page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / ප්‍රින්ස්ගේ රෝහල බිල ගෙවා ඉතිරි ලක්ෂ 5 1/2න් හැමෝම පුදුම කරමින් නැගණිය කරපු උතුම් ක්‍රියාව

ප්‍රින්ස්ගේ රෝහල බිල ගෙවා ඉතිරි ලක්ෂ 5 1/2න් හැමෝම පුදුම කරමින් නැගණිය කරපු උතුම් ක්‍රියාව

දශක තුනක පමණ කාලයක් පුරා මෙරට ගීත ලෝලීන්ගේ හදවත් අමන්දානන්දයට පත්කළ ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවා පසුගියදා මෙලොවින් සමුගත්තා. ඔහු අසනීපව සිටි කාලය පුරාවටම ඔහුගේ නැගණිය ශිරෝනි ප්‍රියංගිකා ඔහු ජීවත් කරවීම සඳහා නොගත් උත්සාහයක් නැහැ. අවසානයේ ඔහු පෞද්ගලික රෝහලකදී අවාසනාවන්ත ලෙස මියයන විට එම රෝහලට ලක්ෂ 25කට අධික රෝහල් බිල්පතක් ගෙවීමට නියමිතව තිබුණා.

ආර්ථික අතින් අන්තිම අසරණව සිටි ඔවුනට එම මුදල ගෙවීමේ හැකියාවක් තිබුණේ නෑ.රටක් ආදරය කළ කලාකරුවෙක් රටට ණය කරුවෙකු නොවී ඔහුට ගෞරවාන්විත සමුදීමක් කළ යුතු යැයි ශ්‍රී ලාංකේය ගායක-ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතාට පහලවූ සිතුවිල්ලක් අනුව මධුමාධව අරවින්ද, ටිරෝන් මද්දුමගේ, සේනක උබේසිංහ හා නුවන් සමරසිංහ යන කලාකරුවන්ගෙන් සමන්විත සංවිධායක මඩුල්ලක් එකතුව මෙම මුදල ගෙවීම සඳහා සංගීත ප්‍රසංගයක් පසුගියදා පැවැත්වූවා.

ප්‍රසංගයේ අරමුණ ඉතාමත් සාර්ථක වෙමින් බලාපොරොත්තු වූ මුදල ඉක්මවා රුපියල් ලක්ෂ 5 ½ ක වැඩිපුර මුදලක් ලැබී තිබුණා.පසුගිය 25 වැනි දින නවලෝක රෝහල් පරිශ්‍රයේදී පුංචි උත්සවයක් සංවිධානය කරලා මේ මුදල්-ණය පියවීමට කටයුතු කළා. එහිදී නවලෝක රෝහලට ගෙවිය යුතු මුදලින් රුපියල් ලක්‍ෂ දහයක් අඩුකරලීමට එහි සභාපති ජයන්ත ධර්මදාස මහතා කටයුතු කළා. ඉතිරිවූ මුදලින් ලක්ෂ 4ක් ප්‍රින්ස්ගේ නැඟණියට ලබාදුන් අතර ඉතිරි ලක්ෂ 1 ½ ක මුදල ප්‍රින්ස්ට පිං පිණිස අද වන විට රෝගාතුරව හා අසරණව සිටින කලාකරුවන් හය දෙනකුහට ප්‍රින්ස්ගේ නැඟණිය අතින්ම එම කලාකරුවන්ගේ ඥාතීන් වෙත ප්‍රදානය කරනු ලැබුවා.

එම කලාකරුවන් වූයේ ගායන ශිල්පිනී අයිරින් ද අල්විස්, නිවේදන ශිල්පී ධම්මික පී. රත්නායක, වයලීන් වාදන ශිල්පී රුවන් වීරසේකර, රංගන වේදිනී සමන්ති ලැනරෝල් හා රංගන වේදීන් වන බර්ටි ගුණතිලක හා සුමින්ද සිරිසේනයි. ජායාරූප පහතින් නරඹන්න

මේ උතුම් ක්‍රියාව අගය කරන්න හැමොටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!