page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / Off road / උපතේ පටන් ගොළු සහ බිහිරි දරුවා දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ කතා කරන්නට පටන් ගනියි

උපතේ පටන් ගොළු සහ බිහිරි දරුවා දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ කතා කරන්නට පටන් ගනියි

මෙම ලිපියේ සදහන්, උපතේ පටන් ගොළු සහ බිහිරි දරුවා කතා කරන්නට පටන් ගෙන සම්පූර්ණ සුවය ලැබුවේ, 2010 ඔක්තෝම්බර් 16 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි කුඩා දර්ශණ දෙව්මැදුරේ දී මෙම හාස්කම් දෙව් මවු ප්‍රතිමාවෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ආශිර්වාදය දානය කරනු ලැබූ අවස්ථාවේදීයි. මරිය තුමී මෙලොවට දර්ශණය වී එතුමියගේ අතට ගනු ලැබූ ජපමාලයක් සහිත ලොව එකම ප්‍රතිමාව මෙයයි. දර්ශණය සිදු වූයේ 1978 ජූලි 1 වෙනි දින වන අතර, එම අවස්ථාව නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූ 19 වන අවස්ථාවයි

මමත් මගේ සැමියාත් මේ ලිපිය ලියන්නේ අපගේ හදේ උතුරා යන සතුටකින් හා භක්තියකින් වන අතර, මෙය අප විසින් කල යුතු යුතුකමක් ලෙස අප විශ්වාස කරනවා. අද සමාජයේ මා දැක තිබෙන්නේ ගොඩාක්ම තමන් ගැන පමණක් සිතන මිනිසුන් වන අතර, ඇත්ත කථා කිරීමට ලැජ්ජා වන, භය වන සමාජයකි. එවැනි සමාජයක ජීවත් වන මිනිස්සුන්ට, තමන්ගේ ධනය හා බලය, කිසිම පැකිලීමක් නැතිව, ජාති, ආගම්, කුල භේද නැතිව ලබා දී, අන්ත අසරණ තත්වයට වැටී සිටින මා වගේම තවත් අසරණයන්ට අදටත් පිහිට වන මෙවැනි අති ශ්‍රේෂ්ඨ උත්තමයෙක් ගැනත්, ස්ථානයක් ගැනත් නිශ්ෂබ්දව සිටීම මා කරන ලොකු අපරාධයක් කියලා මට සිතුනි. ඒ නිසා මගේ එකම ප්‍රාර්ථනය මාගේ මේ විශ්වාසයේ කථාව අද සමාජයේ මිනිස්සුන්ට ඇත්ත කථා කිරීමට ලැජ්ජා භය නොවන හේතුවක් වේවා කියායි.

මම මොරටුවේ පදිංචි කාරිනියක් වන අතර, කතෝලික පරිසරයක ඇති දැඩි වී හැදී වැඩුන කෙනෙකි. මම විවාහ වී දැනට අවුරුදු 4 ක් වන අතර අපට අවුරුදු 2 කක කුඩා සිඟිති පිරිමි දරුවෙක් සිටී. අපගේ පෙර කරුමයකටදෝ මෙම සිගිති පුතු ඉපදුණු දා පටන් අනෙක් බිළිඳු දරුවන් මෙන් හැක්‍ෂුවේ නැහැ. දොස්තර මහත්වරු අපට කිවුවේ මෙම දරුවා උපතින්ම ගොළු හා බිහිරි වෙලා කියලත් මේක උපන් ගෙයි දෝෂයක් නිසා මේ ලෙඩේට කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් නැහැ කියලයි. දරුවා ලොකුවෙනකොට එයාට ඇසීමට හැකිවන උපකරණයක් එයාගේ කණට දාන්න පුලුවන් උනත් එයාට සදහටම කථා කරන්න බැරි වෙයි කියලයි. මේ බිළිඳා දෙවියන්ගෙන් අප ලද තිළිණයක් කියා අපි හැම විටම සිතපු නිසා අපට හැකි අයුරින් උපරිම සැප පහසුකම් මැද්දේ මෙම දරුවා ඇති දැඩිකර බලා ගැනීමට අප දෙදෙනා තීරණය කර ගත්තා. විවාහයට පෙර පෞද්ගලික අංශයේ රැකියාවක් කල මා අපේ කුඩා බිළිඳු පුතු ඉපදුන පසු මගේ ස්වාමියාගේ ඉල්ලීම මත රැකියාවෙන් ඉවත් වුනේ සිඟිති පුතුගේ වැඩ කටයුතු මාගේ අතින්ම කිරීම මගේත් මගේ සැමියාගේත් ආශාව වුනු නිසායි. ඒ එක්කම අනෙක් දරුවන්ට වඩා වැඩි අවධානයක් පුතා වෙත දැක්විය යුතු නිසාය.

