page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake / රවීට සිය අමාත්‍ය ධුරයෙන් දින 2ක් තුළ ඉවත් වෙන ලෙස ජනපති මෛත්‍රී දැනුම්දෙයි

රවීට සිය අමාත්‍ය ධුරයෙන් දින 2ක් තුළ ඉවත් වෙන ලෙස ජනපති මෛත්‍රී දැනුම්දෙයි

විදෙස් ඇමැති රවි කරුණානායක මහතාට සිය අමාත්‍ය ධුරයෙන් දින දෙකක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල ඇමැතිවරයෙක් ප්‍රසිද්ධ පුවත්පතකට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පෙරේදා (08) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු රවි කරුණානායක මහතා විශ්වාසභංගයකට පෙර ඉල්ලා අස්වුවහොත් එය ආණ්ඩුවට මෙන්ම රටටද යහපත් වන බව ජනාධිපතිවරයාට පවසා තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී මේ බව දැනුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය. මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව බාරදුන් විශ්වාසභංගය විවාදයට ගන්නවාද නැතිද යන්න පිළිබඳව කථානායකවරයාගේ තීන්දුවද අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

අයින් වෙන්න – අයින් වෙන්න – අයින් වෙන්න, ජනපති මෛත්‍රී රවීට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!