස්කම් මත සිරුරේ පැවැත්මට බාධා කරමින් ඇතිවන රෝග අද සමාජය ගිල ගනිමින් පවතී. ඒ අනුව බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි අන්දමින් අපගේ ජීවන රටාව දැන් හැඩගැසී ඇත්තේ ආහාර රටාවට හා මානසිකව ද යම් බලපෑමක් ඇති කරමිනි.

විශේෂයෙන් අප මෙහිදී මේ බෝ නොවන රෝග හමුවේ වැදගත් යැයි සැලකීමට මුලින්ම ලක්වන්නේ දෛනික ජිවිතයේ තමාගේ ආහාර රටාවයි. ඒ තුළින් මතුවන බෝ නොවන රෝග අතර දියවැඩියා රෝගය ප්‍රධාන තැනක් ගනී. මේ තත්ත්වය පිළිබඳව ගාල්ලේ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය මුදිතා නානායක්කාරගෙන් අප විමසීමක් කළා.

දියවැඩියාව යනු කුමක්ද?

සිරුරේ තිබිය යුතු සීනි ප්‍රමාණයට වඩා වැඩිවීම දියවැඩියා රෝග තත්ත්වයයි. එනම් 100ml / dl ට වඩා වැඩිවීමයි. මෙහිදී 100 – 126 ml / dl අතර නම් රුධිර ගත ග්ලූකෝස් මට්ටම එය පූර්ව දියවැඩියා අවස්ථාවයි. 126 ml / dl ට වැඩි නම් ඔබ දියවැඩියා රෝගියෙකු වීමට ඇති ඉඩකඩ වැඩියි.එවැනි අවස්ථාවක ඔබ ළඟ ළඟ රුධිර පරීක්ෂණ දෙවාරයක් පමණ සිදු කර තමන්ගේ රෝගී තත්ත්වය තහවුරු කරගත යුතුයි. අනතුරුව වෛද්‍ය උපදෙස් දක්වා යෑම වැදගත් වේ.

දියවැඩියා රෝගය හඳුනා ගැනීම

පෙර මෙන් අද ද, සමාජය තුළ අවුරුදු 40ට වැඩි අයගේ දියවැඩියා රෝග තත්ත්වයෙන් නම් අඩු වීමක් නැහැ. නමුත් මිනිස් ජීවිතයේ විවිධ කාල පරාසයන් හමුවේ මේ රෝග තත්ත්වය පැමිණුන ද වැඩිහිටි අවධිය ගැන විමසා බැලීම වටිනා බැවින් ඒ පිළිබඳව ඔබ දැනුවත් වන්නට මේ උපදෙස් බලන්න.

ඔබට බොහෝවිට බඩගිනි ඇත්නම්, (එනම් ඇතිවන වාර ගණන ගැන සලකා බැලීම වටී) වෙනදාට වඩා ඇස් පෙනීම දුර්වලතාවයන් පවතී නම්, වැඩි වාර ගණනක් මුත්‍රා දිනකට පිට වේ නම් පවුලේ ඉතිහාසයේ දියවැඩියා රෝගියකු සිටියා නම් යනාදි කරුණු සැලකිල්ලට ගෙන දියවැඩියා රෝග තත්ත්වය ඇතැයි ඔබට අනුමාන කළ හැකියි.

නමුත් එය නිශ්චිතවම දැන ගැනීමට නම් වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂාවක් කළ යුතුව ඇත.

අවුරුදු 40ට වැඩි අයට දියවැඩියාව

එදා මෙන්ම අද දක්වා අඩු වැඩි වීමකින් තොරව දියවැඩියා රෝගය වැඩිහිටි අවස්ථාවේදී දක්නට ලැබීම ද සුලබ තත්ත්වයක්. එසේ පැවතුණත් ඉන් සුරැකී ජිවත් වීමට වෙර දරන පිරිස් අතරට ඔබ ද එකතු වී ඇත්නම් මේ කරුණු ගැනත් සැලකිලිමත් වන්න.

ජිවිත කාලයටම ඇතිවන පරිදි ඔබ වටා ඇති ලෙඩ රෝග පලවා හැරීම වෛද්‍යවරයාටම භාරදිය යුතු නැහැ. ඔබට ද යම් වගකීමක් ඉටු කිරීමට ඇත. දැන් ඔබ වැඩිහිටි අවධියේ නම් විශේෂයෙන් ප්‍රවේසම්කාරීව තම ජීවන රටාව පවත්වා ගත යුතුය. යන්න ගැන ඔබ වඩා ප්‍රමුඛ තැනක් දිය යුතුයි.

