page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake / රජයේ නීතිපති දෙපාර්තමේන්තුව මගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කරනවා | ViDEO

රජයේ නීතිපති දෙපාර්තමේන්තුව මගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කරනවා | ViDEO

බැඳුම්කර කොමිසමට කැදවා, රජයේ නීතිපති දෙපාර්තමේන්තුව තමාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක නිරතව සිටිනවා…..
සාක්‍ෂි නැතිව, මාධ්‍යයෙන් මම එල්ලන්න හැදුවා, අද මම සාක්‍ෂි සහිතව ඒ සියල්ල බොරු බවට ඔප්පුකර පෙන්නුවා…

බැඳුම්කර කොමිසමට කැදවා නීතිපති දෙපාර්තුමේන්තුව තමාගේ චරිතය ඝාතනය කිරීමට උත්සහය දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බැඳුම්කර ජනාධිපති විමර්ශණ කොමිසම හමුවේ අද (02) සාක්‍ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

එහිදී රවී කරුණානායක මහතා පැවසූවේ සාක්‍ෂි නොමැතිව තමා, මාධ්‍ය තුලින් එල්ලා දැමීමට හැදුවත්, අද තමා සියළු සාක්‍ෂි සහිතව ඒ සියළු දේ කොමිසම හමුවේ ඔප්පු කර පෙන්නා දුන් බවත් කීය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා.

“සාක්‍ෂි නැතිව මම මාධ්‍යයේන් එල්ලන්න හැදුවා. සාක්‍ෂි සහිතව ඒ සියළු දේ බොරුයි කියල මම අද ඔප්පු කර පෙන්නුවා. මට කියන්න තියෙන්නේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව, අපේ චරිතය ඝාතනය කරල ඒ අය ඉහළ තනතුරුවලට යන්නයි. මේ හදන්නේ. මේක තුලින් අපට පෞද්ගලිකව ජීවත්වෙන්නවත් බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අපි ආවෙ යහපාලනයක්, පිරිසිදු පාලනයක් ඇතිකරන්න.ඒකට ඉහළින්ම කටයුතු කරල තියෙන පුද්ගලයෙක් තමා මම. ඕනම කෙනෙකුට පේනවා, මුදල් අමාත්‍යාංශයේ මම අවුරුදු දෙකහමාරක පිරිසිදු පාලනයක් ගෙන ගියේ , අද මේ සිද්දවෙලා තියෙන්නේ දේශපාලනයේ, අපේම හිතවත් පිරිසක් කරන දේවල්. මෙන්න මේක තමයි මට තිබෙන ලොකුම ප්‍රශ්නය. මට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්, ඇත්ත හෙළිදරව් වෙනවා, වසන් කරන්න බෑ. මම මාධ්‍යයේන් ඉල්ලනවා ඔබතුමාලා නිකරුනේ මගේ චරිත ඝාතනය කරලා තියෙන්නේ, ඒක නිවැරදි කරන එක ඔබ සියළු දෙනාගේම කටයුත්තක්. මෙතැන කියපු දේවල් සාක්ෂාත් වෙනවා.

මං ආරාධනා කරනවා ඔබතුමන්ලාට ඕනෙනම් දැන් එන්න පෙන්නන්න. පෙන්ට් හවුස් (Penthouse) කියලා මෙතන වැරදි දේවල් පෙන්නල දීලා තියෙන්නේ. මම දේශපාලනයට එන්න පෙරාතුව පාර්ලිමේන්තුව ළඟ ගෙදර තිබුණා. මේවා අළුත් දේවල් නෙමේ. නීතිපති දෙපාර්තුමේන්තුව හොරු පස්සේ යන්නේ නැතුව, යහපාලනය හදපු අය පස්සේ යනවා. අද මට සතුටුයි, රජය වෙනුවෙන් ජේHෂ්ඨ ඇමතිවරයෙක් විදිහට නීතිපති දෙපාර්තුමෙන්තුවෙන් ඇවිත් ප්‍රශ්න කරනවා. මේක අවුරුදු 3කට පෙර කරානම් මොනවද වෙන්නේ, සුදු වෑන් වලින් යන්න තිබුණා. ඒ නිසාම තමයි, අපි මේවට එන්නේ. මම මේවා කියන්නේ යම්කිසි සිත් වේදනාවකින්. අපි විපක්‍ෂයේ ඉන්නකොට අපට හිරිහැර කළා. අපි ආණ්ඩුවට ආවහම, චරිතය ඝාතනය කරනවා. මොකද්ද අපි කරළ තියෙන වැරද්ද. ඔබ සියළු දෙනාම දකින්න ඇති මගේ පිළිතුරු. හංගන්න දෙයක් නැහැ, අපි අගය කරනවා කොමිසමේ විනිසුරුවන් තුන්දෙනාටම. අපි හොදින් පිළිගෙන කටයුතු කිරීම ගැන. අනෙක් පැත්තෙන් අපිව ප්‍රශ්න කළ ආකාරය ගැන කතා කරන්න මට අයිතියක් නැහැ. නමුත් ඔබ සියළු දෙනාටම සැබෑ තත්ත්වය දැනගන්න ලැබේවි.”යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කොමිසම හමුවේ, සාක්‍ෂි ලබා දීමේ අවස්ථාව දැක බලාගැනීම සඳහා, එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද පැමිණ සිටිහ. එමෙන්ම සාක්‍ෂි ලබා දීමෙන් අනතුරුව, කොමිසන් සභා පරිශ්‍රයෙන් පිටතට පැමිණි රවී කරුණානායක මහතාට සුභ පැතීම සඳහා, ඒ මහතාගේ හිතවතුන් විශාල පිරිසක්ද කොමිසන් සභා පරිශ්‍රයට ඇතුල්වන මාර්ගය ආසන්නේ රැදී සිටිහ.

Check Also

රවී කරුණානායක මහතාගේ දියණිය පියාට එල්ලවන චෝදනා පිලිබඳ කතාකරයි

මොනාක් රෙසිඩන්සීස්හි පිහිටි මහල් නිවාසය කුලී පදනම මත ලබාගැනීමට හෝ මිලදී ගැනීමට තමන් කිසිම මැදිහත්වීමක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!