page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake / ඇමැති රවි කරුණානාය අස්වුණත් ඇමැති වරප්‍රසාද පෙර පරිදිම

ඇමැති රවි කරුණානාය අස්වුණත් ඇමැති වරප්‍රසාද පෙර පරිදිම

හිටපු විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට තවදුරටත් ඇමැති වරප්‍රසාද ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ අනුව ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළව පත්කර තිබෙන කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට එකඟත්වය පළවී තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. එක් ඇමැතිවරයෙක්ට අමාත්‍යාංශ දෙකක් ලබාදුන් විට එක් අමාත්‍යාංශයකට  අදාළව කාර්ය මණ්ඩල පත්කරගත හැකි නිසා මෙසේ කාර්ය මණ්ඩල ඉවත් නොකරනු ඇතැයි ද ආරංචි මාර්ග පවසයි. මේ අතර රවි කරුණානායක හිටපු ඇමැතිවරයා සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවලට පත්වූ නිලධාරීන්ද ඉවත්  නොකරයි. ඒ අනුව එම ආයතනවල දැනට සිටින සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල එලෙසම  තබා ගැනීමට නියමිතව ඇත.

එසේම රවි කරුණානායකට ලබාදී ඇති ආරක්ෂාව ඉවත් නොකිරීමට එකඟත්වය පළවී තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග  වැඩිදුරටත් සඳහන් කරයි.

Check Also

අයින් වෙන්න – අයින් වෙන්න – අයින් වෙන්න, ජනපති මෛත්‍රී රවීට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!