page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / රථ වාහන වැරදි සඳහා 25000/= දඩය ස්ථිරයි. මෙන්න මේ වැරදි ආයේ කරන්න එපා

රථ වාහන වැරදි සඳහා 25000/= දඩය ස්ථිරයි. මෙන්න මේ වැරදි ආයේ කරන්න එපා

රථ වාහන වැරදි සඳහා රුපියල් 25,000 ක අවම දඩ මුදල අය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, දුම්රිය මාර්ගයක් හරහා අපරීක්ෂාකාරි ලෙස මෝටර් රථයක් ඇතුලු කිරීම සහ වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම යන වැරදි සඳහා මෙම අවම දඩ මුදල ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම, අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම සහ බාලවයස්කරුවන් විසින් රිය පැදවීමේ වැරදි සඳහා අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර මාර්ගය භාවිත කරන වෙනත් පුද්ගලයන් පිළිබඳව නොසැලකිල්ලෙන් සිදුකරන රිය ධාවනයට රුපියල් දස දහසක අවම දඩයක් නියම කිරීමට යෝජනා වී තිබෙනවා.

මාර්ග අනතුරුවලට හේතුවන මාර්ග නීති උල්ලංඝණය කිරීමට අයකරනු ලබන අවම දඩ මුදල රුපියල් 25000ක් දක්වා වැඩිකිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත්කළා.

ඒ අනුව වැරදි 7 ක් සදහා අවම දඩ මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමට යෝජනා වූවත් ත්‍රිරෝද රථ සහ බස් සංගම් වල විරෝධයක් එල්ලවූවා.

කෙසේවෙතත් අනතුරුව මෙලෙස දඩ මුදල් අය කිරීම සදහා ජනාධිපතිවරයා පත්කල කමිටුවේ නිර්දේශ අනුව දඩ මුදල් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමිව තිබෙනවා.

සැවොම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මින් ඉදිරියට උපත් පාලන කොපු පොලීසියට තහනම් – මහජනතාව ලග තිබුනට කමක්නෑ

පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!