page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / දේශපාලන / Namal Rajapaksa / මූල්‍ය අපරාධ කොට්ඨාශ භාරයට ගත් නාමල්ගේ අධි සුපෝපභෝගී මෝටර් රථය මෙන්න. | ViDEO

මූල්‍ය අපරාධ කොට්ඨාශ භාරයට ගත් නාමල්ගේ අධි සුපෝපභෝගී මෝටර් රථය මෙන්න. | ViDEO

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබී පසුව වෙනත් පාර්ශවයක් මිලදී ගත් බව පැවසූ සුඛෝපභෝගී මෝටර් රථය මුදාහැරීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට සති තුනක කාලයක් ලබාදී තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදියි.

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවක් රුපියල් ලක්ෂ 85 කට මිලදී ගෙන තිබූ මෙම මෝටර් රථය අලූත්වැඩියා කටයුතු සඳහා ගරාජයක දමා තිබියදි මූල්‍ය අපරාධ කොට්ඨාශය භාරයට ගැනුනා.

කෙසේ වෙතත් නඩුවට අදාළව සැකකරුවන් නම් කර නොමැති බවත්, මෝටර් රථය මූල්‍ය අපරාධ කොට්ඨාශයේ දිරාපත්වෙමින් පවතින බවත්, පැවසූ එහි හිමිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එය මුදාහරින ලෙස අද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.


විඩියෝව පහතින් බලන්න

පා.ම. නාමල් රාජපක්ෂ මහතාගේ අධි සුපෝපභෝගී මෝටර් රථය..

Posted by SLRC News on Thursday, August 3, 2017

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!