page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Rape cases / කොළඹ-නුවර බස් එකේදී තරුණියට ලිංගික ප්‍රදේශය පෙන්නු අයියා මෙන්න | ViDEO

කොළඹ-නුවර බස් එකේදී තරුණියට ලිංගික ප්‍රදේශය පෙන්නු අයියා මෙන්න | ViDEO

රථයකදි තරුණියකට වූ අපහසුතාවයක් පිළිබද පුවතක් වාර්තා වනවා. මෙම තරුණිය අපහසුතාවයට පත්ව ඇත්තේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන්.

එම පුද්ගලයා මෙම තරුණියට ඔහුගේ ලිංගික ප්‍රදේශය පෙන්වමින් තරුණිය අපහසුතාවයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එයින් මිදී එම තරුණිය තරුණිය වෙන ආසනයකට පැමිණියද ඔහු එතනටත් පැමිණ පෙර මෙන්ම අශෝභන ලෙස හැසිරී ඇති අතර එවිට ඇය ඔහුගේ ක්‍රියාව හොර රහසේ වීඩියෝ ගත කර ඇත්තේ මෙවැනි පුද්ගලයින්ට සමාජය මගින් පාඩමක් ඉගැන්වීමේ අරමුණින්.

එම වීඩියෝ පටය පහතින් බලන්න.

මෙවැනි තත්වයක් කාන්තාවකට සිදුවන ලිංගික අතවරයක් සේ ගැනිය හැකි අතර එය නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වනවා.පොදු ස්ථානයකදි සිදුවන මෙවන් ක්‍රියාවක් පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි අතර ඒ සදහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අංක 0112 44 44 44 දරණ පැය 24 ම විවෘත දුරකතන අංකයක්ද ස්ථාපිත කර තිබෙනවා.

පොදු ස්ථානවල අශෝභන ලිංගික ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ට පහරදීම් වැනි සිදුවීම් කිහිපයක් පිළිබදව පසුගිය දිනවල ද වාර්තා වූ අතර මෙය ප්‍රදර්ශන කාමුකත්වය නම් මානසික රෝගි තත්වයක් බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂ ඥ වෛද්‍ය රූමි රූබන් මහතා සදහන් කළේ.සිය අගපසග විරුද්ධ පාර්ශවයට නිරාවරණය කරමින් ලිංගිකව තෘප්තිමත් වීමක් බලාපොරොත්තු වන මෙය පිරිමි පමණක් නොව කාන්තා පාර්ශවයටද වැළදිය හැකි රෝගි තත්වයක් බවද ඔහු අනාවරණය කළා.

‘‘මේ මානසික තත්වය පවතින පුද්ගලයන් කෙටිකලකින් ඊට ඇබ්බැහි වනවා.නොසිතතූ වෙලාවක විරුද්ධ පාර්ශවයේ අයට සිය ලිංගික අවයව නිරූපණය කරන ඔවුන් ප්‍රතිවිරුද්ධ පාර්ශවය එම තත්වය නිසා මුහුණ දෙන අපහසුතාවය සිය තෘප්තිය කරගන්නවා.ලිංගික අපවර්තන ගනයේ ලා සැලකෙන මෙම තත්වය මානසික උපදේශන මෙන්ම ඖෂධ ප්‍රතිකාර මගිනුත් සුව කරන්න පුළුවන්.මූලික අදියරේදී මෙම තත්වය සුව නොකරගත්තොත් විශාදිය වැනි තත්වයක් කරා එය වර්ධනය වෙලා එම මානසික පීඩනය මත සිය දිවි නසාගැනීම වැනි දරුණු අන්තයක් කරා යන්න පුළුවන්.මෙම තත්වයට ‍ගොදුරු වෙලා තියන කෙනොට ඒ වගේ මට්ටමකදි ඒක තේරෙනේ නෑ.ඒ නිසා මෙවැනි මානසික තත්වයක් තිබෙන කෙනෙක් පිළිගත් මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නවා නම් ඉක්මනින් යථා තත්වයට පැමිණිය හැකියි‘‘.තවදුරටත් කරුණු දක්වමින් මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා සදහන් කළා.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!