page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / සුව අරණ / දියවැඩියාවට ප්‍රෙෂර් එකට බොන බෙහෙත්වලට වකුගඩු නරක් වෙන්නේ නැද්ද ?

දියවැඩියාවට ප්‍රෙෂර් එකට බොන බෙහෙත්වලට වකුගඩු නරක් වෙන්නේ නැද්ද ?

පසුගිය දිනක රෝගියෙක් සායනයට ආවේ කිසියම් රෝගයකට බෙහෙත් ගන්න. ඔහු අධික රුධිර පීඩනයට කාලයක ඉඳලා බෙහෙත් ගන්න බව දන්න නිසාම ඔහුගේ රුධිර පීඩනය මැන්නා, රුධිර පීඩනය තරමක් ඉහළ ගිහිල්ලා තිබුණා. ප්‍රෙෂර් එක ටිකක් වැඩියි වගේ… කියන කොටම ඔහු කිව්වේ ඩොක්ටර්… මම පහුගිය කාලේ බෙහෙත් බිව්වේ නැහැ කියලා ඇයි ඒ…..? මගේ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වුණේ ඩොක්ටර්… ඔය බෙහෙත් ජාති දිගටම ගන්නකොට වකුගඩු දෙක නරක් වෙන බව මම අහලා තියෙනවා ඉතිං මම ඒවා දිගටම පාවිච්චි කරන්නේ නැහැ. වසන්තගේ මේ ප්‍රකාශය දැන් දැන් රෝගීන් බොහෝදෙනෙකුගේ “බෙහෙත්” සම්බන්ධ මානසිකත්වය නිරූපණය වීමක්.

දියවැඩියාව, අධික රුධිර පීඩනය හෙවත් ප්‍රෙෂර් එක ආදී දීර්ඝකාලීනව සමහරවිට ජීවිත කාලයටම “බෙහෙත් පෙති” අවශ්‍ය වන රෝගවලදී, ඒ ප්‍රතිකාරය නිසා වකුගඩු නරක් වෙනවාද යන ප්‍රශ්නය නිසා රෝගීන් නිසි ආකාරයට බෙහෙත් නොගැනීම අද වෛද්‍යවරුන්ටත්, රෝගී සායන වලටත් තරමක ගැටලුවක් වෙලා කිව්වොත් නිවැරදියි. මේ නිසාම ඒ ඒ රෝග තත්ත්වයන් පාලනය නොවීමත්, සමහරවිට රෝගී තත්ත්වයන් උග්‍රවීමත් රජයෙන් නොමිලේ සැපයෙන ඖෂධ විශාල ප්‍රමාණයක් අපතේ යාමත් සිදුවන බව රහසක් නොවෙයි. මේ සඳහා ප්‍රධාන ගැටලුව වන්නේ රෝගීන්, රෝග තත්ත්වයන් යන ඒවා සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳව නිසි දැනුවත් වීමක් නැති වීම බව කැපී පෙනෙන කාරණයක්. රෝගීන්, තමන්ගේ අවට පුද්ගලයන් හා රෝහල් ගත වන අසාධ්‍ය රෝගීන්ගේ මතුපිටින් පෙනෙන හා ලැබෙන තොරතුරු ආශ්‍රයෙන්, සමහරවිට “කටකතා” මට්ටමේ ලැබෙන තොරතුරු මඟින්, අනවශ්‍ය හා අසාධරණ බියක් ඇතිකර ගනු ලබනවා. ඊළඟට එම තොරතුරු සුදුසුකම් ඇති වෛද්‍යවරුන් හෝ ඖෂධවේදීන් හෝ තවත් එවැනි අදාළ පාර්ශවයන්ගෙන් විමසනු වෙනුවට තමන් විසින්ම ඒවා මානසිකව තහවුරු කරනු ලබනවා. අවසාන ප්‍රතිඵලය වන්නේ තමන්ගේ රෝග තත්ත්වය නිසි පාලනයකින් ගිලිහී යාමත්, එම රෝගවල සංකූලතාවලට (Complications) වලට මුහුණ දීමත්, සමහරවිට එම සංකූලතාවල ප්‍රතිඵලයක් ලෙස ඇත්තටම “වකුගඩු නරක් වීමක්” සිදුවීමත් බව පැහැදිලි කාරණයක්.

දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා විවිධ ඖෂධ විශාල ප්‍රමාණයක්, විවිධ රෝගීන් සඳහා භාවිතා කරන බව සත්‍යයක්. නමුත්, මේවා රෝගීන් සඳහා භාවිතයට පෙර විශාල ලෙස පරීක්ෂණ හා සමීක්ෂණවලට ලක් කිරීමත්, බොහොමයක් ඖෂධ දීර්ඝ කාලයක සිට (සමහර විට අවුරුදු 20 -30 කාලයක්) භාවිතයත් නිසා ඒවායේ ඇති අතුරු ආබාධ පිළිබඳ අත්දැකීමක් දැනුමක් ඇති වීමත් නිසා “ප්‍රවේසම්කාරී ඖෂධ” ලෙස සැලකිය හැකි වනවා. මේවා ශරීරයේ ඉන්ද්‍රියයන් කෙරෙහි ඇති කරන කිසියම් බලපෑමක් ඇතිවිය හැකි නමුත් ඒවා අවම මට්ටමක සමහරවිට නොදැනෙන මට්ටමක පවතින දෙයක් විය හැකි වෙනවා. ඖෂධ අවම මාත්‍රා භාවිතයෙන් මේ සඳහා උදව් වෙනවා. මෙම රෝගවලට ප්‍රතිකාර නොගැනීම මඟින් සංකූලතා ඇතිවීමත්, ජීවිතයට සිදුවන තර්ජනයත්, ජීවිතයේ ගුණාත්මකභාවයට ඇතිවන හානියත් හමු වේ. ඖෂධ මඟින් නොදැන හෝ සිදුවිය හැකි හානියක් සමහරවිට නොසැලකිය හැකි මට්ටමේ වනවා. අනිත් අතට ඖෂධ හෝ ප්‍රතිකාර නොගැනීම නිසා දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය මඟින් “වකුගඩු නරක්” වීමක් සිදුවිය හැකියි. දියවැඩියාවට සහ ප්‍රෙෂර් සඳහා නිසි ආකාරයට ඖෂධ ගැනීම මඟින් වකුගඩු ආබාධ ඇති නොවනවා වාගේම, ඖෂධ නොගැනීම මඟින් එම රෝග හේතුකොට වකුගඩු ආබාධ ඇතිවීම් නම් අනිවාර්ය දෙයක් වනවා.

ඒ වගේම, රෝගය නිසා වකුගඩු නරක් වූ විට සමහර ඖෂධ ගැනීම සුදුසු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස දියවැඩියාව සඳහා භාවිතා කරන “මෙට්ෆෝමින්” Metformin නම් ඖෂධය දියවැඩියාව නිසා වකුගඩු නරක් වූ විට භාවිතා කරන්නේ නැහැ. ඒ එම ඖෂධය ශරීරය ඇතුළතදී පාලනය කිරීම සඳහා වකුගඩුවල නිසි ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වන නිසයි. එවැනි අවස්ථාවක දියවැඩියා රෝගීන්ට එම ඖෂධය නතර කිරීම සිදු කරනු ලබනවා. සමහරවිට රෝගීන් මෙම කාරණය වරදවා වටහාගෙන එම ඖෂධය නිසා වකුගඩු නරක් වනවා යන බියකින් පසුවි මෙම ඖෂධය නතර කරනවා මෙය මතයක් හා කටකතාවක් ලෙස අනිකුත් මේටෆෝමින් බෙහෙත ගන්නා රෝගීන්ට ද පැතිර ගොස් අනියත බියක් ඇති කරනු ලබනවා.

මේ දිනවල සාකච්ඡා කරමින් පවතින “රජරට වකුගඩු රෝග තත්ත්වයන්ද” ජනතාව තුළ කිසියම් කුතුහලයක් මුසු බියක් ඇතිකර තිබෙනවා. මේ නිසාම වකුගඩු සම්බන්ධයෙන් ප්‍රවේසම් වීමක් ද දැකිය හැකි වෙනවා.

. මීට අමතරව වෛද්‍ය උපදෙස් මත බෙහෙත් ගැනීමේ ප්‍රමාණය අවම කරගැනිමට රෝගීන් ට හැකියාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස දියවැඩියාව සඳහා ආහාර පාලනය, ව්‍යායාම් සිදු කිරීම, දුම්පානය හා මත්පැන් පානය නතර කිරීම, මානසික ආතතිය පාලනය කර ගැනීම වැනි ක්‍රියාමාර්ග වලින් අවම ඖෂධ ප්‍රමාණයක් යටතේ රෝගය පාලනය කර ගත හැකි වනවා. එවිට අනියත බියකින් හෝ අනවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ගත යුතු වන්නේ නැහැ.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ, කිසියම් රෝගියෙකු තමන්ගේ වකුගඩු පිළිබඳ ඇති “බිය” ඉතා සාධාරණ වුණත්, දියවැඩියාමට සහ ප්‍රෙෂර් සඳහා ලබා ගන්නා ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව නවතා නොදැමිය යුතු බවයි. එවිට එහි අතුරුඵලය ලෙස රෝගියා වකුගඩු රෝගියකු බවට පත්විමට ගත වන කාලය වැඩි ඇතක නොවේ.

මේ වටිනා තොරතුරු තවත් කෙනෙක්ට බලන්න පහතින් share කරන්න

– නුවන්ති කුලරත්න – දිනමිණ පුවත්පත

Check Also

පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා | වෛද්‍යවරු පවා පුදුමයට පත් වූ සාක්ෂි මෙන්න

රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!