page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Uncategorized / මොරටුව ජර්මන් ටෙක් විදුහල්පති විභාග සමත්කරන්න සිසුවෙකු ලිංගිකව අපයෝජනය කරන හැටි | ViDEO

මොරටුව ජර්මන් ටෙක් විදුහල්පති විභාග සමත්කරන්න සිසුවෙකු ලිංගිකව අපයෝජනය කරන හැටි | ViDEO

ආණ්ඩුව වෛද්‍ය විද්‍යාල වලට ප්‍රමිතියක් සකස් කරද්දී මෙතෙක් ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන ගිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හෙවත් ජර්මන් ටෙක් හි විදුහල්පති ශාන්ත කරුණාරත්න නමැති විකෘති කාමාශාවන්ගෙන් පීඩිත මානසික රෝගියා සිසුන් විභාග වලින් සමත් කිරීම සඳහා සිසුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගනිමින් තම කාමාශාවන් සංසිඳවා ගැනීමේ නීච සිද්ධියක් ශිෂ්ඨාචාරගත මහජනතාව වෙත වීඩියෝ සාක්කි සහිතව මෙසේ හෙළිදරව් කරමු.

මොහු දිගුකලක් මේ නීච ක්‍රියාව සිදුකරගෙන ගිය නමුදු කිසිවෙකු ඔහුට එරෙහිව නැගී සිට නැත. ශාන්ත කරුණාරත්නගේ ලිංගික පීඩාවට ලක් වූ අහිංසක සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය අතරමග නතර කර දමා ජර්මන් ටෙක් වෙතින් පලා ගොස් තිබියදී එක් සිසුවෙකු මේ අසාධාරණයට එරෙහිව බුද්ධිමත්ව නැගී සිටියේ ය.

ඔහු කොළඹ තදාසන්නයේ පදිංචි සිසුවෙකු වන අතර ඔහු විභාගයේ විෂයන් කිහිපයකින් අසමත් කර ඒ විෂයන් සමත් කර දීම සඳහා විදුහල්පති ශාන්ත කරුණාරත්න නීචයා දිගින් දිගටම ලිංගික අල්ලස් ඉල්ලා තිබේ. එවන් අවස්ථාවක පෙර සූදානම් සහිතව නීචයා හෙළිදරව් කිරීම සඳහා රහසිගත වීඩියෝ කැමරාවක්ද සහිතව ගිය සිසුවා ශාන්ත කරුණාරත්නගේ ජඩ, නීච, පාහර, තුච්ඡ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කරන ලද්දේ ය. මෙහි දැක්වෙන්නේ එම දීර්ඝ වීඩියෝවෙන් විනාඩි 4 ක පමණ කොටසකි. මේ සම්බන්ධයෙන් පටිගත කරන ලද හඬ පට රාශියකි.

මේ සාක්ෂි සියල්ල එකතු කරමින් වින්දිත සිසුවා ගල්කිස්ස පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන ලද අතර අල්ලස් හෝ දූෂණ කොමිසමටද පැමිණිල්ලක් ගොනු කෙළේය.

පොලිසියේ පැමිණිල්ල පමණක් පිටු 13 කින් සමන්විත වුවද පොලිසිය මේ සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ ඒ සියල්ල සඟවා විදුහල්පතිවරයා සිසුවාගේ අතින් ඇද්දා යයි පමණක් සඳහන් කරමින් නඩු පවරා තිබිණ. ජූලි 25 දා නඩුව විමසූ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මොහුට ඇප ලබා දෙනවාට අකමැත්තක් දැක්වූ නමුත් පොලිසිය ඇප ලබා දීමට විරෝධතාවයක් නොදැක්වූ බැවින් රු. ලක්ෂ 2 ක පුද්ගල ඇප දෙකක් සහ මුදලින් රු. 50000 ක ඇප මත මුදා හැරිය අතර නඩුව ඉදිරි දිනයකට කල් තැබුවේ ය.

අධ්‍යාපන ආයතනයක ප්‍රධානියා මේ සා වරදකට අධිකරණය හමුවේ චෝදනා එල්ල වී ඇප මත සිටියදී එවැන්නෙකුට යලිත් එකී අධ්‍යාපන ආයතනයේ රාජකාරි කරන්නට දෙන්නේ නැති නමුදු ජර්මන් ටෙක් බාර ඇමැති චන්දිම වීරක්කොඩි සහ ජර්මන් ටෙක් සභාපති පණ්ඩු බණ්ඩාරනායකගේ අනුහසින් ශාන්ත කරුණාරත්න කිසිදු විලි ලැජ්ජාවකින් තොරව යලි ජර්මන් ටෙක් විදුහල්පති තනතුරේ හිඳුවා ඇත.

