page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / kidnap case / තාප්පෙන් පැනලා ඇවිත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ ගෙට රිංගා බිරිය පැහැරගෙන ගිහින් – Video

තාප්පෙන් පැනලා ඇවිත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ ගෙට රිංගා බිරිය පැහැරගෙන ගිහින් – Video

නිවසේ සිටි තම බිරිඳ කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගත් බව රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු පවසනවා.

අදාළ පැහැරගැනීමට මේ වනවිට දින 3ක් ගත වී ඇතැත් මෙතෙක් ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් ලැබී නැහැ.

මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදා පෙරවරු 7.30ට පමණ රත්නපුර නව නගරයේ පිහිටි ඇගේ නිවස තුලදීයි.

විශාඛා සුදර්ශනී අබේරත්න නම් 34 හැවිරිදි තිදරු මවක් මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති අතර ඇයගේ ස්වාමි පුරුෂයා මැණික් ව්‍යාපාරිකයෙක්.

අදාල කාන්තාව සහ දරුවන් දෙදෙනෙකු පමණක් එම අවස්ථාවේ නිවස තුල සිට ඇත්තේ සැමියා සිය දියණියක් සමඟ ව්‍යාපාරික කටයුත්තකට රත්නපුර නගරයට යාම හේතුවෙන්.

නිවසට ඇතුළු වන පුද්ගලයෙකු කාන්තාව පැහැරගෙන යන ආකාරය නිවසේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා.

කුඩා පිරිමි දරුවා මේ සම්බන්ධයෙන් අසල්වාසීන් දැනුවත් කළද ඔවුන් පැමිණීමට පෙර අදාල පුද්ගලයා කාන්තාව ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් තිබෙනවා.

පිරිමි දරුවා විසින් ලබා දුන් අදාල ත්‍රීරෝද රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා ත්‍රී රෝද රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

කෙසේවෙතත් පැහැරගැනීමට ලක් වු කාන්තාව පිළිබඳ තොරතුරක් මෙතෙක් ලැබී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.


video sponsor – Hiru gossip

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!