page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / උඩුගම නරුම ගුරුවරයෙක් හය වසරේ සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කල හැටි මෙන්න

උඩුගම නරුම ගුරුවරයෙක් හය වසරේ සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කල හැටි මෙන්න

පාසල් ගුරුවර‍යෙකු විසින් තමන්ගේ සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිදුවීමට සම්බන්ද ගුරුවරයා ඇඹිලිපිටිය උඩුගම මහ විදුහලේ ගුරුවරයකු වන අතර එම පාසලේම 6 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු ඔහු අතින් මෙලෙස අපයෝජනයට ලක්ව තිබෙනවා.

සැකකාර ගුරුවරයා ඇඹිලිපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතරක් බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ පාසල් ගුරුවරයාට පසුගිය සිකුරාදා සිට වැඩ තහනම් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවද වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සදහන්.

Check Also

දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියට ගබ්සාව කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා නෑ

දූෂණයට ලක්වූ දස හැවිරිදි දැරියට ගබ්සාවක් කිරීම සඳහා දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!