මාගේ සැමියා තද මත් පැනට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. අපි දෙදෙනා විවාහ වෙන්න ඉස්සෙල්ලා එයාගේ ඒ පුරුද්ද මට පාලනය කරන්න පුලුවන් වුනත් විවාහයට පසු, පුතා ඉපදුනාට පස්සේ එයාගේ් ඒ පුරුද්ද නැවත පටන් ගත්තා. කලින් එයාට නරක මිතුරන්ගේ ආශ්‍රයක් තිබුනේ නැති වුනත් පස්සේ පස්සේ එයාගේ නරක මිතුරන්ගේ ආශ්‍රයත් එක්ක එයාගේ බීමත් කම දෙගුන තෙගුන වුනා. එයා හැමදාම ගෙදර ආවේ රෑ දෙගොඩ හරි ජාමේ හොඳටම බීගෙනයි. එයා මේ දේවල් වැඩි වැඩියෙන් කරන්නේ දරුවාගේ ප්‍රශ්ණය අමතක කරන්න වුනත්, ඒක එයාගේ ශරීර සෞඛ්‍යටද එතරම් හොඳ නැති දෙයක් බව මට තේරුනා. නමුත් මට ඒ දෙවල් නවත්තන්න කරන්න පුලුවන් කිසිදෙයක් තිබුනේ නෑ. දරුවගේ ප්‍රශ්ණයත්, සැමියාගේ ප්‍රශ්ණයත්, හැම දෙයක්ම මම තනියෙන් දරාගෙන කල එකම දේ දෙවියන්ගෙන් මේ ප්‍රශ්ණ වලින් මිදෙන්න මට මාර්ගයක් පාදා දෙන්න කියලා ඉල්ලපු එක විතරයි. මේ වෙනුවෙන් මම නොකල දෙයක්, නොගිය ස්ථානයක්, සමු නොවුන වෛද්‍ය වරයෙක් නැති තරම්ය. මම රැකියාව කල කාලයේ ඉතුරු කර ගත්තු ඔක්කම සල්ලි මම මේ වෙනුවෙන්, මගේ පවුලේ සුබ සිද්ධිය යහපත වෙනුවෙන් වියදම් කෙරුවා. නමුත් මම කරපු මේ කිසිම දෙයකින් මට කිසිම සහනයක් ලැබුනේ නෑ. මගේ දරුවාට කථා කරන්නට බැරි වුනත් එයාට අවට වෙන දේවල් පිලිබඳ හොඳ අවබෝධයක් තිබුනා. අපි හැම තිස්සෙම සිතුවේ එයාට එක පැත්තකින් දේවල් නොලැබුන නිසා, අනෙක් පැත්තෙන් එයාට අවශ්‍ය දැනුම ලැබිලා තියෙන බවයි. ඒ නිසා අපි හැම තිස්සෙම කල්පනා කලේ දරුවට උපරිම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ කොහොමද කියලයි.