පොලිසිය නිසි ලෙස චෝදනා ගොනු නොකරමින්ද, දේශපාලන බලධාරීන් නීත්‍යාණුකූලව ක්‍රියා නොකරමින්ද, මේ ආරක්ෂා කරන්නේ කව්ද…? සිසුන් විභාග වලින් පාස් කරවීමට ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පති පරයෙකි.

නියැන්ඩතාල් වම්මුන්ගේ දේශපාලන ඇජෙන්ඩාවලට පමණක් උඩුබුරලන ශිෂ්‍ය ව්‍යාපාර යැයි කියා ගන්නා හැතිකරයද මේවා ගැන නිහඬ ය.

අසාධාරණයට සහ පීඩාවට පත් වූ සිසුවා විසින් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ පිටපතක් මෙහි දැක්වෙන අතර ශාන්ත කරුණාරත්න පරයා කරන ලද ලිංගික අපයෝජනයේ වීඩියෝවක්ද පහත දැක්වේ

විදුහල්පතිවරයා විසින් ලිංගික අල්ලස් ඉල්ලීම / ලබාගැනීම හා ඒ සඳහා සහයෝගයෙන් හා අනුබල දුන් අනෙක් පුද්ගලයින්ගේ ක්‍රියා කිරීම් සනාථ කිරීමට පහත කරුණු තවදුරටත් සඳහන් කරමි.

⦁ ඉතාමත් සැලසුම් සහගත ලෙස හා චේතනාන්විතව අවසන් විභාගයේ විෂයයන් දෙකක් අසමත්කිරීමට මෙකට්‍රොනික්ස් අංශයේ ප්‍රධානී කේ. ඩී. මහවෙල, ප්‍රදීප් බුද්ධික ඇතුළු ගුරුවරුන් කටයුතු කිරීම.

⦁ දෙවනුව විදුහල්පති වරයා විසින් ‘මීට පෙර සිට ඇසුරක් පවත්වාගෙන තිබුනේනම් මෙසේ විභාග අසමත් වීමක් සිදු නොවන බව ප්‍රකාශ කිරීම’.

⦁ විදුහල්පති වරයා, මහවෙල හා තිලකසිරි යන ගුරුවරුන් පරස්පරව කරුණු දක්වමින් ඊනියා ‘විභාග කමිටුවක්’ ඇතිබව ප්‍රකාශ කොට අභියාචනය හේතුවෙන් එක් විෂයක් පමණක් සමත් බව පැවසීම.

⦁ අසමත්කොට ඇති ඉතිරි විෂය ඉදිරියේදී පවත්වන (දින නියමයක් නොමැති) විභාගයේදී සමත්කරන බවට විදුහල්පති වරයා විසින් වක්‍රව ප්‍රකාශකොට ඔහුගේ පුද්ගලික හා ලිංගික අවශතාවයන් සපුරා ගැනීමට කටයුතු කිරීම.

⦁ විදුහල්පති වරයාගේ මෙම ක්‍රියාව පටිගත කලායයි යන සැකය මත සාක්‍ෂි විනාශ කිරීමට ආයතනයේ අරක්ෂක අංශය හා ඔහුට හිතවත් ගුරුවරුන් මා වෙත ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් නීති විරෝධී අයුරින් මෙහෙයවා කටයුතු කිරීම මගින් ඔහුගේ අරමුණ හොඳින් සනාථ වීම.

⦁ ඉහත සියලු කරුණු සනාථ කිරීමට පටිගත කරනලද දුරකථන සංවාද, ඔහු විසින් නිල කාමරය තුල, රාජකාරී කාලය තුල, ඇතුලතින් අගුල් දමා සිදු කරන ලද අස්වාභාවික ලිංගික ක්‍රියාකරකම් සනාථ කිරීමට ප්‍රබල විඩියෝ සාක්‍ෂි මේ සමග ඇත.

-LankaEnews

මේ කාලකණ්නි ගල් ට්ක්කාව රටටම පේන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

අද 2017 ජූලි මස 07 වන සිකුරාදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

-මේෂ ලග්නය අද දවසේ ඔබගේ අලුත් බලාපොරොත්තු ඇති වෙන අතර ඒවා හැකි වන දවසක් ලෙසින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!