page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Rape cases / විශ්වවිද්‍යාල සිසුවිය දූෂණය කර බස් නැවතුමේ දමා ගිගින්

විශ්වවිද්‍යාල සිසුවිය දූෂණය කර බස් නැවතුමේ දමා ගිගින්

සංචාරයක් සදහා මෙරටට පැමිණි ස්විස්ටර්ලන්ත ජාතික 22 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව මත අනුරාධපුර පොලිසිය විසින් ත්‍රිරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල තරුණිය අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලාවට ගොස් මිතුරන් දෙදෙනෙකු සමඟ එහි විනෝද වී නැවත ඇය නවාතැන්ගෙන සිටි හෝටලය වෙත යෑමට ත්‍රිරෝද රථයකට ගොඩවී තිබෙන තිබෙන අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියදුරා ඇයව හෝටලයට රැගෙන යන මුවාවෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් එම තරුණියව දූෂණය කර ඇති බව තොරතුරු වාර්තා වෙයි.

අනතුරුව තරුණිය අනුරාධපුර බස් නැවතුම්පොළ අසල ස්ථානයකට ගෙන දැමූ අතර අදාල තරුණිය මේ පිළිබදව හෝටලයේ නවාතැන් ගෙන සිටි සිය මිතුරිය වෙත දුරකථන මාර්ගයෙන් දැනුවත් කර ඇති අතර පසුව ඇය නවාතැන්ගෙන සිටි හොටලයේ කළමනාකරු සහ මිතුරියන් එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී පොලීසියට කළ පැමිණිල්ලත් සමඟ පොලීසිය ක්‍රියාත්මක වී ත්‍රිරෝද රථ රියදුරා පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

35 වන වියේ පසුවන අයෙක් වන අතර දූෂණයට ලක් වූ විදේශීය තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් අනුරාධපුර රෝහල වෙත යොමුකර ඇති අතර වෛද්‍ය පරීක්ෂණය සඳහා වෛද්‍ය නිලධාරිනියක් නොමැති වීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන අතර අත්අඩංගුවට පත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!