2010 අගෝස්තු මාසයේ 15 වෙනි ඉරිදා දවස (මාගේ පුතාගේ උපන් දිනය දවසේ) මගේ ජීවිතය අළුත් බලාපොරොත්තුවක් ඇතිවුන දවසක් වුනා. එදා උදේ මම ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය අරගෙන එන අතරේ, මගේ අතට මරිය තුමියගේ පිංතුරයක් සහිත පත්‍රිකාවක් අහම්බෙන් මෙන් ලැබුනා. මරිය තුමියගේ පිංතුරයක් තිබුණ නිසා විසිකරන්න මට හිතුනේ නැති නිසා, ගෙදර ගිහින් මම ඒ පත්‍රිකාව නිවී සැනසිල්ලේ කියෙවුවා. ඒ පත්‍රිකාවේ තිබුනේ, කටුනායක තියෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය කියා තිබෙන දේව මෑණියන්ගේ හාස්කම් තියෙන පල්ලියක් ගැනයි. මේ පත්‍රිකාවේ තිබුන සිද්ධිය, මෙම පල්ලිය හා එම පල්ලියේ වැඩ සිටින පියතුමන් පිළිබඳ මා තුල විශ්වාසයක් ඇති කෙරුවා. ඒ නිසා ඊළග සතියේම මම මාගේ දරුවත් සමග මේ පල්ලියට යන්න තීරණය කර ගත්තා.

සතියේ ඊළඟ සෙනසුරාදා මේ පල්ලිය සොයාගෙන මම ගියා. ඒ ගිය මට දැකගන්නට ලැබුනේ කුඩා පල්ලියක් වුනත්, එහි රැස්වෙලා සිටි මිනිස්සු මේ පල්ලියේ තියෙන හාස්කම් ගැන කථාකරනවා මට ඇහුනා. මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලට පිහිට ලැබුන හැටි, දොස්තර වරුන්ට හොඳ කරන්න බැරි ලෙඩ හොඳ වෙලා තියෙන හැටි, මිනිස්සු තමන්ගේ ගෙවල්වල, තමන්ගේ ව්‍යාපාරික ස්ථානවල තියෙන ප්‍රශ්ණ විසඳා ගන්න මේ පල්ලියේ සිටින අපොස්තලික පියතුමන් උදවු වෙලා තියෙන හැටි, වගේ දේවලුයි. ඒ වෙලාවේ මට හිතුන එකම දේ වුනේ දෙවියන්ට කරන්න බැරි කිසි දෙයක් මේ ලොකයේ නැහැ, ඒ වගේම මම ඇවිත් තියෙන්නේ මගේ ජීවිතයේ තියෙන ප්‍රශ්ණ වලට පිලිතුරු සොයා ගන්න පුලුවන් තැනකටයි. ඒ නිසා දෙවියන් ගැන මගේ තියෙන විශ්වාසය වැඩිකරගෙන එක හිතින් එක අරමුණින් මගේ ඉල්ලීම ඉල්ලීමෙන් ඒවා ඉෂ්ඨ කර ගන්න පුළුවන් කියලා මට නිතරම දැනෙන්නට වුනා. එසේ සිතුන මම බාරයක් වුනා මගේ මේ ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙනකම් එක දිගට මම මේ පල්ලියට එනවා කියලයි. එහෙම තීරණය කල මම, මගේ ප්‍රශ්ණ සියල්ල මෙම පල්ලියේ වැඩවාසය කරන ඒ ශුද්ධවු අපොස්තලික පියතුමන්ට ලිපි මගින් ලියලා දෙන්න පටන් ගත්තා. හැම සෙනසුරාදාම නොවරදවා මොන ප්‍රශ්ණය බාධකය තිබුනත් කටුනායක පල්ලි යන එක මග හැරියේ නැහැ. එක අරමුණකින් එක විශ්වාසයකින් හා තද කැපවීමකින් මම මේ දේ කරන්නට වුනා.

