page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Astrology / බිස්නස් නොවැටෙන ගුරුකමක් අපිම කරගමු

බිස්නස් නොවැටෙන ගුරුකමක් අපිම කරගමු

බිස්නස් කෙරුවාව ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ’ඕනෑම ව්‍යාපාරයකින් එහි හිමිකරුවාට යහපත් ප්‍රතිඵල උදා කරන ජ්‍යොතිෂ ශාස්ත්‍රිය හා ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම ගණනාවක් තිබේ..

සුදුසු නැකතකට ව්‍යාපාරය ආරම්භ කිරිම සෑම දෙනෙක්ම පාහේ අනුගමනය කරයි.එය සාමාන්‍ය නැකතක් නොව ව්‍යාපාරික නැකතකි.එය වඩාත් සුවිශේෂි වන්නේ සුබ නැකත යෙදෙන තත්නාල ලගනයට හෝ දෙවැන්නට,දසවැන්නට හෝ එකළොස්වැන්නට බුධ ග්‍රහයා බලවත්ව සිටින ලෙස නැකත සෑදිමෙනි.ඊට අමතරව සදු ,ගුරු, සිකුරු හා ව්‍යාපාරිකයාගේ ලග්නාධිපති ග්‍රහයාද බලවත් ලෙස පිිහිටා තිබිම වඩාත් යෝග්‍ය වේ..

වඩාත් වැදගත් වන්නේ ව්‍යාපාරයට තබන නාමයයි.ව්‍යාපාරික නාමය පුද්ගලයාගේ නාමය හා අංක විද්‍යාත්මකව ගැළපිමෙන් මිත්‍ර අතිමිත්‍ර යෝනි ගලපමින් ව්‍යාපාරික නාමය සාදාගත යුතුවේ..

දෙවැනි කාරණාව නම් ව්‍යාපාරයේ නාම පුවරුවේ දිග පළල ප්‍රමාණයයි.යම් ව්‍යාපායකට සකස් කර එල්ලා තබන නාම පුවරුව හෙවත් බෝඩ් ලෑල්ල උස මෙන් තුන් ගුණයක් ,පස්ගුණයක්,හත් ගුණයක් දිගින් යුක්ත විම එම ව්‍යාපාරයේ සුබ ඵල උදා කිරිමට හේතු වෙයි.උස මෙන් දෙගුණය ,සිව්ගුණය,අටගුණය ව්‍යාපාරයෙන් පාඩු හානි සිදුවිමට හේතු වේ..

මේ සියල්ල සිදුකිරිමට පෙර තම ආගම සිහිකර තම ආගම සිහිකර ඒ අනුව වත් පිළිවෙත් සම්පුර්ණ කළ යුතු බව ඇතැම්හු අමතක කරති.ආගම දහම අනුව කටයුතු කරන විට දෙවියන් සිත් පැහැදි ආශිර්වාද කරන අතර එය ව්‍යාපාර දියුණුවට ප්‍රබල හේතුවක් වේ..ධන ලක්ෂ්මි ජීවම් සහිත යන්ත්‍රය ,තෙල් වර්ග ,සීවලි යන්ත්‍රය ,සීවලි රූපය,ලක්ෂ්මි දේව රූපය, බල ගන්වන ලද වාලම්පුරි පුදසුන් මත තබා නිති පුද දිම ව්‍යාපාර දියුණුවට හේතුවකි..

මෙම පුදුසුන උතුර,ඊසාන හා නැගෙනහිර දිසාවකින් එක් දිසාවකට පිහිටුවිම වැදගත්ය..උතුරු දිහාවට මුදල් කවු`එව ,සල්ලි ලාච්චුව,හෝ සෙප්පුව තැබිම මැනවි.උතුර කුවේරයාගේ දිසාවයි..කුවේර යනු ඉසුරින් පිරි ගිය පාලකයෙකි..

සදුන් කරඩුවක් ගලෙන් හෝ දැවෙන් එසේත් නැතිනම් ලෝහයෙන් කළ බුදු රුවක්, දෙව රුවක් නැතිනම් රිදි කාසි රන් රුවක්, මුතු මැණික් ,බෝ පත් ධන ධාන්‍ය පුදසුනෙහි තැන්පත් කිරිම වැදගත්ය.. විළද මී පැණි වැනි අවශේෂ ද්‍රව්‍යයද දේව සිත් පහදන සුලූය..එකී සියලූ ද්‍රව්‍යන්ගෙන් සමන්විත පුදසුනට උදේ සවස මල් පහන් පුදා දුම් ඇල්ලිමෙන් කරන කියන වෙළදාමේ දියුණුව පමුණුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ..

මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්න එපා

-ජ්‍යොතිෂවේදි නන්දන කුමාරපේලි-

Check Also

ඔබේ නිවසේත් මේ ලක්ෂණ තිබේනම් නිවසේ හෝ ඉඩමේ කොඩිවින භූත දෝෂ

දැනටමත් ඔබේ නිවසේ මේවා තිබිය හැක. විටක නවීන විද්‍යාවෙන් පවා ඔප්පු කර ඇති අමානුෂික දේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!