නිසි ආහාර රටාවකට අනුව තම ජිවන පැවැත්ම වෙනස් කර ගැනීමට බොහෝ උනන්දු විය යුතුයි. මෙහිදී වඩා වැදගත් වන්නේ දියවැඩියාවට ඇති අවදානම් සාධක අඩු කරගත හැකි වීමයි.

බර පාලනය කර ගැනීම,ආහාර රටාව වෙනස් කර ගැනීම,සුදුසු ව්‍යායාමවලට පුරුදු වීම,භාවනානුයෝගී කටයුතුවලට හුරු වීම,දුම්පානයෙන් වැළකීම,වැරදි ජීවන රටාවෙන් මිදීම වැනි හුරුපුරුදු ඔබේ ජීවිතයට වඩා වැදගත් වේ.

දියවැඩියා රෝගියෙකුගෙ රෝග ලක්ෂණ

 මුත්‍රා වැඩි වාර ගණනක් පිටවීම

 බඩගිනි ඇති වීම

 වතුර පිපාසය ඇති වීම

 ශරීරයේ බර අඩු වීම

 ඇස් පෙනීමේ දුර්වලතාවය ඇති වීම

 අතපය හිරිවැටීම

 සිරුර කැසීම හා පලු දැමීම

 රෝගය පාලනය නොකිරීමෙන් ඇතිවන උපද්‍රව

 පාදයේ ඇතිවන රෝගාබාධ

 ඇස්වල ආබාධ

 ස්නායු ආබාධ

 වකුගඩු ආබාධ

 පාදවල ඇතිවන තුවාල

 කකුල් හිරිවැටීම

 නිදිමත ඇතිවීම

රෝගය ඇතිවීමට බලපාන හේතු

සහජයෙන් රෝගය ඇතිවිය හැකියි. පරම්පරානුගතව මේ රෝගය ඇති වීම සිදු වේ. ආහාර විහරණ විධිවල ඇතිවන වෙනස්කම් මත ද දියවැඩියාව බොහෝවිට ඇතිවීමට බලපායි. එසේම දීර්ඝකාලීනව ගන්නා ඖෂධ වර්ග භාවිතය නිසාද මෙවැනි තත්ත්වයන්ට හේතු වේ. මානසික ආතතිය හා සමහර ලෙඩ රෝග නිසා බලපෑම් ඇතිවිය හැකියි. (උදා. අගන්‍යාසයේ රෝග තත්ත්ව හා හෝර්මෝනවල පවතින ක්‍රියාකාරිත්වය අඩු වැඩි විම් මත)

එසේම සමහර ජාන විකෘති රෝග තත්ත්ව නිසාත් දියවැඩියා ඇති වීමට හේතු වේ.

රෝගය පාලනය කළ යුත්තේ?

මෙහිදී බෙහෙවින් වැදගත් වන්නේ ආහාර රටාව පාලනය කර හා විහරණ විධි නිසි අයුරින් පවත්වා ගැනීමයි. එහිදී අපි විශේෂයෙන්ම ආහාර රටාව ගැන වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම වැදගත්ය.

ගත යුතු ආහාර

රතු නිවුඩ්ඩ සහිත තම්බපු සහල්, දේශීය සහල් වර්ග, (මඩතවාලු, හීනැටි, රත්නැල්, සුවඳැල්, කහමාලය), රතු හාලෙන් හෝ කුරක්කන් වලින් හැදූ පිට්ටු, රොටී, ආප්ප, ඉඳිආප්ප, කවුපි, කඩල, මුං ඇට වැනි ධාන්‍ය වර්ග, තලන බටු, කැකිරි, බණ්ඩක්කා, වැටකොළු, පතෝල, නෝකෝල්, කරවිල, දඹල, මෑ කරල්, ගෝවා, පොළොස්, කෙසෙල්මුහ, පිපිඤ්ඤා, චව්චව්, ලබු, පුහුල් වැනි එළවළු වර්ග

ඕනෑම පලා වර්ගයක් සුදුසුයි. කොහිල දළු, මුකුණුවැන්න, තුඹ දළු ගොටුකොළ, තම්පලා, සාරණ කතුරුමුරුංගා,කෙකටියා දඬු, කංකුං, විශේෂයි.

පැපොල්, නෙල්ලි, ඇඹුල් කෙසෙල්, ලොවි, වෙරළු, පේර, නාරං, නමිනං ඇතුළු දේශීය පලතුරු, කුඩා මාළු (හාල් මැස්සන් ඇතුළු) සම රහිතව කුකුළු මස් යොදය රහිත කිරි බිත්තර සුදුමදය සත්ත්ව ආහාර අතරින් සුදුසුයි.

මේ ගැන හැමදෙනෙක්ම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!