page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියට ගබ්සාව කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා නෑ

දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියට ගබ්සාව කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා නෑ

දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියට ගබ්සාවක් කිරීම සඳහා දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවාමෙම දැරියගේ දරු ගැබට සති 32ක් ගතවී ඇති බවත් මේරූ දරු ගැබක් ඉවත්කිරීම ඉතා අවදානම් බවත් වෛද්‍යවරු අධිකරණයට දැනුම් දුන්නා.

උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගිය අවස්ථාවේ දී මෙම දැරිය ගැබ්ගෙන ඇති බව දෙමාපියන්ට දැනගන්නට ලැබුණු අතර එතෙක් ඇය නිවස තුලදීම හිංසනයට ලක්වන බව මව්පියන් දැන සිටියේ නැහැ

ඇයට ගබ්සාවක් කිරීමට අවසර දෙන ලෙස දෙමාපියන් කළ ඉල්ලීම මීට පෙර පහළ උසාවියකින්ද ප්‍රතික්ෂේප වුණාඉන්දීය නීතියට අනුව සති 20ක් ඉක්මවූ දරු ගැබක් ඉවත් කිරීමට අවසර නොමැති අතර එසේ කළ හැක්කේ දරු ප්‍රසූතියේ දී මවගේ ජීවිතය හානි විය හැකි බවට වෛද්‍යවරු විනිශ්චය කළහොත් පමණයි.

කෙසේ නමුත් මෙම දැරියට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ නිසි සායන කටයුතු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෛද්‍යවරුන්ට නියම කර තිබෙනවා.දැරිය දූෂණය කළ බවට චෝදනා ලත් පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Check Also

පෙරහරේ මොනර නැටුම නැටූ අක්ක නගෝ බොර කකුල් අයියා එක්ක අමුතු නැටුමකුත් නටලා

රුහුණු මාගම් පත්තුවේ ගමක ජීවත් වූ අක්ක නගෝ දෙදෙනෙකි. අක්කාගේ වයස අවුරුදු පහළොවකි. නංගිගේ වයස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!