page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / පාසල් වයසේ සිසුවියන් ගණිකා වෘතියේ යොදවන දොම්පේ ත්‍රීවීල් අයියා මාට්ටු – වීඩියෝ

පාසල් වයසේ සිසුවියන් ගණිකා වෘතියේ යොදවන දොම්පේ ත්‍රීවීල් අයියා මාට්ටු – වීඩියෝ

පාසල් යන වයසේ පසුවන බාල වයස්කාර දැරියන් ගණිකා සේවයේ යොදවන රහසිගත ජාවාරමක් ගම්පහ – දොම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවට හිරු සි.අයි.ඒ වෙත රහසිගත තොරතුරක් ලැබුණා.

දින ගනණනාවක් අදාළ ප්‍රදේශයේ ගැවසෙමින් හිරු සි.අයි.ඒ කණ්ඩායම මෙම ජාවාරමේ තොරතුරු එක්රැස් කළා.

ඒ අනුව දැරියන් ගණිකා ජාවාරමේ යොදවන ත්‍රි රෝද රථ රියදුරු සමග සුක්ෂම හිතවත්කමක් ගොඩනගාගත් අප දුරකතන ඇමතුමක් හරහා ඔහු හා සම්බන්ධ වුණා.

බාලවයස්කාර දැරිය පෙන්වීම සඳහා ජාවාරම්කරු අපට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ මල්වාන ප්‍රදේශටයි. හිරු සී.අයි.ඒ මෙම ජාවාරම රටට හෙළි කිරීමට කටයුතු කළේ හෙට දිනයේ තවත් පාසල් යන වයසේ දැරියන් මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වීම වැළැක්වීමටයි.

ඒ අනුව පානදුර වළාන දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත මෙම ජාවාරම වැටලීමට කටයුතු කෙරුණා.

video sponsor – Hiru Tv,Hiru CIA

Check Also

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි..

තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව නොරහසකි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!