page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / දේශපාලන / harin fernando / “අපි හොරු වෙලා.. හොරු රජ වෙලා..” හරීන්ගේ ටෝක් එකට ජනාධිපතිට තද වේ

“අපි හොරු වෙලා.. හොරු රජ වෙලා..” හරීන්ගේ ටෝක් එකට ජනාධිපතිට තද වේ

තමාද ඇමැතිකම් දමා ගොස් සැබෑ හොරුන්ට එරෙහි නව සටනක් ඇරඹීමට සූදානම් බවත් අද සිට ඒ සටන අරඹන අතර තමා ඇතුළු තවත් විශාල මන්ත්‍රී ඇමැති වරු පිරිසක් ඊට එක්ව සිටින බවත් අනාගතයේ දී එ් අය කව්දැයි හෙළිකරන බවත් රවි කරුණානායක ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

හොරු එළවා ජනවාරි 8 ලත් ජයග්‍රහණයේ පළමු වෙඩි මුරය සඳහා තම මන්ත්‍රී පදවිය පුදා එළියට බැස ඌව පළාත් සභාවට සටන් කර ජය ලබා ජනවාරි 8 ජයග්‍රහණයේ මාවත සැකසූ හරීන් ප්‍රනාන්දු නමැති තරුණ දේශපාලනඥයාගේ අද ප්‍රවිශ්ඨය ද තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට හරීන් ප්‍රනාන්දු මේ පිලිබඳව පසුගිය කැබිනට් මන්ඩලයේ දී ජනාධිපතිවරයා සමග ද ප්‍රශ්න කර තිබිණ. “මේක කුමන්ත්‍රණයක්.. හොරු හෙළිකරලා හොරුන්ට එරෙහිව ආණ්ඩුව ගෙනාවේ අපි. නමුත් දැන් අපි හොරු වෙලා හොරු නිදැල්ලේ ඉන්නවා.. දැන් ආණ්ඩුව කරන්නේ අපි නෙමෙයි ඒ හොරු.. ජනාධිපති තුමා ඒ හොරු අල්ලන්නත් එහෙනම් ජනාධිපති කොමිෂමක් දමා මේ වගේ ෆාස්ට් ෆෝර්වඩ් වැඩකරන්න. ඩිලාන්ලවත් අල්ලන්න..“ හරීන් ආවේගයෙන් පවසද්දී ජනාධිපතිවරයා හරීන්ගේ ඇඟට ගොඩ වුනේය. කොමිෂන් දැම්මේ තමා තනියම නොවේ යයි ජනාධිපති පැවසීය. එහිදී කබීර් හෂීම් එජාප මහ ලේකම්වරයා හරීන් වෙනුවෙන් ඉදිරිපත් වී ජනාධිපතිවරයාට “ජනාධිපතිතුමා හරීන්ලා කියන්නේ මේ ආණ්ඩුව ගේන්න කැප වෙච්චි මිනිස්සු. ඔහු කියන්නේ ඇත්තටම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හෘද සාක්කිය.“ යි පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිගේ සහ රාජපක්ෂලාගේ මාධ්‍ය එක පතේ එකට කමින්, ට්‍රෝජන් අස්පයන් සමග එක්ව සැබෑ හොරු ආරක්ෂා කරමින් හොරු එළැවීමට ආ අයට හොරු යැයි ලේබල් ගසා විනාශ කරන කුමන්ත්‍රණයට එරෙහිව හරීන් ඇතුළු තරුණ පිරිස සටන අරඹා තිබේ. පරීක්ෂණ අහවර වී ඇති සිය ගණන් හොරුන්ගේ ෆයිල් ගල් කර නඩු නොදමා තිබීමට එරෙහි සටන අරඹා තිබේ.. මහජන දේපොලක් වන බිලියන ගණන් වටිනා විද්‍යුත් සංඛ්‍යාත අත යටින් මහාරාජා පිනට ගත්තේ කෙසේදැයි සෙවීමේ සටන අරඹා තිබේ.

දැනගන්නට ඇති පරිදි තරුණයන්ගේ සටන සඳහා අගමැති රනිල් වික්‍රමසිංහගේ ද විරෝධයක් එල්ල වී නැත. සමහර විට මෙම සටන නිමා වනු ඇත්තේ අගෝස්තුවේ පරාජිත හොරු සමග හවුලේ ගසා ඇති සම්මුති ආණ්ඩුව අහවර වීමෙන් විය හැකිය.. අගෝස්තු ජනවරමේ බහුතරය හිමි එජාපයේ පිරිසට තවදුරටත් හොරුන්ගෙන් ගුටි කකා ඔලුව පාත් කරගෙන ඉන්නවාද? නොඑසේව හැරී සටන් කරනවාද යන්න ගැන තීන්දුවක් ගැනීමට බල කෙරී ඇත.

හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින් – ලංකා ඊ නිව්ස්

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!