page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Uncategorized / නව විදේශ ඇමති ලෙස තිලක් මාරපන ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව විදේශ ඇමති ලෙස තිලක් මාරපන ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව විදේශ කටයුතු අමාත්‍ය ලෙස තිලක් මාරපන මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ඒ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගින් හිස්වූ විදේශ කටයුතු අමාත්‍යධුරය සඳහාය. තිලක් මාරපන මහතා සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

තිලක් මාරපන මහතා ජනාධිපති නීතිඥවරයෙකු වන අතරම ඔහු නීතිපති වශයෙන්ද කටයුතු කර තිබේ. මීට ඉහතදී ඔහු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඇවන්ට්ගාඩ් නඩුව හේතුවෙන් ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය. කෙසේ වෙතත් පසුගිය කැබිනට් සංශෝධනයේදී ඔහු සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා ලෙස නැවත පත්වීම් ලැබීය.

Check Also

අද 2017 ජූලි මස 07 වන සිකුරාදා – අද දවස ඔබේ ලග්නයට කොහොමද?

-මේෂ ලග්නය අද දවසේ ඔබගේ අලුත් බලාපොරොත්තු ඇති වෙන අතර ඒවා හැකි වන දවසක් ලෙසින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!