page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / යොවුන් වියේ තරුණ තරුණියන්ට හැදෙන ඉකිලි කැසීමට ප්‍රතිකාර සහ වළක්වා ගත හැකි ක්‍රම මෙන්න

යොවුන් වියේ තරුණ තරුණියන්ට හැදෙන ඉකිලි කැසීමට ප්‍රතිකාර සහ වළක්වා ගත හැකි ක්‍රම මෙන්න

ඉකිලි කැසීම” කියන්නේ ටිකක් ජනපි‍්‍රය රෝග තත්ත්වයක්. මේකට හේතුවෙලා තියෙන්නේ අපේ ඇවතුම් පැවතුම් නිසා කියලා කිව්වොත් නිවැරදියි. තරඟකාරී සමාජ ක්‍රමයක ජීවත්වෙන එක, මෙවැනි රෝග තත්ත්වයන්ට කොතරම් දායක වෙනවාද කියලාත් මීට හේතු ගැන සාකච්ඡා කරන කොට වැටහේවි. අද අපි “ඉකිලි කැසීම” හෙවත් Tinea Cruris කියන රෝග තත්ත්වය ගැන කතා කරමු.

මෙම රෝග තත්ත්වය තිබෙන බොහෝ දෙනෙකු තමන්ගේ ඉකිලිය ප්‍රදේශයේ, කලවා ප්‍රදේශයේ උඩට වන්නට හා ලිංගික අවයව දෙපස ප්‍රදේශයේ තදබල කැසීමක් විශේෂයෙන් දහඩිය දමන විට ඇතිවන කැසීමක් හෝ රවුම් ආකාරයෙන් හෝ කුඩා ප්‍රදේශයක පැතිරී ගිය Rash එකක් හෙවත් තද පැහැති සමේ රෝග තත්ත්වයකින් පෙළෙනවා. මේ රෝග ලක්ෂණ සමුහය කෙටියෙන් “ඉකිලිය කසනවා” හෝ ඉකිලියේ Rash එකක් ලෙස ඔවුන් හඳුන්වනු ලබනවා. මෙයට හේතු වෙන්නේ “දිලීර” කාණ්ඩයට අයත් විෂබීජ වර්ගයක්.

අපට ලෙඩ රෝග ඇති කරන විෂබීජ වර්ග, වෛරස, බැක්ටීරියා, දිලීර, ප්‍රොටසෝවා, හෙමටෝඩා පණුවන් ආදී ලෙස වර්ග කිහිපයකින් විස්තර කරනු ලබනවා. මේ අතරින් “දිලීර” කියන කාණ්ඩයට අයත් විෂබීජයක් වන Dermatophyte නම් වූ කොටසට අයත් විශේෂයක් මඟින් ලෙස හඳුන්වනු ලබන්නේ අපි එදිනෙදා ජීවිතයේදී දකින්නට ලැබෙන “පුස්” වර්ගයි. අපි හැමෝම දන්නා කාරණයක් තමයි දිලීර හෙවත් “පුස්” වලට හැදෙන්න අවශ්‍ය වන්නේ “තෙතමනය හා අඳුර” බව ඊට අමතරව දිලීරය පවතින්න කිසියම් මතුපිටක් ද අවශ්‍ය වෙනවා.

නිතර ඇඳුම් , යට ඇඳුම් ඇඟලාගෙන සිටින අපි දහඩිය මඟින් හා ස්නානය මඟින් අවශ්‍ය තෙතමනයත්, අඳුරත් , ඉකිලිය ප්‍රදේශයේ වැඩිපුර පිරිසුදු නොවෙනා කොටසේ මතුපිටින් මේ දිලීර වර්ධනය සඳහා අවශ්‍ය සාධක සපයා දෙනවා. මෙහිදී මම, “ස්නානය “ හෙවත් “නෑම” යන ක්‍රියාව ඇතුලත් කළේ රැකියා ආදී කටයුතු සඳහා උදෑසනම ස්නානය කර පිටත්වීමේදි අදාල ඉකිලි ප්‍රදේශය නිසි පරිදි වියළා ගැනීමට අවශ්‍ය උෂ්ණත්වය උදෑසන නොතිබීමත්, ඒ සමගම යට ඇඳුම් හා අනෙකුත් ඇඳුම් ඇදීම මඟින් එම තෙතමනය තවදුරටත් පවත්වාගෙන යාමත්, සිදු කරන නිසායි.

ඒ නිසා විශේෂයෙන් මෙම රෝග තත්ත්වය ඇති අය උදෑසනම ඉකිලිය තෙමීමට ලක්කර ඇඳුම් අඟලා ගෙන යාම රෝග තත්ත්වය උග්‍ර කරවන්නක් ලෙස හැඳින්විය හැකි වෙනවා. මෙහිදී “ස්නානය” කිසිවිටෙකත් අවශ්‍ය නොවන බැව් පාඨක ඔබ වරදවා වටහා ගත යුතු නැහැ. ස්නානය හෝ පිරිසුදු කිරිමෙන් පසුව වියළීමට අවශ්‍ය කාලය ලබා දීම මෙහිදී ඉතා වැදගත් වෙනවා.

මීට අමතරව ඝනකම රෙදි වර්ග (උදාහරණ ලෙස ඩෙනිම් කලිසම්) සමඟ සිදුවන අධික දහඩි දැමීමද, සමහර රැකියා සහ ක්‍රීඩා වලට ආවේනික ලෙස සිදුවන අධික දහඩිය දැමීමද මෙම රෝග තත්ත්වය වැඩිදියුණු කරන බැව් සඳහන් කළ යුතු වෙනවා.