ඔක්තෝම්බර් මාසයේ 16 වෙනි දින මෙම සිද්ධස්ථානයේ පැවති දේව මෙහෙයෙන් පසුව දේව මැණියන් අතට ගනු ලැබු ජපමාලයක් සහිත ලෝකයේ ඇති එකම දෙව් මවු ප්‍රතිමාවෙන් ආශිර්වාදය දානය කරන අවස්ථාව ආවා. මම ඒ වෙලාවේ මගේ කුඩා පුතාවද තුරුල් කරගෙන, ඇස් දෙක වසාගෙන ඇක්‍ෂූ කඳුලින් ජේසු අම්මාගෙනුයි, ඒ ශුද්ධවූ අපොස්තලික පියතුමන්ගෙනුයි මම ඉල්ලුවේ, මගේ ප්‍රශ්ණ වලට මැදිහත් වී, මා හට සහනය ලබාදෙන්න කියලයි. එම ප්‍රතිමාවෙන් ආශිර්වාදය දානය කරන කොටත්, ඒ අවස්ථාවේ මම ඇස් දෙකම වසාගෙන මාගේ ඉල්ලීම් ඉල්ලන කොට පොඩි දරුවෙක් ‛අම්මා’ කියා කියනවා මට ඇසුනා, නමුත් මම ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැතිව මගේ යාච්ඤාව දිගටම කරගෙන ගියා. ක්ෂණිකයෙන් ආයෙමත් මට ඒ කුඩා දරුවාගේ කටහක්‍ෂ ‛අම්මා’ කියා කියනවා ඇහිලා මම ඇස් ඇරලා බැලුවා. මට දකින්න ලැබුන දේට මගේ ඇස් අදහා ගන්න බැරි වුනා. මගේ තුරුලේ සිටි කුඩා පුතා, අර දේව මැණියන් අතට ගත් ජපමාලයක් සහිත ලෝකයේ ඇති එකම දේව මෑණියන්ගේ සුරුවම දිහා බලාගෙන ‛අම්මා’ කියා කථා කරනවා. මට හිතා ගන්න බැරි වුනා. ඒ වෙලාවේ එයා අම්මා කියන්නේ මටද නැත්තම් ජේසු අම්මාටද කියලා. ඒ අවස්ථාවේ මම දැක්කේ, පුතා ඒ ජීවමාණ සුරුවම සමග මොනවදෝ තනියම කථාකරනවයි. එදා තමයි මම මගේ පුතාගේ කටහක්‍ෂ ඉස්සෙල්ලාම අහපු දවස, ජීවිත කාලයටම මට අසන්න නොලැබෙන්න තිබ්බ, අවුරුදු 2 ක්ම මට අසන්න නොලැබුන මගේ පුතාගේ කටහක්‍ෂ මුලින්ම ඇසුන දවස. මට දැණුන සංතෝෂය කියලා ඉවර කරන්න බැරි තරම්. ඒ වෙලාවේ විනාඩි ගානකට මාව ගොළුවුනා, ජීවිත කාලයටම මගේ පුතාට කරන්න බැරිවෙයි කියලා දොස්තර මහත්වරු කියපු දේ මගේ පුතා මේ කරන්නේ කොහොමදැයි කියලා මට අදහා ගන්න බැරි වුනා. මට මම ඉන්න තැන, මම දැන් මොකක්ද කරන්න ඕනේ කියලා මට හිතා ගන්න බැරි වුනා. මම ඒ වෙලාවේම දේව මෑනියන්ට වැද වැටී හැක්‍ෂූ කඳුලින් ස්තුති කෙරුවා. කිසිම ස්ථානයකින් මට නොලැබුන සහනයක් මෙම ස්ථානයෙන් වත් ලබා ගැනීමට හැකි වීම ගැන මම දෙවියන්ට වැද වැටී කන්නලව් කරන්න වුනා. පුජාව අවසන් වී, ඒ ශුද්ධවූ අපොස්තලික පියතුමන් මිනිස්සුන්ගේ ලිපි භාරගන්න අවස්ථාවේදී හැක්‍ෂූ කඳුලින් සිටි මගේ ලිපිය භාරගෙන මටත් දරුවාටත් ආශිර්වාද කර මගේ දිහා හිනා මුසු මුහුනින් බලා, එතුමාගේ හිස වනා සිටියා. හරියට ‛‛ඔයාගේ විශ්වාසය ඔයාට පිහිට වුනා’’ කියලා කියන්න වගේ නැත්තම් ‛‛වුන හැම දේම මම දන්නවා’’ කියලා කියන්න වගෙයි.

