page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Education / King Ravana / ඩෙංගු රෝගය සුව කරන හෙළ වෙදකමේ විශ්මිත රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න

ඩෙංගු රෝගය සුව කරන හෙළ වෙදකමේ විශ්මිත රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න

බටහිර වෛදය්‍ය ක්‍රමයට අනුව
• ඩෙංගු රෝගය යනු වෛරස් රෝගයකි.
• බොහෝ වෛරස් රෝග වගේම මෙම රෝගයත් ස්වභාවිකව ගොඩ නැගෙන ප්‍රතිශක්තිය මගින් සුවවෙන රෝගයක් ලෙස සලකනු ලැබේ.
• මේ සදහා ප්‍රති වෛරස් ඖෂධ සාර්ථක ලෙස නිපදවා නොමැත.

හෙළ වෙදකමට අනුව
• ඩෙංගු ඇතුළු සියළුම වෛරස් රෝග සදහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පදධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සහ එය ක්‍රමානූකූලව වේගවත් කිරීම තුලින් , අප ශරීරය තුලින් ගොඩ නැගෙන ප්‍රතිදේහ මගින් අපව ආරක්ෂා කර ගැනීම සහ ශක්තිමත් කිරීම සිදු කරනු ලබයි.

• මෙම හෙළ ප්‍රතිකාර ක්‍රියාවලියන් – ක්‍රම දෙකක් මගින් සිදු කරනු ලබයි.

(1)ඩෙංගු මූලික රෝග අදියර
1.0 ඩෙංගු රක්තපාත තත්වයට පත් නොවූ උණ අදියර
2.0 ඩෙංගු රක්තපාත තත්වයට පත් වූ අදියර
3.0 ඩෙංගු කම්පණ තත්ව – අදියර

(2)ඩෙංගු මූලික රෝග අදියර 1-2 සදහා ප්‍රතිකාර සකසා ගන්නා අයුරු.
1.0 සාමානය්‍ය උණ ලක්ෂණ
2.0 ඩෙංගු රක්තපාත තත්වයට පත් නොවූ උණ අදියර

පැපොල් ඉස්ම ප්‍රතිකාරය සාදා ගන්නා අයුරු
•ළපටි නොවන -මෝරපු නොමති නොමැති පැපොල් කොළ හොදින් සෝදා පිරිසිදු කර ගන්න.
•එය වතුර මිශ්‍ර නොකර වංගෙඩියක දමා හොදින් කොටා ගන්න.
•ඉස්ම හොදින් පෙරා ගන්න.

මාත්‍රාව
•වයස අවුරුදු 12 ට අඩු ළමුන් සදහා තේ හැදි 1ක් බැගින් උදේ සවස දින 2-3ක් බොන්න.
•වයස අවුරුදු 12 ට වැඩි අය සදහා මේස හැදි 1ක් බැගින් උදේ සවස දින 2-3ක් බොන්න.

මේ මගින් රුධිර පට්ටිකා ප්‍රමානය ඉහළ දැමීමක් සිදු කරනු ලබයි.

වඩා අවධානයෙන් සැලකිය යුතු කරුණක් :
2.0 ඩෙංගු රක්තපාත තත්වයට පත් වූ අදියර
3.0 ඩෙංගු කම්පණ තත්ව – අදියර
ඉහත 2.0 – 3.0 අවස්ථා වලදී මෙම ගස්ලබු යුෂ පානය නොකල යුතු අතර ඒ සදහා විශේෂ ප්‍රතිකාරයක් දිය යුතු බව අවධාරණයෙන් සලකන්න.

ඩෙංගු බැරෑරුම් අවස්ථා සදහා ප්‍රතිකාරය

2.0 ඩෙංගු රක්තපාත තත්වයට පත් වූ අදියර
3.0 ඩෙංගු කම්පණ තත්ව – අදියර

හෙළ වෙදකමට අනුව ඩෙංගු ආසාදිත ශරීරයේ ප්‍රතිශක්තිකරණ පදධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සහ එය ක්‍රමානූකූලව වේගවත් කිරීම තුලින් , අප ශරීරය තුලින්ම ගොඩ නැගෙන ප්‍රතිදේහ මගින් අපව ආරක්ෂා කර ගැනීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනු ලබයි.

ඖෂධ වට්ටෝරුව

වෙනිවල්ගැට,කොත්තමල්ලි,පත්පාඩගම්,අමු ඉගුරු, හීන් මදුරුතලා,අමු කහ මෙම සෑම වර්ගයකින්ම කලං 3 බැගින් ගෙන පත 16 : 2ට හිඳගන්න

මාත්‍රාව
•වයස අවුරුදු 12 ට අඩු ළමුන් සදහා
පත 1/2 ක් බැගින් සීනි තේ හැදි 1ක් සමග උදේ සවස දින 3-4ක් බොන්න.

•වයස අවුරුදු 12 ට වැඩි අය සදහා
පත 1ක් බැගින් සීනි තේ හැදි 1ක් සමග උදේ සවස දින 3-4ක් බොන්න.

මිනුම් දඩු
•පත 1 : අඩු කෝප්ප 1 : 150 මිලි ලීටර
•කලං 1 : 5 ග්‍රෑම්

ප්‍රතිකරය පිලිබදව තව දුරටත් පැහැදිලි කිරීමක්

කෂාය පානය කල හැකි අවස්ථා
•1.0 ඩෙංගු රක්තපාත තත්වයට පත් නොවූ උණ අදියර
•2.0 ඩෙංගු රක්තපාත තත්වයට පත් වූ අදියර
•3.0 ඩෙංගු ක්ම්පණ තත්ව – අදියර

ගස්ලබු/ පැපොල් යුෂ පානය කල හැකි අවස්ථා
•1.0 ඩෙංගු රක්තපාත තත්වයට පත් නොවූ උණ අදියර

හෙළ වංශයට මහත් අභිමානයක් මෙන්ම හෙළයන්ට පමනක් අනනය්‍ය වූ හෙළ වෙදකම ඇසුරෙන් ඔබ හට ඉදිරිපත් කල මෙම මාහැගි ඖෂධ වට්ටොරුව භාවිතයෙන් , සුවැති දනන් , නිරෝගී දැයක් බිහි වේවායි අපගේ ඒකායන පැතුමයි. ඒ වගෙම මෙය තවත් කෙනෙක්ට බලන්න පහතින් හැකිතාක් share කරන්න අමතක කරන්න එපා.

මෙම ලිපියේ PDF ගොනුව අවැසි අයෙක් වෙතොත් අපගේ නිල facebook පිටුවට inbox කරන්න

Check Also

මරණයේ දී වේදනාවක් දැනෙනවා කියන්නේ ඇත්තක්ද? – මැරෙණ මොහොතේදී සෑම කෙනෙක්ටම සිදුවන දේ මෙන්න

මරණය යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් බව ලෝක සම්මතයකි. එහෙත් එය හුදෙක් අනුමානයක් පමණක් බව කිව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!