රෝගය සෑදීම, පැතිරිම හා බෝ වීම වැළැක්වීමට ඉහත කාරණා සඳහා අවධානයක් යොමු කරවිය යුතුම වෙනවා. මෙහිදී ස්නානයෙන් පසුව ඉකිලිය වියළි වීමට ඉඩහැරීමට භාවිතා කරන තුවාලයක් වැනි දෑ බෙදා හදා නොගැනීමත්, ක්‍රීඩා ආදියෙන් පසුව ස්නානය කිරීමත් වැදගත් වෙනවා.

මෙම රෝග තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ ගැන තව දුරටත් විමසා බලමු. ඉකිලිය ප්‍රදේශය කැසීමට අමතරව කිසියම් දැවිල්ලක් වැනි සංවේදනයක් ද ඇති විය හැකි වෙනවා. රෝගය ඉකිලි ප්‍රදේශයට අමතරව, කලවේ උඩ ප්‍රදේශයටත්, ගුද මාර්ගය ප්‍රදේශයටත්, ලිංගික අවයව ඇති ප්‍රදේශයටත් පහසුවෙන් පැතිරී යනු හැකි වෙනවා. රෝගය සෑදුණු ප්‍රදේශය රතු , දුඔුරු පැහැති, කසන විට කුඩු කුඩු ලෙස කොටස් හැළී යන හෝ අදාල සම මඳක් පුපුරා යන ලෙස හෝ දක්නට ලැබෙනවා. මීට අමතරව අදාල රෝගී ප්‍රදේශය CANDIDA ලෙස හඳුන්වන තවත් දිලීර වර්ගයක්ද ප්‍රති ආසාදනය විය හැකි වනවා.

රෝගයට ඇති ප්‍රතිකාර ගැන සඳහන් කිරීමේදී දිලීර නාශක ක්‍රීම්, ආලේපන හෝ දියර වර්ග වෛද්‍යවරයා විසින් නියම කරනු ලබනවා. මෙහිදී Azole නම් වූ රසායනික කාණ්ඩයට අයත් නොයෙකුත් ඖෂධ ක්‍රීම් හා ආලේපන වර්ග ජනපි‍්‍රය ලෙස භාවිතා කරනු ලබනවා. දිලීර ආසාදන නිසා ඇතිවන “කැසීම” අධික නම් ඒ සඳහා Steroid කාණ්ඩයට අයත් ක්‍රීම් වර්ග දිලීර නාශක සමඟ මිශ්‍රකර ආලේප කරනු ලබනවා. කිසිවිටෙකත් “කැසීම” යන රෝග ලක්ෂණ පමණක් සඳහා වූ Steroid ක්‍රීම් වර්ග දිලීර නාශක නොමැතිව භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ.

මෙහිදී “දිලීර ආසාදනය” තරමක් උග්‍ර අතට පත්වීමක් සිදුවනවා වෛද්‍ය උපදේශයකින් තොරව, ඖෂධ හල් මඟින් ලබා ගන්නා කැසීම සඳහා පමණක් වු ඉබඥපධඪඤ ආලේපන භාවිතයෙන් රෝග තත්ත්ව උග්‍ර වී රෝග ලක්ෂණ තරමක් වෙනස් වූ සමේ රෝගයක් ලෙස වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් වන අවස්ථා අපි අත්දැක තිබෙනවා. මේ නිසා මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය උපදෙස් හා වෛද්‍යවරයාට අදාල ස්ථානය මනා ලෙස පෙන්වීම සඳහා පහසු ඇඳුමක් ඇඟලාගෙන යාමත් ඉතා වැදගත් වනවා.

මීට අමතරව, මින් ඉහත විස්තර කර දුන් ආකාරයට රෝගය වැළැක්වීමත්, විශේෂයෙන් රාත්‍රී කාලයේදී ඉකිලිය ප්‍රදේශය වියළිව තබා ගැනීම පහසුවන පිණිස ඇඳුම් ඇඳීම හා සුළං වැදීමට පහසුවන ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමත්, ස්නානය කරන විට ඉකිලිය ප්‍රදේශය සබන් ගා අතුල්ලා මනා ලෙස පිරිසුදු කර ගැනීමත් ප්‍රතිකාරයේ කොටස් වෙනවා.

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

One comment

  1. He visto su video “Cuál es tu precio…” y me parece deplorable el uso de la concepción mercantilista de la vida humana como metáfora para inducir a las personas a realizar un autoanálisis de su vida de relación, y que lo utilice un psicólogo de llegada internacional, que se dedica a promover la educación de las personas para un supuesto mejoramiento de su calidad de vida y de relación, me parece, cuando menos, grave. Sr. Ros, sus opiniones influyen en las personas que tienen, lamenteblemente, poca información sobre psicología, sociología, educación y política, entre otras disciplinas, de modo que sería conveniente que Ud. se autoevalúe a sí mismo y a sus métodos, y evite banalizar esta disciplina, lamentablemente “abusada” con supuestos fines educativos y de autoayuda. El mercantilismo aplicado como Ud. lo hace genera mucho mal en la educación de las personas, pues las cosifica, aunque pretenda ser inocuo, al dar por supuesto que todo es “comprable” y “vendible”, aún cuando se trate de aspectos inasibles como lo son la mente, la psiquis y el espíritu. Lic. M.T. Smith
    best buy mobile coupons http://www.bestbuy-coupons.com/listing-category/best-buy-mobile-coupons

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!