page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / Education / sri lanka history / ලක්වාසී සැමට සෙත් පතා පවත්වන 18 සන්නි ශාන්තිකර්මය – Live

ලක්වාසී සැමට සෙත් පතා පවත්වන 18 සන්නි ශාන්තිකර්මය – Live

මහා කෝළ සන්නි යකාගේ පිරිවර අවතාර දහ අටකි. ඒ අවතාර දහ අට සන්නිය ලෙස හැඳින්වේ. සන්නි යනු රෝග විශේෂයකි. දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයේ දැක්වෙන මූලික සන්නි රෝග රගපෑමෙන් මූර්තිමත් කිරීම සඳහා සන්නි යක්ෂයින්ගේ අවතාර යොදාගෙන ඇත. මේ සන්නි යකුන්ට එක් එක් සන්නි රෝගයේ දැක්වෙන රෝග ලක්ෂණ ආරෝපණය කැර තිබේ. කාලයක් පුරා නොයෙක් ඇදුරු පරපුරු වලින් දහ අට සන්නි යකුන් පවත්වාගෙන ඒමේදී ඒවායේ විවිධ වෙනස් කම් සිදුව ඇත. විවිධ ගුරු කුළ හා ප‍්‍රාදේශීය වශයෙන් නිරමාණය වූ දහ අට සන්නි එකිනෙක වෙනස් කම් වලින් යුක්ත වේ. පළාතෙන් පළාතට මේවායේ භාවිත නම් වල සුළු වෙනස් කම් දක්නට ඇත. එමෙන්ම එකම සන්නියට විවිධ නම් ලැබී තිබේ. ගිනි ජල් නමින් එන සන්නිය හා අග්නි සන්නිය යනු එකම සන්නියකි. එහෙත් ඇතැම් පළාත් වල මෙම නම් දෙකෙන් සන්නි නටනු දැක්නට ලැබේ. සන්නි යක්ෂයින් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදා ගත් අයුරු සන්නි උපතේදී දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

මළ කඳ ඇතුලෙන් ඉපදුන කුමරෙකි
උණද සෙලෙස්මා වෙන් එක ගොල්ලකි
වායු, පිතෙන් එහි හට ගත් සෙනගකි
අතුරු නහරයෙන් හටගත් සෙනගක

ඉසේ ලෙඩට පස් දෙනෙක් සද ගති
කඳේ ලෙඩට අට දෙනෙක් සදා ගති
සන්ධි වලට දහ අටට බෙදා ගති
දවසට දහසක් මිනී මරා ගති

සන්නි යකුන් ගෙන්වා ඔවුන්ට නියමිත දොළ පිදේනි ඇප කැප කර දීම දහ අට සන්නිය නැටීමෙන් අපෙක්ෂා කරන දෙයයි. එම සාර්ථකව ඉටුකළ විට දහ අටක් වූ සන්නි රෝග සුව වන බව ගැමියන්ගේ විශ්වාසය විය. සන්නි යකුන් රග මඩලට පැමිණි විට සංවාදයේ යෙදෙයි. ඔවුන් බොහෝ විට පැමිණේනනේ බියකරු ස්වභාවයක් මවා පෙන්වමිනි. මළ, හත්තිලව්වයි, ආදී වචන කියමින් කෑ ගසයි. ඉතා ග‍්‍රාමීය වූ භාෂාවකින් සන්නි යකු සහ ඇදුරන් අතර සංවාදය සිදුවෙයි. බොහෝ වට එය සෘජුව වදන් නොකියා පද පෙරැුළි ඇතිව පැවසීම තුළින් හාස්‍ය දනවන්නක් වෙයි. වැරදි වචන නිවැරදි කරමින් ගුරුන්නාන්සේ සංවාදය ඉදිරයට කරගෙන යයි. යක්ෂයාගේ කුරිරු නපුරු අදහස්ද මේ සංවාදයේ ගැබ්ව තිබේ. ඇතැම් විට ජුගුප්සා ජනක හැ`ගීම් ද මතු කරයි. මේ සංවාදයන් සන්නි දහ අටේදීම මූලික වශයෙන් එකම ආකාරයක් ගනී. අවසානයේ ආතුරයාටද සෙත් පතා යකා නික්ම යයි.

18 සන්නි ශාන්තිකර්මය – සජීව විකාශනය පහතින් බලන්න

18 සන්නිය ඔබත් නරබන්න

Posted by Hawasata Gedara on Saturday, July 29, 2017

video sponsor – sri lanka rupavahini (TV) Corporation

මේ දුර්ලභ අවස්ථාව හැමෝටම දැකබලාගන්න share කරන්න

Check Also

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි “මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ”

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!