page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / සුව අරණ / Beauty Tips / ඔබත් කන් කළාඳුරු අයින් කරනවාද? මෙය දැනගත්පසු කිසි දිනක එසේ කරන එකක් නෑ

ඔබත් කන් කළාඳුරු අයින් කරනවාද? මෙය දැනගත්පසු කිසි දිනක එසේ කරන එකක් නෑ

ශරීරය පිරිසුදුව තබා ගැනීම නිරෝගී බවට ප්‍රධාන හේතුවක්. නමුත් ශරීරයේ බාහිරව එම පිරිසුදු කිරීම අප විසින්ම සිදුකර ගත යුතු දෙයක් වුණත් ශරීර අභ්‍යන්තරයේ බොහෝ අවයව ස්වයං පිරිසුදු කරන ක්‍රමවේදයන් අනුගමනය කරන බව ජීව විද්‍යාත්මකව පිළිගත් සත්‍යයක්. බොහෝදුරට එවැනි ස්වයං පිරිසුදු කරන ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන ඉන්ද්‍රියක් ලෙස මිනිසාගේ කන හඳුන්වා දියහැකියි. මිනිස් කනක ආරක්ෂාවට ස්වභාවිකව නිපදවෙන ඉට් (මේවා සාමාන්‍ය ව්‍යාවහරයේ කලාඳුරු නම් වේ) ඇතැම් අය අප ද්‍රව්‍යයක් වශයෙන් සලකා ඉවත් කිරීමට පෙළඹෙන අතර ශරීරය බාහිරින් පිරිසුදු කරනවා හා සමානවම කන තුළත් පිරිසුදු කිරීමට යාම නිසා බරපතළ මට්ටමේ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ.

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ කනක් තුළ මෙසේ කලාඳුරු ඇතිවීම ඉතාම ස්වභාවික වගේම නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියක්. නමුත් මෙසේ නිපදවන ඉට් ස්වභාවිකවම ඉවත් වුවත් ශරීර උෂ්ණත්වයේ වෙනස්කම්, පාරිසරික සාධක වගේම ඇතැම් අසාදන නිසා ඒවා ඝන වීමට ද හැකියි. මේ නිසා කන තුළ වේදනවක් ඇතිවේවි යන බිය නිසා බොහෝ අය පුරුද්දක් වශයෙන් ස්නානය කිරීමෙන් පසුව කන අනවශ්‍ය පරීදි පිරිසුදු කරනු ලැබේ. මෙම පුරුදු කන ආශි‍්‍රත රෝගාබාධ රැසකට හේතුවන නිසා ස්නානයෙන් පසුව කන අවට තෙත මාත්තු කිරීම පමණක් ප්‍රමාණවත්.

බොහෝ අය පුළුන් කූරු, පැන්සල්, පෑන්, හැට්ටකටු, කන් හැඳි, මේ ආදී අතට හසුවන ඕනෑම දෙයක් භාවිතා කර කන ඇතුළත පිරිසුදු කිරීමට පෙළඹෙන අතර එය කිසි විටෙකත් නොකළ යුත්තක්. විශේෂයෙන් පුළුන් කූරු එසේත් නැත්තම් “ කොටන් බඩ්” බොහෝ අය භාවිතා කරන අතර කුඩා දරුවන්ට මෙසේ කන් සුද්ද කිරීම නිසා විශාල අනතුරු වලට මුහුණ දීමට සිදුවිය හැකියි.

එවැනි අනතුරු අතර කන් බෙරය සිදුුරුවීම, කන්බෙරය පැලීම, ශ්‍රවණය දුර්වල වීම මෙන්ම අසාදන ඇතිවීම ප්‍රධාන වේ. ඒ නිසා කිසිවිටෙකත් කන් පිරිසුදු කිරීමට විවිධ උපකරණ විශේෂයෙන් පුළුන් කූරු භාවිතා නොකළ යුතුයි.

නමුත් යම් ලෙසකින් ඔබේ කන තුළට ජලය ගමන් කිරීම නිසා යම් අපහසුවක් ඇති වුණා නම් හා කැසීමක් වැනි අපහසුතාවක් තිබේ නම් වඩාත් ආරක්ෂිතම ක්‍රමය වන්නේ පිරිසුදු රෙදි කැබැල්ලක් පහන් තිරයක් මෙන් අඹරා එමඟින් කන පිරිසුදු කිරීමයි. නමුත් හැකි සෑම විටෙකම අත්‍යාවශ්‍ය කරුණක දී හැරුණු විට ඔබ විසින්ම කන තුළ කිසිසේත්ම පිරිසුදු නොකිරීමට වග බලාගත යුතුයි.

යම් අයෙකුගේ ශ්‍රවණ දුර්වලතාත් වේදනාවක් හෝ කනේ යම් පිරිණු ස්වභාවයක් ඇති වනවානම් එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයෙක් මුණ ගැසී අදාළ පිළියම් යොදා ගැනීම වැදගත්.

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!