page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / මම ආදරයෙන් හදාගත්ත වරාය විකුණපු එක ගැන මට දුකයි

මම ආදරයෙන් හදාගත්ත වරාය විකුණපු එක ගැන මට දුකයි

මම හිතන්නේ මගේ පියාගේ, පියාගේ සහෝදරයාගේ වගේම ආනන්ද, කුලරත්නල වගේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ ඉඳලා විශාල බලාපොරොත්තු තිබුණේ මේ වරාය ගොඩනඟන්න. ඉතින් කාටත් බැරි වෙයි කියලා තිබුණු වරාය අපි ගොඩනැඟුවා. මේවට එකක්වත් ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ ගෙවන්න. ණය ගෙව්වෙත් වරාය අධිකාරියෙන් හම්බ කරපු මුදල්වලින්. නමුත් අද මේක විකුණලා දාලා. ආදරෙන් හදාගත්ත වරාය, මිනිසුන්ගේ බලාපොරොත්තු ගැන ලොකු කනගාටුවක් දැනෙනවා.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ පසුගියදා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

එයාලා කියනවා අපි වික්කේ නැහැ අවුරුදු 99කට බදු දුන්නා කියලා. ඔබ දන්නවා මේ බිම් බදු දුන්නු අවුරුදු 99 ඇතුළේ පරම්පරා කීයක් හිටියද. මේ අපේ රටේ ජනතාවට, දරුවන්ට අයිති වෙන්න තිබුණු එකක්. මීට ඉස්සර ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළෙත් මේ වගේ ජූලි මාසෙ 29දා දවසක. මේ දවස හරි අපලයි ලංකාවට. ඉතින් ඒක අස්සන් කරලා අපි අදත් දුක් විඳිනවා. අදටත් බැට කනවා. අසූහතේ මේ මාසේ විසිනව වැනිදා තමයි ගිවිසුම අස්සන් කළේ. එදා ඉන්දියාවත් එක්ක අද චීන සමාගමත් එක්ක. ඒ වගේම දවසක ආපසු ජේ. ආර්.ගේම මුණුපුරායි දැන් ජනාධිපතිවරයායි දෙන්නා හවුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාට්ටු කරගෙන ගිවිසුම් ගහලා මේක විකුණලා දැම්මා. මේ රටේ ජනතාවගේ වස්තුවක් නැතිවීම ගැන විරෝධතාව අපි හැම වෙලාවෙම පළ කළා.

ඕනනම් වරාය දිගටම දුවන්න පුළුවන්කම තියෙනවා හරියට කරනවා නම්. වුවමනාවක් තියෙනවා නම් වරාය වහන්නත් පුළුවන්. මේක තව සංවර්ධනය කරන්න වැඩපිළිවෙළ දියත් කරන්න වුණත් පුළුවන්. ඒත් දැන් පිටරට සමාගමකට දීලා. ආණ්ඩුවට මත්තල ගුවන්තොටුපොළත් එක්ක තියෙන්නේ මහා වෛරයක්. හම්බන්තොට ජනතාවත් එක්ක තියෙන්නේ වෛරයක්, ඉරිසියාවක්. මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා ආවා. මේ පැත්තේ මිනිස්සු ඒක දන්නවා. ඕනම රටකට ගුවන්තොටුපොළවල් දෙකක් තියෙන්න ඕන. බලයට ආපු ගමන්ම කළේ මත්තල වී ගබඩාවක් කරපු එක. වී ගබඩාවක් කරලා වී දාලා ඒක බාල්දු කරලා විනාශ කරලා මේක වහලා දැම්මා. ඒකයි මේ ආණ්ඩුවෙන් කළේ. දැන් වහලා දාලා ඉවර වෙලා මේක විකුණනවා වැඩක් නැහැ කියලා. ගුවන් යානා නැති එකක් කියලා. ගුවන්තොටුපොළට ආපු ගුවන්යානා නැවැත්තුවේ කවුද? ගුවන්තොටුපොළ, වරාය හැදුවේ හම්බන්තොට ජනතාවට විතරක් නෙවෙයිනේ. මුළු රටටම. මේක මේ රටටම නැති වුණු දේපළක්. රටට ඉතාම අපල තත්ත්වයක් උදාවෙලා.

අපේ ‍ෙදාස්තර මහත්තුරු, නර්ස්ලා ඇටෙන්ඩන්ස්ලා අපේ පී.එච්.අයි.ලා අපේ විශේෂඥයන් ගුවන් යානාවලින් පාකිස්තානයට යැව්වා. ඒ යවලා මාසයක් ඇතුළත ඩෙංගු ප්‍රශ්නය විසඳලා ආවා. අදටත් ඒ අය අපට ස්තූති කරනවා. ඒක හින්දා අපේ අයට පුළුවන්. මේ ඩෙංගු ප්‍රශ්නය විසඳන්න. මේ රජයට තියෙන්නේ වුවමනාවක් නැතිකමයි.

අපි කරපු වැඩ ගැන කතා කරන්නේ. හරියට අපේ කැබිනට් එකේ හිටියේ නෑ. වගේ. එයත් වග කියන්න ඕන. වගකීමෙන් මිදෙන්න පුළුවන්කමක් නෑ ඒක නිසා එයා කටට එන ඒවා කියන්නේ නැතුව ඇත්ත කතා කරලා මේ රටේ ප්‍රශ්නය විසඳන්න ජනතාවගෙන් සහයෝගය ගන්න එකයි තියෙන්නේ. වෛරය කේ‍රා්ධය හැම වෙලාවෙම පළිගැනීම තමයි කටින් පිට වෙන්නේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
තංගල්ල – සහම්පති මානගේ
වීරකැටිය සේන වික්‍රමාරච්චි

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!