page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි – ඉදිරිය තීරණාත්මකි

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි – ඉදිරිය තීරණාත්මකි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

රජය මෙම තීරණය එළබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී ලෙස සිදුකෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම කරුණූ දැක්වීමේ ප්‍රතිළුලයක් වශයෙන් දැනගන්නට තිබේ.

යහපාලන රජය බලයට පත්වී මේ වන විට වසර දෙකහමාරක් ගතවී ඇතත් හිටපු ජනපතිට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව කිසිදු පරික්ෂණයක් තවමත් අවසන් වී නැති බවද ඔවුන් පෙන්වාදී ඇත.

පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදීත් ඇමැතිවරුන් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.

Check Also

ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට | පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!