page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / bad weather / මාතරට සහ රත්නපුරට පූර්ව අනතුරු ඇඟවීම් – සියළු දෙනා අවධානයෙන් සිටින්න

මාතරට සහ රත්නපුරට පූර්ව අනතුරු ඇඟවීම් – සියළු දෙනා අවධානයෙන් සිටින්න

ඉකුත් පැය 24ක කාලයේදී මිලිමීටර 100ක ඉක්මවා වර්ෂපාතනයක් ලැබී ඇති බැවින් රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක 2ට ඉදිරි පැය 24ක කාලය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (31) රාත්‍රී 8ට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

අඛණ්ඩව වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊයේ රාත්‍රී 8ට නිකුත් කළ අදාළ පූර්ව අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම කඳුකර බෑවුම් ප්‍රදේශ සහ නිර්මිත බෑවුම් ද මාතර දිස්ත්‍රික්කය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ හැකියාවක් ඇතැයි පූර්වයෙන් නම් කර ඇති ප්‍රදේශවලට ද අදාළ නිවේදනය වලංගු වේ.

සෑම කෙනෙක්ම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න අමතක කරන්න එපා

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!