page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / රුපියල් 25000ක දඩ මුදල 30000ක් දක්වා ඉහළට | මේ වැරදි නම් කරන්න හිතන්නවත් එපා..

රුපියල් 25000ක දඩ මුදල 30000ක් දක්වා ඉහළට | මේ වැරදි නම් කරන්න හිතන්නවත් එපා..

බාලවයස් කරුවෙකු රිය පැදිවීමේ දඩ මුදල 30000 දක්වාද , බීමතින් රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි පහක් සම්බන්ධ දඩ මුදල රුපියල් 25000 දක්වා ද ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව වලංගු රියදුරු බලප්‍රත්‍රයක් නොමැතිව රිය ධාවනය, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු රියදුරෙකු වශයෙන් සේවයේ යෙද වීම, බීමත්ව රිය පැදවීම, දුම්රිය හරස් මාර්ග වලට අපරික්ෂා කාරි ලෙස රිය ඇතුළත් කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රථ ධාවනය මෙම දඩ මුදල නියම විය හැකි වැරදි අතර වේ.

අධික වේගයෙන් රිය පැදවීම සඳහා නියම කෙරෙන දඩ මුදල වාහනය පැදවූ වේගය මත පදනම් වන අතර එය රුපියල් 3000 , 7000 , 10000 සහ 15000 වශයෙන් වනු ඇත. මේ අතර වමෙන් ඉස්සර කිරීමේ දඩය රුපියල් 2000 දක්වාද නොසැලකිලිමත් අයුරින් රිය පැදවීමෙ දඩය රුපියල් 10000 දක්වාද අපරික්ෂා කාරී ලෙස හෝ අනතුරු දායක ලෙසින් රිය පැදවීමේ දඩය රුපියල් 10000 දක්වා වැඩි කර තිබේ. බලපත්‍ර ලබා ගැනීමට සුදුසු වයස් සීමාවට වඩා අඩු වයසකින් යුතු පුද්ගලයකු රිය ධාවනය කළ විට පැනවෙන දඩය රුපියල් 5000 සිට 30000 දක්වා වැඩි කර ඇත.

හැමෝම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මින් ඉදිරියට උපත් පාලන කොපු පොලීසියට තහනම් – මහජනතාව ලග තිබුනට කමක්නෑ

පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!