page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / ගංජා හා කසිප්පු ළඟ තිබූ තරුණයාට පොලිසියෙන් ජොබ් එකක්‌!

ගංජා හා කසිප්පු ළඟ තිබූ තරුණයාට පොලිසියෙන් ජොබ් එකක්‌!

ගංජා හා කසිප්පු ළඟ තබාගෙන අලෙවි කරමින් සිටි පුද්ගලයකු අම්බලන්තොට පොලිස්‌ වසමේ බෝලාන, සියඹලාගස්‌විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

එම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු පොලිසියට පවසා ඇත්තේ ආදායම් මාර්ගයක්‌ නැති නිසා මෙම නීතිවිරෝධී කටයුත්තෙහි යෙදුණ බවත්, රැකියාවක්‌ සොයා දෙතොත්, මින් ඉවත් වන බවත් ය. ඔහු අත්අඩංගුවට ගත් උ. පො. පරීක්‍ෂකවරයා ඔහුට රැකියාවක්‌ සොයා දීමට එකඟ වී තිබේ.

සැකකරු හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඔහුට රු. 21000 ක දඩයක්‌ නියම කළේය. ඒ කසිප්පු සඳහා රු. 11000 ක්‌ ද, ගංජා සඳහා රු. 10,000 ක්‌ ද වශයෙනි.

විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. ඩී. එදිරිසිංහ, පො. කො. 52694 සිරිවර්ධන යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

Check Also

රුපියල් 25000ක දඩ මුදල 30000ක් දක්වා ඉහළට | මේ වැරදි නම් කරන්න හිතන්නවත් එපා..

බාලවයස් කරුවෙකු රිය පැදිවීමේ දඩ මුදල 30000 දක්වාද , බීමතින් රිය පැදවීම ඇතුළු රථ වාහන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!