page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / සුව අරණ / cancer / පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීමේ පිංකමට දායක වන්නට ඔබටත් අවස්ථාවක්

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීමේ පිංකමට දායක වන්නට ඔබටත් අවස්ථාවක්

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීමේ පිංකමට දායක වන්නට ඔබටත් අවස්ථාවක්..මෙන්න තිබිය යුතු සුදුසුකම්..ගොඩක් දෙනෙකු විමසු ප්‍රශ්නයට මෙන්න පිළිතුරු..

පිළිකාවක් යන්න ඇසූ පමණින් ඇතැමුන් බියට පත්වෙති. නමුත් කලින් හඳුනා ගැනීමෙන් සුව කළ හැකි පිළිකා අතර පියයුරු පිළිකා, මුඛ පිළිකා මෙන්ම තවත් පිළිකා වර්ග කිහිපයක්ම ඇත.

පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ කෙස් කළඹ බොහෝ විට අහිමිවීමට සිදුවීම රෝගියා මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වේ. එවැනි තත්ත්වයකට කාන්තාවන් මුහුණදීමේදී සත්තකින්ම ඔවුන් ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වන අතර මානසිකව බිඳ වැටීමකට පවා ලක්වේ. එයට විකල්පයක් ලෙස ඇතැමුන් වෙළඳපොළෙන් මිලට ගත හැකි ‘විග්’ භාවිත කළ ද එහි ඇති අස්වාභාවිකභාවය නිසා නොගැළපීමක් ද සිදුවේ.

නමුත් පසුගියදා රමණී ප්‍රනාන්දු සැලෝන් වෙතින් මෙයට සුදුසු විකල්පයක් ලෙස ස්වභාවික හිස කෙස්වලින් සැකසූ කෙස් කළඹක් පිළිකා රෝගීන් වෙත ලබාදීමේ වැඩ පිළිවෙලක් දියත් කෙරිණි.

පිළිකා සරණ භාරය සහ රමණී ප්‍රනාන්දු සැලෝන් එක්ව ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේදී පරිත්‍යාගශීලී කාන්තාවන් රැසක් පිළිකා රෝගීන් වෙනුවෙන් සිය කෙස් කළඹ පරිත්‍යාග කරන ලදී.

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී මෙන්ම කොණ්ඩා නිර්මාණ ශිල්පී ලලිත් ධර්මවර්ධන මහතා විසින් මෙම පරිත්‍යාග කළ හිස කෙස්වලින් විග් ‘කෙස් කළඹ’ නිර්මාණය කිරීම සිදු කෙරේ. වෙළෙඳපොළේ එක් ලක්ෂ අනූදහසක ඉහළ අගයක් ගන්නා මෙම ස්වභාවික ‘විග්’ සකස් කිරීම ලලිත් ධර්මවර්ධන මහතා විසින් ඉතා අඩු සහනදායී මුදලකට ලබා දෙන අතර ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹ සකස් කිරීමේ හැකියාව ඇති සහ තාක්ෂණික දැනුම ඇති ශ්‍රී ලංකාවේ එකම සැලසුම් ශිල්පියා වන්නේ ද ඔහුය.

එක් කෙස් කළඹක් සැකසීම සඳහා පරිත්‍යාගශීලීන් 8 – 15 අතර පිරිසකගේ හිසකෙස් අවශ්‍යවේ.

මෙතෙක් ස්වභාවික හිස කෙස් ඉන්දියාවෙන් ආනයනය කරන ලද අතර මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව කෙස් කළඹ අහිමි වූ පිළිකා රෝගීන් උදෙසා ස්වකීය හිසකෙස් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන්ට අවස්ථාව සැලසේ. මෙම පිළිකා රෝගය වැලඳුන අයට තම හිසකෙස් පරිත්‍යාග කිරීම සඳහා කැමැත්තක් දක්වන කාන්තාවන් සිටී නම් පිළිකා සරණ භාරයට අමතා සියලු විස්තර දැනගත හැක.

ශ්‍රී ලංකාවේ පිහිටි රමණී සැලෝන් 14 හිදීම කෙස් රැස් කරන අතර ළඟම පිහිටි රමණී සැලෝන් ශාඛාවට පැමිණ ඒ සඳහා දායක විය හැක.
කපාගත් වහාම හිස කෙස් පිළිකා සරණ භාරය වෙතට යොමු කෙරේ.

හිසකෙස් ප්‍රදානය කරන්නන්ගේ හිසකෙස් අවම වශයෙන් අඟල් 8 ක් වත් දිග විය යුතුය. පරිත්‍යාග කිරීමට පෙර තෙල්, හෙයා ස්ප්‍රේ, ජෙල්, මූස් හෝ වෙනත් ආලේපනවලින් තොරව පිරිසිදුව තිබිය යුතුය. කොණ්ඩය දන්දීමට දිනකට පෙර හිසකෙස් හොදින් යොදා සෝදා පිරිසිදු කර කිසිම හැඩ ගැන්වීමකින් තොරව තබා ගන්න. කැපීමට පෙර හිස කෙස් වියළිව තිබිය යුතුය. හිසකෙස් පෝනිටේලයක් ලෙස හෝ ගොතා තිබිය යුතුය. වර්ණ ගන්වන ලද පර්ම් කරන ලද හිසකෙස් භාර නොගැනේ. පැසුණු හිසකෙස් පිළිගනු නොලැබේ. ලේයර් කරන ලද කෙටිම කොටසේ දිග අඟල් 8 ක් වේ නම් පරිත්‍යාග කළ හැක. කැරලි ගැසුණු කෙස් අඟල් 8 ක් වත් දිගුව තිබිය යුතුය.

මේ සියලු විස්තර පිළිකා සරණ භාරයේ, දුරකථන අංක වන 0112363211 ඇමතීමෙන් ඔබට ලබාගත හැක.මේ ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය දායකත්වය ලබාදීමට ද ඔබට හැකියාවක් ඇත.

ඔබේ කොණ්ඩය දන්දීම පිළිකා රෝගීන්ට කරන විශේෂිත වූ පිංකමකි.

මේ ගැන සැවොම දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

පත්තර පිටුවේ ඔතපු කෑම කැවොත් පිළිකා තිත්ත උනත් මේ ඇත්ත හැමෝම දැනගන්න

අප කී දෙනෙකු මොනතරම් කලබලයකින් උදෑසනට බත් මුල් ඔතනවාද? කලබලය කොපමණදයත් බත් මුලේ ඇති දේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!