page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Uncategorized / අර්ජුන් ඇලෝසියස් කොමිසමට භාරදුන් Apple දුරකතනයේ දත්ත ගබඩාව වෙනස්කිරීමට හොරෙන් රිංගන්න හදලා

අර්ජුන් ඇලෝසියස් කොමිසමට භාරදුන් Apple දුරකතනයේ දත්ත ගබඩාව වෙනස්කිරීමට හොරෙන් රිංගන්න හදලා

අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුගේ බිරිඳගේ දුරකතනය භාවිත කර පරීක්ෂණ සඳහා භාර දී ඇති දුරකතනයේ ගිණුමට ඇතුල් වීමට උත්සහ කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට දැනුම්දී තිබේ.

අර්ජුන් ඇලෝසියස් මහතාට හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට එම ජංගම දුරකතනයේ දත්ත පිරික්සීමට ඇති අවකාශ තහනම් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී කොමිසමෙන් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම සලකා බලා හෙට නියෝගයක් නිකුත් කරන බව කොමිසම සඳහන් කර අතර අර්ජුන් ඇලෝසියස් මහතා අසත්‍ය ප්‍රකාශ කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද කොමිසම මෙහිදී ප්‍රකාශ කර සිටියේ ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියේ සාක්ෂි කෙසේ හෝ ආරක්ෂා කර ගත යුතුව ඇති බවයි.

අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කොමිසමට දැන්වුයේ තම සේවා දායකයාගේ දුරකතනන ගිණුමට යම් අයෙකු ඇතුල් වීමට තැත් කර ඇති බවයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ එම ජංගම දුරකතනය පිරික්සීමට විමර්ශන නිලධාරීන්ට බලය ඇති බව ය.

Check Also

අද 2017 ජූලි මස 07 වන සිකුරාදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

-මේෂ ලග්නය අද දවසේ ඔබගේ අලුත් බලාපොරොත්තු ඇති වෙන අතර ඒවා හැකි වන දවසක් ලෙසින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!