පල්ලියේ වැඩකටයුතු ඉවර වී මම මුලින්ම කලේ, මගේ සැමියාට දුරකථනයෙන් කථා කර මේ විස්තරය පුලුවන් ඉක්මනට කියන්න උත්සහ කිරීමයි. නමුත් එයාගේ දුරකථනයට මට කථා කරගන්න බැරි වුනා. ගෙදර යන මග මම කල්පනා කලේ, එදා සෙනසුරාදා දවසක් නිසා සාමාන්‍යයෙන් මගේ සැමියා ඔහුගේ යහලුවන් ගෙදරට ගෙන්නා ගෙන මත් පැන් බොනවා ඇති, මොකද සෙනසුරාදා හා ඉරිදා ඒක එයාගේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුන නිසයි. නමුත් එදා එයාගේ යහලුවන් ඇවිත් තිබුනේ නැති වුනත්, අපි ගෙදර යන කොට එයා බීලා නිදාගෙන හිටියා. පහුවෙනිදා උදෙන්ම එයාට මේ විස්තරය කිවුවහම, එයාටද දරාගන්න බැරි සන්තෝෂයක් එක්කම ලොකු ලැජ්ජාවක්ද ඇතිවුනා. එදා ඉදන් එයා බොන එකත්, එයාගේ නරක යහලුවනුත් ටිකෙන් ටික අත් හැර, මාත් එක්ක අදටත් හැම සෙනසුරාදාවකම කටුනායක පල්ලි යන්න එනවා.

දරුවාව දොස්තර මහත්වරුන් ලඟට අරගෙන ගියාම, වෙලා තියෙන දේ, ඒ අයට අදහා ගන්න බැරි වුනා. මගෙන් විස්තරය ඇහුවට පස්සේ ඒ අය කිවුවේ, දෙවියන්ට ඇරෙන්න මේ වගේ දෙයක් මේ ලෝකයේ වෙන කාටත් කරන්න බැහැ කියලයි. මේ ලෝකයේ මිනිසුන් අතර ඉන්න මේ දෙවියන් ගැනයි මේ පුංචි ස්වර්ගය ගැනයි අපි නිශ්ෂබ්දව සිටින්නේ කොහොමද….. ඒ නිසයි මම තීරණය කලේ මට මේ වුන හාස්කම, අනිත් අයටත් දැන ගන්න මම ලියලා භාර දෙනවා කියලා. මොකද මම ඉස්සෙල්ලාම මේ පල්ලියට ගිය වෙලාවෙ මට ඇහුනේ පල්ලියට ඇවිල්ලා ඉන්න මිනිස්සු මේ පල්ලියේ හාස්කම් ගැන කථා වෙනවා විතරයි, ඒක මගේ කනට වැටුන නිසා මට තව තවත් මේ පල්ලිය ගැන, එහි වැඩ සිටින ශූද්ධවූ අපොස්තලික පියතුමන් ගැන විශ්වාසය ඇති වුනා. ඒවා ඇහුනේ නැති අයට එහෙම නොවෙන්න පුලුවන්. ඒ නිසා හැමෝටම දැන ගන්න මම මට වුනු මේ සිද්ධිය ලියාලා භාර දෙනවා. ඒ ශුද්ධවු පියතුමන්ට හා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මමත්, මගේ දරුවත්, මගේ සැමියාත් අප ජීවත්ව සිටින තුරු සදා නයගැතියි.

ශලිණි කුරේ – මොරටුව

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

හරක් හොරකමේ ගිය සුපිරි රියට වෙච්ච දේ මෙන්න – photo

ගාල්ල, බද්දේගම පලාමුල්ල පාරේ බෝක්කුව අසල ගවයන් දෙදෙනකු සොරකම් කරගෙන පළායමින් තිබූ මෝටර් රියක් ගිනිගෙන …

error: Content is protected !!