page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / Off road / අන්ධ විද්‍යාලයෙත් – සරසවියෙත් එකට ඉගෙනගෙන අතිනත ගත් ඉෂාරගෙයි චන්ද්‍රාංගනීගෙයි ආදර කතාව

අන්ධ විද්‍යාලයෙත් – සරසවියෙත් එකට ඉගෙනගෙන අතිනත ගත් ඉෂාරගෙයි චන්ද්‍රාංගනීගෙයි ආදර කතාව

රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරන අවධියේදී දැන හැඳිනගෙන පෙම්වතුන් වෙමින් විවාහ මංගල්‍ය දක්වා ගිය අපූර්වතම දෘශ්‍යාබාධිත මනාල යුවළකගේ විවාහ මංගල උත්සවයක් ඉකුත් 28 දා මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ දෙව්මිණි උත්සව ශාලාවේදී සිදු කෙරිණි. මෙම අපූර්වතම විවාහ මංගල උත්සවය පිළිබඳ දැනගත් කෑගල්ලෙ සහ මාවනැල්ලේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද වාර්තා කිරීමට ගොස් සිටි අයුරු අපටද පෙනුණි.

මාවනැල්ලේ චන්ද්‍රාංගනී සෙනෙවිරත්න උපතින්ම අන්ධය. පසුව මවුපියන් චන්ද්‍රාංගනී රත්මලානේ අන්ධ විද්‍යාලයට ඇතුළත් කර සිටියේ අන්ධ වුවත් ඉගෙනුමට ඇති අති දක්ෂකම නිසාමය. චන්ද්‍රාංගනී ඉගෙනුමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද මහත් උනන්දුවක් දක්වන්නීය. මතුගම පොලේගොඩ සිට පැමිණ අන්ධ විද්‍යාලයේම අධ්‍යාපනය ලබන ඉෂාර ලක්මාල් නුවන්සිරිද තවත් එවැන්නෙක්ය.

චන්ද්‍රාංගනීත් ඉෂාරත් රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙසු දරුවන්ට වඩා තරමක් ඉදිරියෙන් අධ්‍යාපනය ලැබූහ. අවසානයේ දෙදෙනාම විභාග ඉහළින් සමත් වී විශ්වවිද්‍යාල වරම්ද හිමිකර ගත්හ. චන්ද්‍රාංගනීටත් ඉෂාරටත් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ ‍ෙදාර ඇරිණි. 2013 වර්ෂයේ චන්ද්‍රාංගනීත් ඉෂාරත් උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිට විය. පසුව දෙදෙනාටම ගුරු පත්වීම්ද ලැබිණි.

මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයට පළමු පත්වීම ලැබූ චන්ද්‍රාංගනී පසුව එම විද්‍යාලයේ දරුවන්ට සිංහල, ඉතිහාසය ඉගැන්වීමට ලැබිණි. මතුගම පොලේගොඩ මහා විද්‍යාලයේ දරුවන් හට බුද්ධාගම, ඉතිහාසය ඉගැන්වීමට ඉෂාර ලක්මාල්ට හිමි විය. ඔය අතුරතුර මීට වසර දෙකක පමණ ඉහතදී දිනක් ඉෂාර චන්ද්‍රාංගනීගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන කියා සිටියේ තමන් ඇයව විවාහ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවය. චන්ද්‍රාංගනී එම දුරකතනයෙන් කළ ඉල්ලීම නිසා පුදුමයට පත් වූවාය. රත්මලානේ අන්ධ විද්‍යාලයේදීත් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේදීත් සහෝදරයකු ලෙස ඇසුරු කළ ඉෂාර ගෙන ආ යෝජනාව පිළිබඳ චන්ද්‍රාංගනී මඳක් කල්පනා කළාය.

Check Also

හරක් හොරකමේ ගිය සුපිරි රියට වෙච්ච දේ මෙන්න – photo

ගාල්ල, බද්දේගම පලාමුල්ල පාරේ බෝක්කුව අසල ගවයන් දෙදෙනකු සොරකම් කරගෙන පළායමින් තිබූ මෝටර් රියක් ගිනිගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!